Apr 04

වේල්ගම ගෙන කියන කතා ඈහින් දෑක්කා වගෙ කියන බොරු කියන්නේ

පුරා වසර විසිහතක් සිය ජනප්‍රියතාව එකසේ රඳවා ගනිමින් රංගන ක්ෂේත්‍රයේ රැඳී ඉන්නට කාට හෝ හැකිවේ නම් එය සැබැවින්ම භාග්‍යයකි. එවන් භාග්‍යයක් උරුම කරගත් රංගන ශිල්පිනියක් ලෙස නයනා කුමාරි හඳුන්වා දිය හැක. මෙවර අපි එකතු කරගන්නේ ඇයවය. නිළියක ලෙස වගේම ගැහැනියක ලෙස ජීවිතයේ විඳි සතුට හා දුක පිළිබඳව ඇය අප සමග අදහස් හුවමාරු කරගත්තේ මේ විදියටය.

සතුට හා දුක ඉතාමත් කෙටියෙන් විස්තර කරන්න කියලා කිව්වොත් ඔබ කොහොමද එය විග්‍රහ කරන්නේ?
සතුට යනු සතුටය. දුක යනු දුකය කියලා තමයි කියන්න තියෙන්නේ. කෙටියෙන්ම පැහැදිලි කරන්න තමයි ඔය පිළිතුර හරියන්නේ. එහෙම නැත්නම් ඉතින් ඔය හැඟීම් දෙක ගොඩාක් පුළුල්ව පැහැදිලි කළ යුතු ප්‍රබල හැඟීම් දෙකක්.

ඔබ කලා ජීවිතයේදී විඳපු ලොකුම සතුට කුමක්ද?
හා හා පුරා ටෙලිනාට්‍ය රඟපෑම තමයි. ඉන්පසුව මම රඟපෑ ටෙලිනාට්‍ය විකාශය වීම. ඊටත් පසුව මා නිළියක් ලෙස ජනප්‍රිය වීම. මට මේ හැම අවස්ථාවක්ම සතුටුදායක අවස්ථාවන්. හැබැයි ඒ අතුරින් අංක එක විදියට සඳහන් කරන්න පුළුවන් මම රංගනයට පිවිසි අවස්ථාව. ඒ වේදිකාව තුළින්. ඔතෙලෝ නාට්‍යය තුළින් තමයි මම හා හා පුරා වේදිකාවට ආවේ.

කලා ජීවිතයේදී විඳපු ලොකුම දුක මොකක්ද?
ඒ වගේ අවස්ථාවක් නම් නැහැ.

නිළියක් වුණාම නොයෙක් කටකතා පැතිරෙනවා. පහුගිය කා‍ලේ මේ රටේ ප්‍රබල චරිතයක් සම්බන්ධ කරලා ඔබට දරුණු කටකතාවක් පැතිරිලා ගියා. ඒ වගේ දේවල් ඇහෙද්දී ඔබට මොකද හිතුණේ?
ඇහින් දැක්කා වගේ සමහරු සමහර බොරු කතා කියද්දී කාටද දුක හිතෙන්නේ නැත්තේ? ඒත් මගේ මහත්තයා හරිම බුද්ධිමත් විදියට ඒ ප්‍රශ්නය දිහා බලලා මගේ හිත හදන්න මගේ ළඟ හිටපු හින්දා දුක තුනී වුණා. බල්ලෝ හපන්නේ නාඳුනන අයව මිසක් අඳුනන අයව නමෛයිනේ. ඔය දේවල් කියන්නෙත් මාව ඇසුරු කරලා නැති, මම ගැන දන්නේ නැති කොහේදෝ ඉන්න කට්ටියක්. ඒ විදියටම හිතලා මම හිත හදාගත්තා.

සාමාන්‍ය ජීවිතයේදී ඔබ වැඩියෙන්ම සතුටු වුණේ?
මම පංච කල්‍යාණිය විදියට කිරුළ දැරූ අවස්ථාවේදී සහ විවාහය වූදා මම ගොඩාක් සතුටු වුණා. හැබැයි ජීවිතයේ වැඩියෙන්ම සතුටු වුණේ 2005.12.14 දා. එදා තමයි මගේ පුතා ඉපදුණේ.

සාමාන්‍ය ජීවිතයේදී වැඩියෙන්ම දුක්වුණේ කවදාද?
මගේ අක්කගේ සැමියා හදිසියේම ජීවිතයෙන් සමුගත්තු දවසේ.

නයනා හින්දා වෙන අය සතුටු වූ අවස්ථා වගේම දුක්වූ අවස්ථාත් ඇති?
මම හින්දා අම්මා ගොඩාක් සතුටු වෙලා තියෙනවා. මම හින්දා වෙන කෙනෙක් දුක්වූ අවස්ථා ඇති. ඒවා මම දන්නේ නැහැ. කාලෙකට ඉස්සර මම ඉස්කෝ‍ලේ හතේ පන්තියේ ඉගෙන ගනිද්දී සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගත්තු පිරිමි ළමයෙක් මම හින්දා තදබල විදියට දුක්වූ අවස්ථාවක් තිබුණා. ඒ ළමයා ආදරය ඉල්ලමින් මගේ පසුපස ආවා. මම එයාට බැණපු අවස්ථා ගොඩාක් තියෙනවා. ඒ ආදරයේ වේදනාව හින්දම ඒ ළමයට සාමාන්‍ය පෙළ විභාගයත් හරියට කරගන්න බැරිවුණා. අද නම් එයා කොහේ ඉන්නවද කියලා මම දන්නේ නැහැ. මම දන්න විදියට මම හින්දා වෙන කෙනෙක් වැඩියෙන්ම දුක්වූ අවස්ථාවක් තමයි ඒ.

ආරියවංශ කුලතිලක
මුලාශ්‍ර - ලක්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.