Mar 07

වැස්සියට මහ මගදී සෑත්කමක් කළ අපේ කාලයේ දොස්තර මහතා

මුදල් පසුපස මිනිසුන් යන කාලයක හරි අපුරු කතා පුවතක් සමාජ ජාලතුල වාර්තා වේනවා. තම වාහනයට හෑපුනු වැස්සියට මහ මගදී සෑත්කමක් කල තරුණ දොස්තර මහතෙකු පිළිබදව පළවන මේම පුවත අටුවා ටිකා තිප්පනි නෑතුව අප සමාජ ජාලතුල වාර්තා වුන අයුරින්ම වාර්තා කරන්නේ එම තරුණයට කරන ඈගයීමක් ලෙසිනි.

අසංග රනිල් ද අල්විස්ගේ මුහුනු පොතේන් උපුටා ගෑනීමකි

මෙම සිදුවීම වූයේ 2017/03/04 දිනයි. මාගේ සොහොයුරා වන මහරගම පිළිකා රෝහලේ ශල්‍ය ව්‍යිද්‍ය රන්දිල් ප්‍රමෝද් ද අල්විස් ඔහුගේ බිරිදගේ නැගණියගේ විවාහයේ දෙවැනි ගමන උත්සවය සදහා පිටත් වීමට එදින උදැසන 8.30 ට පමණ වැලිසර සිට කුරුණෑගල බලා තම මෝටර් රථයෙන් පිටත් විය.

ඔහු විසින් උදැසන 9ට පමණ ඔහු විසින් මා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් කියා සිටියේ " ඒකල දී කාර් එකට හරකෙක් හැප්පුනා පුලුවන්නම් එන ලෙසය".

මා එම ස්ථානයට යන විට උදැසන 9.30 පමණ විය. කුරුණෑගල 05 බස් මාර්ගයේ ඒකල ිමඩම හන්දියේ සිය මීටර් 300 පමණ මිනුවන්ගොඩ දෙසට යන විට මා හට දැක ගත හැකි වුයේ දැඩි මාර්ග තදබදයක් හා සෙනග වටවී සිටින අයුරුයි.

එම ස්ථානයට ගිය විටදී මා හට දැකගත හැකි වුයේ මාගේ සොහොයුරා විසින් මෙම සත්වයාට ශල්‍යකර්මයක් සිදු කරන අයුරුයි. ඒ වන විටත් එහි බොහෝ කොටසක් ඔහු විසින් අවසන් කර තිබිණි.

මෙම අනතුර ඇසින් දුටුවන් පැවසුවේ මෙම වැස්සිය පිටුපස බල්ලෙකු එලවා ඇති අතර බියවූ වැස්සිය ප්‍රධාන මාර්ගයට වේගයෙන් දිව ආ බවත් ඒ සමගම මාගේ සොහොයුරාගේ කාර් රථයේ ගැටුණු බවත්ය.

මා යන විටත් වස්සියගේ අයිතිකාරියද පැමිණ සිටි අතර ඇය වයස්ගත දිලිදු කාන්තාවක් බව පෙනුනි.

ඇසින් දුටුවන් පැවසුවේ අනතුර සිදුවූ වහාම මාගේ සොහොයුරා කාර් රථය නවතා පැමිණ එතන සිටි ඇය සමග සතාව මහා මාර්ගයෙන් ඉවත් කරගත් බවයි.

සතාගේ ඉදිරි පාද දෙකම කාර් රථයේ බොනට්ටුවේ වැදීම නිසා එක් පාදයක අස්ථියක් බිදී එලියට පැමිණ තිබිණි.

මා යන විටත් මාගේ සොහොයුරා එම බිදී ගිය අස්ථිය සකසා මැහුම් දමමින් සිටි අතර එම අනතුර අහම්බෙන් දැක එම ස්ථානයට පැමිණි කොළඹ ජාතික රෝහලේ තාක්ෂණික ශිල්පී මහත්මෙයෙකුද අවශ්‍ය බෙහෙත් හා ශල්‍ය උපකරණ ජා ඇල ට ගොස් ගෙන එමින් ඒ සදහා සහයෝගය දැක්වූ අතර ඒ අසල සිටි ඉලෙක්ට්‍රික් වැඩපලක මහත්මයෙක්ද සහයෝගය ලබා දුනි.

අවසානයේ සාර්ථක ශල්‍ය කර්මයකින් පසු සතා අයිතිකාරිය පින් දෙමින් රැගෙන යන ලදී.

මල්ලි විසින් වාහනයේ රක්ෂණයට දැනුම් දුන්නේ ඉන් පසුවය, ඔහු රථයට සිදුවී ඇති හානිය දැක්කේ එවිටය.

රථය පණගන්වන්නට පවා නොහැකි ලෙස එන්ජිම කොටසද හානි වී තිබිණි.ඉන් පසුව එය ලොරියකට පටවා ගරාජයක් වෙත ගෙනයන ලදී.

මෙහි ඇති වටිනාම නම් "තමාගේ කිසිදු වරදකින් මෙම අනතුර සිදු නොවුවත් හරි වැරැද්ද තබා තමාගේ වාහනය හෝ තමා පිටත්වන්නට ගිය ගමන ගැන හෝ නොසිතා පළමුව සතාගේ ජීවිතය බේරාගන්නට කරන ලද කැපකිරීමයි.

තම ශල්‍ය ව්‍යිද්‍යා දැනුම මිනිසුන්ට මෙන්ම තිරිසන් සතාටත් එකසේම ලබා දුන් සොයුර ඔබ ගැන මා හට කියන්න වචන නැත.

අවසන් වශයේ කියන්නට ඇත්තේ රුපියල් ලක්ෂ 120 ක් තිබු පමණින් ජීවකයකු විය නොහැකි බවත් ඉන් ඔබ්බට ගිය මුළු මිනිස් හා සත්ව සංහතියටම දායාද කල හැකි මෙත්තා ගුණය හදවත් තුල තිබිය යුතු බවත්ය




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.