Mar 30

"වසවිස නැති හෙටක් හදන්න" කියා කෝටි ගණන් මුදල් ගසා කන හැටි මෙන්න

"වස විස නැති රටක්” යනු රජය ගෙන ඇති බරපතළ දේශපාලනිකවූත්, අභියෝගාත්මක තීන්දුවකි. මෙමගින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ දිශානතිය සහමුලින්ම වෙනස් වේ. විවිධ කෘෂිකර්ම ක්‍රම සහ මිනිස් ගතට හිතකර නොවන එහෙත් වැඩි අස්වැන්නක් ලබා දෙන වාණිජමය වටිනාකම ප්‍රමුඛව ලබාදෙන ඔළුවෙන් සිටවූ සාම්ප්‍රදායික ගොවිතැන යළිත් දෙපයින් සිටුවන වැඩපිළිවෙළකි. එය නිවැරදිව ඊට අදාල ගොවිජනතාව වෙත ගෙනයන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවාද යන්න පිළිබඳව ගැඹුරු සංවාදයක් අනිවාර්යයෙන්ම ඇතිවිය යුතුය.

මන්දයත් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය යනු රටේ වැඩි පිරිසකට ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම, ආර්ථ්කයේ හදවත බඳු නිසාය. ශ්‍රී ලංකාව වස විස වලින් තොර හරිත දිවයිනක් බවට පත් කර සැමට වස විස නැති ආහාර සැපයීම සඳහා වූ රජයේ ප්‍රතිපත්තිය මත පදනම්ව මෙම ”වසවිස නැති රටක්” තුන් අවුරුදු ජාතික සැලැස්ම ඉදිරිපත් කර ඇති අතර, දිවයිනේ වගා කෙරෙන සියලූ ප්‍රධාන බෝග වර්ග - එනම් ධාන්‍ය, එලවළු, පලාකොළ, අල වර්ග, කුළුබඩු, පලතුරු, ඖෂධ ශාක පමණක් නොව වාණිජ බෝග වර්ග ද වස විස වලින් තොරව නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය උපායමාර්ග එම සැලැස්ම මඟින් ඉදිරිපත් කර ඇත. මේ තත්වය යටතේ කෘෂිකාර්මික කටයුතු සිදුකර 'ශ්‍රී ලාංකික‘ ලේබලය ‘වස විස නැති‘ බවට දෙන සහතිකයක් බවට පත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වි ඇත.

එහෙත් මෙම ව්‍යාපෘතිය මගින් දියත් කෙරුණු සෑම වැඩපිළිවෙලක්ම අසාර්ථක වූයේ ඊට අදාලව ජනතාව නිසි ආකාරයෙන් ඒ පිළිබඳව දැනුවත් භාවයකින් නොසිටීම බව 'රසායනික පොහොර සහනාධාරය ලබාදීම වෙනුවට වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීමට මුදල් සහනාධාරයක් ලබා දීමට' රජය තීරණයක් ගෙන එය ක්‍රියාත්මක කිරීමට යෑමේදී රට පුරා ඇති වූ නොසන්සුන්තාවය ඊට සාක්ෂි දරයි.

ඒ බව වගේ වගක් නොමැතිව අතිවිශාල ජනතා මුදලක් වැයකොට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අති සුවිශාල ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමෙන් ගම්වල වෙසෙන ජනතාව වෙත දිවැස් මාර්ගයෙන් ඒ දැනුම ලැබෙන්නේ යැයි මේ වැඩ පිළිවෙල සිදුකරන නිලධාරීන් සිතනවා විය හැකියි.

එමෙන්ම ගමින් ගමට මෙම ව්‍යාපෘතිය ගෙන යෑමට යැයි කියමින් විශාල මුදලක් වැයකොට අතිසුඛෝපබෝගී බස් රථ මිලට ගෙන හෝ කුලීපදනම මත ලබාගෙන තවත් මුදලක් වැයකොට ‘වස විස නැති රටක්‘ යනුවෙන් ස්ටිකර්ස් අලවා බස් රථයේ ගිය සැනින් ගොවියා සහ ව්‍යාපෘති නිලධාරීන් අතර නියම මහජන සම්බන්ධතාවයක් ඇතිවනවා යැයි සිතා වැඩ කරනු ලබන නිලධාරීන් පිරිසක් මෙම ව්‍යාපෘතියේ යෙදී සිටියි.

එවැනි වූ බාල වැඩ කරමින් 'වස විස නැති රටක්' කියා කෝටි ගණනාවක විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වල ජනාධිපතිවරයාට කොහෙන් හෝ පෙනෙතියි කියා මොවුන් ජනාධිපතිවරයාත්, රටත් අන්දමින් සිටිති.

ජනතාව විස කමින් ලෙඩ රෝග වලට ගොදුරු වෙමින් සිටිද්දී, අදාල කටයුතු භාරව සිටින පුද්ගලයන් මෙම කොන්ත්‍රාත් ලබා දී, ජනතා මුදල් නාස්තිකර එයින් සෑහෙන මුදලක් ගසා කමින් සුවසේ කල් ගෙවයි.

ගිය වසරේද කෝටි ගණනාවක් වැයකොට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙවනිම වූ සුවිශාල ප්‍රදර්ශනයක් පවත්වමින් ජනතා මුදල් නාස්තිකරා මිසක එමඟින් ජනතාවට අත්වූ සෙතක් නැත. දැන් යළිත් එවැනිම වූ ප්‍රදර්ශනයක් අටවාගෙන කෝටි ගාණක් වූ ජනතා මුදල් වැය කොට පෙන්වීමට උත්සහ කරන්නේ ගොවි ජනතාවට නියමාකාරයෙන් ප්‍රථිලාභයක් ලබාදෙන වැඩපිළිවෙලක්ද, එසේත් නැතිනම් රටේ ජනාධිපතිවරයා සහ ජනතාව නොමඟ යවා නිලධාරීන් පොහොසත් වෙන විදිහේ වැඩපිළිවෙලක්ද යන්න ඊට අදාළ වගකිවයුතු අංශ ඒ ගැන සොයා බලා තීන්දුවකට පැමිණිය යුතුය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.