Mar
24
එක්සත් රාජධානියේ සහ ඊට අයත් රාජ්‍යන්හී රැජින වන දෙවන එළිසබෙත් රැජිනගේ අවමගුල් උත්සවයට අදාල “රාජ්‍ය සැලසුම” බකිංහැම් මාලිගාව විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
9O වියැති එළිසබෙත් රැජිනගේ අභාවය කුමන මොහොතක හෝ සිදුවිය හැකි බැවින් මෙම සැලසුම සූදානම් කර තිබේ.
රැජිනගේ මරණය දැනුම් දීම සඳහා “London Bridge Is Down” නම් විශේෂ කේතයක් භාවිතා කිරීමට බකිංහැම් මාලිගය අදාළ සියලු අංශ වලට දැනුම්දී තිබේ.
සැලසුම අනුව මෙම අභාවය ප්‍රථමයෙන්ම දැනුම් දෙනු ලැබෙන්නේ රැජිනගේ පෞද්ගලික ලේකම්වරයාටයි. පසුව ඔහු විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියට දැනුම් දෙන අතර ඇය විසින් මිතුරු රාජ්‍යයන් 15 ක රාජ්‍ය නායකයින් දැනුවත් කරනු ඇත. පසුව පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයින් දැනුවත් කිරීමෙන් අනතුරුව රැජිනගේ අභාවය මාධ්‍ය වෙත දැනුම් දෙනු ඇත.
දින 12 කාලයක් වෙස්මිනිස්ටර් ප්‍රධාන ශාලාවේ තැන්පත් කර තිබෙන දේහයේ අවසන් කටයුතු වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙයකින් පසු සිදු කිරීමට නියමිතය.
අභිනව රජු වශයෙන් චාල්ස් කුමරු අභිෂේක කරවීමටද සැලසුම් සකස් කර තිබේ.
අදාළ කාලසීමාව තුලදී ලොව පුරා රාජ්‍ය නායකයින් ලංඩනයට පැමිණීමට නියමිතව ඇති නිසා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කෙරෙනු ඇත.