Apr 09

මම කැමැති අය මට කැමැති නැහැ මට කැමැති අයට මම කැමැති නැහැ

මේනකා ආයෙත් රංගනයට තැන දීල කියලා ආරංචියි?

ඔව්. මම ආයෙත් වැඩ පටන් ගත්තා. ලස්සන චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. ටෙලි නාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වුණා. ඒ නිර්මාණ ඉදිරියේදී ප්‍රේක්ෂකයෝ අතරට එයි.


ලොකු කාලයක් රංගනයෙන් නිහඩ වෙලා හිටියේ ඇයි?

මගේ ෂොප් එකේ වැඩවලට මම යොමු වෙලා හිටියා. ඒකයි මම අවුරුදු එකහමාරක් විතර වැඩ නොකළේ.

සමහරු නම් කියන්නේ මේනකාට වැඩ අඩු වුණා කියලා?

මට වැඩ අඩු වුණේ නැහැ. ආරාධනා ඕන තරම් ලැබුණා. මම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. මොකද මට ලැබුණේ ඒකාකාරී චරිත. විවිධ චරිත කරන්න මම කැමැතියි. වෙනස් චරිත ලැබුණා නම් මම මොන වැඩ තිබ්බත් සම්බන්ධ නොවී ඉන්නේ නැහැ. ඒකාකාරී චරිත ලැබුණු නිසා තමයි ඒ වැඩ මඟහැරියේ.

ලැඛෙන ඕන වැඩක එල්ලිලා මුහුණ පෙන්නගන්න මේනකාට වුවමනාවක් නැද්ද?

රංගනය කියන්නේ මගේ වෘත්තිය නෙවෙයි. මට හැම වැඩකම, හැම තිස්සෙම මුහුණ පෙන්නගන්නත් වුවමනාවක් නෑ. මම ඉවසීමෙන් මේ ගමන යන්නේ. හොඳ වැඩ ලැබුණොත් මම කරනවා.

ඉවසීමට දැන් ප්‍රතිඵල ලැබිලද තියෙන්නේ?

ඔව්. මට දේවල් ඉක්මනින් ලැබුණේ නැහැ. ඉවසගෙන බලාගෙන හිටපු නිසා මට වෙනස් වෙනස් චරිත කිහිපයක්ම ලැබුණා. ඒවට සම්බන්ධ වුණා. ඒවා විකාශය වෙනකල් මම දැන් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා.

නිතර නිතර පේන්න ඉද්දිත් ගොසිප් හැදෙනවත් වැඩිලූ‍. මේනකා කාලයක් නිශ්ශබ්ද වුණේ ගොසිප්වලට බයේ නෙමෙයිද?

මම ගොසිප්වලට බය නැහැ. හැබැයි ගොසිප් දකිද්දි මට දුකයි. මම ඒවට වැටෙන්නේ නෑ. ජනප්‍රියත්වය එක්ක ඔය දේවල් සිද්ධ වෙනවා. කොහොම හිටියත් හැදෙන කටකතා හැදෙනවා. කටකතා හදන මඩ ගහන ගොසිප් පතුරන අයට මම කියන්නේ මිනිස්සුන්ගේ හොඳ ටිකකුත් ඔය අතරට දාන්න කියලා. එක වෙලාවකට හිතෙනවා තව කෙනෙක්ට ගොසිප් ගහලා බඩ පුරවා ගන්න හදන මිනිස්සුන්ට අපි කරන්නේ පිනක් කියලා.

කාලයක් පේන්න නොහිටිය නිසා මේනකාගේ ජනප්‍රියත්වයට හානියක් වෙලා නැද්ද?

පේන්න නොහිටියා කියලා මගේ ජනප්‍රියත්වය අඩුවෙලා නැහැ. මාව මිනිස්සු හඳුනනවා. ලැඛෙන ප්‍රතිචාර ඒ විදියටම ලැඛෙනවා.

ලිංගික විපර්යාසයකට මුහුණ දුන්නලූ‍ නේද?

ඔය කියන්නේ මම සම්බන්ධ වුණ ''අනෝරා'' කියන චිත්‍රපටය ගැනනේ. ඒ චිත්‍රපටය හෙක්ටර් කුමාරසිරිගේ. එහි නර්තන ශිල්පිනියකගේ චරිතයක් මම නිරූපණය කරන්නේ. ඒ චරිතය ලිංග විපර්යාසයකටත් ලක්වෙනවා. ඉතිං මට ගැහැනු චරිතයක් සහ පිරිමි චරිතයක් ඒ චිත්‍රපටයේ නිරූපණය කරන්න තිබුණේ. ඒක අභියෝගාත්මක චරිතයක්. මම ඒ චරිතය හරිම ආසාවෙන් කළේ. මම කොහොමත් වෙනස් චරිතවලට කැමති කෙනෙක්.

නට නට ඉන්න මේනකාගේ නර්තන හැකියාවන් පෙන්වන්න මේක හොඳ අවස්ථාවක් වෙන්න ඇති?

ඔව්. මම නර්තන ශිල්පිනියක් කියන කාරණය මේ චරිතය මට ලැඛෙන්නත් හේතුවක් වෙන්න ඇති. මම හරිම කැමැත්තෙන් ඒ අවස්ථාවට සම්බන්ධ වුණේ.

දැන් ආක්‍ෂා එක්ක තිබ්බ යාළුකමට මොකද වෙලා තියෙන්නේ?

ඒ යාළුකම තාම එහෙමම තියෙනවා.

හැබැයි ඉස්සර වගේ ආක්‍ෂායි මේනකයි එකට දකින්න ලැඛෙන අවස්ථා අඩුයිනේ?

අපි දෙන්නාගේ ඡායාරූප නිසා අපේ ජීවිතවල ගොඩක් දේවල් වෙනස් වුණා. ඒ නිසා මමමයි ආක්‍ෂාට කිව්වේ අපේ පින්තූර දාන්න එපා කියලා. කොහොමත් පින්තූරවලින් යාළුකම පෙන්වන්න බෑ. අපේ යාළුකම අපි අතර තාම තියෙනවා.

ජීවිතේ වෙනසක් වෙනුවෙන් තීරණයක් අරගෙන නැද්ද?

ඔය අහන්නේ විවාහය ගැනනේ. ඇයි අනේ ඒකට හදිස්සි වෙන්නේ. ජීවිත කාලයටම ඉන්න කෙනෙක් හොයා ගන්නත් ඕනෙනේ.

එහෙම කෙනෙක් හොයාගෙන නෑ කියලද කියන්නේ?

නෑ අනේ. හම්බුණා නම් මේ වගේ තනිකඩව ඉඳියිද?

හැබැයි හිත ගියපු අය වගේම හිත ඉල්ලගෙන එන අයත් ඉන්නවා කියලා තමයි ආරංචි?

හිත ගියපු අය ඉන්නවා. ආදරේ ඉල්ලගෙන එන අයත් ඉන්නවා. වැඩේ තියෙන්නේ මම කැමැති අය මට කැමැති නැහැ. මට කැමැති අයට මම කැමැති නැහැ. ඒකනේ ප්‍රශ්නෙ.

තිළිණි කෞශල්‍යා විෙජ්සිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.