Mar 10

“Youth With Talent ” ජයග්‍රහණය කල දිලීපගේ කතාව

“Youth With Talent ” හි අවසන් මහා තරගය ජයග්‍රහණය කල ඔහු දිලීප දිනුෂ්ය. ලබාගත් ජයග්‍රහණය සමග ඔහු මාධ්ය හමුවේ තම අදහස් මේසේ පළකර සිටියා.

මේ යන විදියට ගියොත් නං තව අවුරුදු පහක් දහයක් යද්දි සර්කස් කලාව නැති වෙනවා. සර්කස් කලාවට කිසිම අනුග්‍රහයකුත් නැහැ. ඒ විදිහෙ අනාගතයක් නැති නිසා සර්කස් පුරුදු වෙන්න තරුණයො එන්නෙ නැති බවක් නම් තියෙනවා. ඉතා අඩු ප්‍රමාණයක් තමයි පුරුදු වෙන්න එන්නෙ.

ඒත් පිටරටකදි නම් සර්කස්වලට විශාල පිළිගැනීමක් සහ හොඳ වටිනාකමක් තියෙනවා. විදෙස් රටවල මේ වෙනුවෙන් ඇකඩම් පවා පවත්වනවා.

මගේ පුහුණුවීම් කටයුතු සිද්ධ වෙන්නෙ සර්කස් එකකින්මයි. ඒ අගලවත්තෙ සර්කස් එකකින්. නිමල් කියන ගුරුවරයා තමයි මට වැඩ පුරුදු පුහුණු කළේ. ඒ සර්කස් කණ්ඩායමේ මම ටික කාලයක් වැඩකළා.

පසුව මගේ මාමා කෙනෙක් මාව සර්කස් එකකට එක්කගෙන ගියා. ඒකෙ නම “කැසපියා”. එහි මම අවුරුදු අටක් විතර සේවය කළා. ඊට පස්සෙ ඒක කරපු බොස්ට ඒ සර්කස් එක නවත්තන්න වුණා. දැන් මම ඉන්නෙ “සකුරා” කියන සර්කස් එකේ.

ලංකාවෙ සර්කස් කලාවෙන් මෙහෙම ජයක් ලබන්න කාටවත් අවස්ථාවක් ලැබිලා නැහැ. ඒකට ප්‍රධානම හේතුව මෙහෙම තැනකට ඇවිල්ල මේ දස්කම් විස්කම් පෙන්වන්න අපිට අවස්ථාවක් නොලැබීමයි. එහෙම අවස්ථාවක් ලැබුණෙ අයි.ටී.එන්. එකයි, ජාතික තරුණ සේවා සභාවයි නිසයි. මට මේ අවස්ථාව ලැබුණෙත් අහම්බෙන්. මම ගාල්ලෙ සර්කස් එක කරකර ඉඳිද්දි ඒක බලන්න ආපු මහත්තයෙක් තමයි මට විස්තරේ කියලා මේක පුරවලා දුන්නෙ. ඒ නිසයි මට මේ අවස්ථාව ලැබුණෙ. පළවැනි වටයේ සිට අවසානය වෙනකම්ම විනිශ්චය මණ්ඩලය පුදුමයට පත්කරන්න මට අවස්ථාව ලැබුණා. නමුත් මට බැනර් එකක් ගහන්නවත්, කාඩ් එකක් ගහන්නවත් සල්ලි තිබුණෙ නෑ. මගෙ ගමේ සහ අහල පහල ගම්වල යාළුවො තමයි බැනර් ගහලා දුන්නෙ. මං දක්වපු හැකියාවන් දැකලා මුළු ලංකාවම මං වෙනුවෙන් එස්එම්එස් කළා.

ඉදිරියට මේ සර්කස් කලාව ඉදිරියට ගෙනියන්න තමයි මගේ බලාපොරොත්තුව. ලංකාවෙ අපි ගමකට ගිහිල්ල සර්කස් එකක් කළොත්, රුපියල් සීයක් එකසිය පණහක් විතර ගාණකට තමයි ටිකට් කැඩෙන්නෙ. අපිට කොළඹ පැත්තෙ සර්කස් එකක් පෙන්නන්න ඉඩක් ලබාගන්න විදියක් නැහැ, ප්‍රාදේශීය සභාවකින් අවසරයක් ලැබෙන්නෙ නැහැ. නමුත් කොළඹ පැත්තට චීන සර්කස් එකක් ආවොත්, ඒ සර්කස් එකේ ටිකට් එකක් පන්දාහකට හෝ හත්දාස් පන්සීයකටයි යන්නෙ. ඒවයේ ශාලා පිරිලා ඉතිරිලා තියෙනවා. මාධ්‍යවල ඉඩ ඒ වෙනුවෙන් වෙන්වෙලා තියෙනවා. අපිට චීනෙට අභියෝග කරන්න පුළුවන් සර්කස් හැකියාවක් තියෙනවා. චීනයේ සර්කස් කරන්නෙ නොපෙනෙන තරමේ සියුම් බඳපටිවලින් ආරක්ෂාව සලසාගෙන. ලංකාවෙ අපි කිසිම ආරක්ෂාවක් නැතුව ජීවිතයත් මරණයත් අතර සටනක් පෙන්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.