Apr 23

උපේඛා සතුටින් ඉන්නේ විශේෂ කෙනෙක් නිසාලු දෑන්ම කියන්න බෑ කියන්නේ

• කොහොමද ජීවිතේ?

හොඳයි. හුඟක් හොඳින් ඉන්නවා.

• උපේඛා ස්ටාර් සිටි එක්කත් කාර්යබහුලයි වගේ?

ඔව්. මේ දවස්වල ඒ වැඩ එක්කත් කාර්යබහුලයි. මම නර්තනය හැදෑරුවේ අවුරුදු 7 දී 8 දී විතර. ඒත් උඩරට නර්තනය විතරයි. මේක මට නර්තනයටත් හොඳ අත්දැකීමක්.

• උපේඛා එකම නාළිකාවකට විතරක් හිර වෙලාද?

එහෙම නැහැ. මම මේ ළඟදි ජාතික රූපවාහිනියේ ලොකු වැඩසටහන් දෙකකට එකතු වුණා. ඒකට හොඳ ප්‍රතිචාර තියෙනවා.

• ඒත් නිතරම දකින්නෙ එකම නාළිකාවක නේ....?

වෙනත් නාළිකාවල වැඩසටහන්වලට මම සහභාගි වුණාට දෙරණ තමයි පවුල වගේ ඉන්නෙ. දෙරණෙ තමයි ගොඩක් වෙලාවට මම ඉන්නෙ.

• උපේඛා තනි මතයට වැඩ කරන කෙනෙක්ද?

නෑ එහෙම නෑ.

• අමාරුවෙ වැටෙයි කියන බයටද අනික් අයගෙ

මතයට ඉඩ දෙන්නෙ?

මෙහෙමයි. මම අනික් අයගෙ අදහස් බලනවා. විශේෂයෙන් අම්මා, තාත්තා සහ යාළුවො කියන දේවල් අහනවා.

• ජීවිතයේ ලැබුණ දේවල් ගැන මොකද හිතන්නෙ?

ලැබුණ දේවල් නම් ගොඩක් සතුටින් භාර ගන්නවා. මට ලැබුණ දේවල් අනුව මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතෙනවා.

• ඒ වගේම ජීවිතේ මඟ හැරුණ දේවල් ගැනත් සතුටු වෙනවද?

සතුටු වෙනවා ගොඩක්. මඟ හැරුණ දේවල් ගැන දුක් වෙන්නෙ නම් නැහැ.

• පහුගිය කාලේ රට අතහැරලා යනවා කියලා හිටියනෙ.

ඒ අදහස වෙනස් කර ගත්තද?

රට අතහැරලා යනවා නෙමෙයි. අධ්‍යාපනය සඳහා ලංකාවෙන් පිටත් වෙන්න හිටියේ අවුරුදු දෙකකට වගේ. ලංකාව අතහැරලා යන්නෙ නැහැ.

• ප්‍රසංග වේදිකාවේ ගීත ගායනයේදී ප්‍රේක්ෂකයන් එක්ක ගනුදෙනු කරන ආකාරයට කාගෙන්වත් දෝෂාරෝපණ ඇවිත් නැද්ද?

අනේ නැහැ. එදා වගේම අදටත් මම ඵබචඨඥ එකට නැග්ගම ප්‍රේක්ෂකයන්ගේ චියර් එක තියෙනවා.

• රසිකයන් අතරට ගීතයක් ගේන්න උපේඛා ගොඩක් කල් ගන්නවා නේද?

මෙහෙමයි. අපි ඇත්තටම සින්දු ගොඩක් කරනවා. ඒවයින් මිනිස්සු අතරට යන්නෙ ස්වල්පයයි. ඒක ඉතින් සින්දුවේ වාසනාව අනුව තමයි තීරණය වෙන්නෙ. අනික හොඳම දෙයක් එන්න ටිකක් කල් යනවනෙ.

• ගීතයක් කරද්දි ගොඩක් හිතලා බලනවද?

ඔව්, මට සින්දුවක් ආවම මෙලඩි, ලිරික්ස් බලනවා. ථභඵඪජ කොහොමද, ඒ වගේම කවුද කරන්නෙ කියලා හොයලා බලලා තමයි සම්බන්ධ වෙන්නෙ. මට ඒවා හරි ගියේ නැත්නම් ඒ ලැබෙන වැඩ මඟ හැරලත් තියෙනවා.

• සමහරු කියනවා උපේඛා දැන් වෙනස් වෙලා කියලා. ඇත්තටම උපේඛා වෙනස් වෙලාද?

එහෙම නම් විශේෂ වෙනසක් වෙලා නැහැ. හැබැයි මම සතුටින් ඉන්නවා.

• දැන් උපේඛාට විශේෂ වුණ කෙනෙකුත් ඉන්නවා කියලා තමයි ආරංචිය?

ජීවිතයට විශේෂ අය ඕන තරම් ඉන්නවනෙ. පවුලේ අය. යාළුවො වගේ.

• ඒ ඇරෙන්න වෙන විශේෂ කෙනෙක් ඇත්තෙම නැද්ද?

ඉස්සරහට බලමු නේද ඒ ගැන. අලුතෙන් කෙනෙක් එකතු වෙනවද නැද්ද කියලා. එහෙම විශේෂ කෙනෙක් ඉන්නවද නැද්ද කියලා පස්සේ කාලෙක කියන්නම්. දැන්ම ළඟ වැඩියිනේ.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.