Mar 06

ශ්‍රී ලංකාවේ ප්‍රකෝටිපතියෝ 13,000 ක් තොරතුරු මෙන්න

මීළග වසර දහයක කාලය තුළ දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ නගරය තුළ වෙසෙන සුපිරි ධනවතුන්ගේ ප්‍රමාණය සියයට 160 කින් ඉහළ යනු ඇති බව එක්සත් රාජධානියේ දේපළ උපදේශන සේවා සමාගමක් වන Knight Frank විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ඒ අනුව ඉදිරි දශකය තුළ කොළඹ නගරයේ ඩොලර් මිලියන 30 ක් හෙවත්රුපියල් බිලියන 45කට වඩා ධනයකට හිමිකම් කියනු ලබන පුද්ගලයින් සංඛ්‍යාව 182 ක් වන බවට මෙම වාර්තාව මඟින් පුරෝකථනය කර තිබේ.

වසර 2026 වන විට හෝ චි මින් නගරයේ සිටින සුපිරි ධනවතුන් ප්‍රමාණය 2016 වසරේ වාර්තාවූ 90 දෙනාට වඩා සියයට 170 කින් 243 දක්වා ඉහළ යන බවත්, ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ වෙසෙන සුපිරි ධනවතුන්ගේ ගණන 2016 දී වාර්තා වූ 70 දෙනාට වඩා සියයට 160 කින් 182 දක්වා ඉහළ යන බවත් මෙම වාර්තාවේ දක්වා ඇත.

මේ අනුව වර්ධනය අතින් ඉදිරි දශකය තුළ වියට්නාමයේ හෝ චි මින් නගරයේ දී දක්නට ලැබෙන, ඩොලර් මිලියන 30 කට වඩා ධනයකින් හෙබි සුපිරි ධනවතුන්ගේ සියයට 170 ක වර්ධනය හා සැසඳීමේ දී සියයට 160 ක වර්ධනයක් වාර්තා කරමින් මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බව Knight Frank හි අදහසයි.

Knight Frank විසින් එළිදක්වන ලද 2016 වාර්තාවට අනුව කොළඹ නගරය තුළ ඇමරිකානු ඩොලර් මිලියනයකට වඩා හිමිකම් කියන්නන් 3,400 ක් වෙසෙන බව සඳහන් කර ඇති අතර එයින් 170 ක් දෙනා ඩොලර් කෝටියකට (මිලියන 10) වඩා ධනයකට හිමිකම් කියනු ලබන බව සඳහන් වේ.

මෙයින් 70 ක් දෙනා සුපිරි ධනවතුන්ගේ ලැයිස්තුවට එක්වන අතර එහිදී එක් අයෙකුගේ වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 30 ඉක්මවා තිබේ.

කොළඹ නගරයේ තත්ත්වය මෙසේ වන කල, සමස්ත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද මෙම වාර්තාවේ කරුණු සඳහන් වේ. ඒ අනුව 2026 වසර වන විට ශ්‍රී ලංකාව තුළ සිටින ඩොලර් මිලියනයක ධනයකට හිමිකම් කියනු ලබන පුද්ගලයින් ගණන 13,000 කි. 2015 වසරේ දී එම සංඛ්‍යාව 4,200 ක්වූ බවත් 2016 වසර වන විට එම ගණන 5,000 ක් බවත් අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර 2026 වසර වන විට ශ්‍රී ලංකාවේ සිටින ඩොලර් මිලියන 100කට වඩා වැඩි ධනයකින් යුතු පුද්ගලයින් ගණන 26 ක් වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

ඇමරිකානු ඩොලර් මිලියනයක් යනු ආසන්න වශයෙන් රුපියල් කෝටි 15 කට අධික වටිනාකමකි.

කෙසේ වෙතත් කිසිදු ශ්‍රී ලංකා වැසියෙකු ඩොලර් බිලියනයක ධනයකට හිමිකම් කියන්නේ නැති බව මෙම වාර්තාවේ සඳහන් වේ.

නිවාස, දේපළ, කොටස් ආයෝජන ආදිය ඇතුළත් සියලු ද්‍රවශීල වත්කම්වල වටිනාකම අනුව මෙම පුද්ගලික ධනයෙහි වටිනාකම ගණනය කොට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.