Mar 07

දියණියගේ දීග යෑමේ සූදානම ගැන සුසන්තා චන්ද්‍රමාලි

හැදිච්ච දුවෙක් දීග දෙන අම්මෙක්ගෙ, තාත්තෙක්ගෙ හිතේ දුව ගැන වගේම තම පරපුර ගැනත් ඇත්තේ ගෞරවයක්. අද කා‍ලේ හැටියට අම්මෙක්ට, තාත්තෙක්ට ඒ ගෞරවය හිතේ හැටියට විඳගන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. තිසුරි යුවනිකාගේ අම්මා, ඒ කියන්නේ අපි කවුරුත් දන්න සුසන්තා චන්ද්‍රමාලි වගේම ඇගේ සැමියා කුමරු කියන්නේ ඒ වගේ වාසනාවන්ත දෙමාපියන් යුවලක්. කල වයස හරි ගිය,
  ඇහැක් වගේ හදා ගත්ත තමන්ගේ දෝණිව කරකාර බන්දන්න මේ දෙමව්පියොත් ලහි ලහියේ ලක ලෑස්ති වෙනවා. තමන්ගේ කූඩුවෙන් ඉගිලිලා අලුත් කූඩුවක් තනන්න යන තමන්ගේ දෝණි ගැන ඒ දෝණිගේ අම්මා අපිත් එක්ක කතා කළේ උතුරා යන මව් සෙනෙහසින් සහ ආඩම්බරයෙන්.

මේ දවස්වල බොහොම සතුටින් ඉන්නවා ඇත්තේ?

හැමදාමත් මම සතුටින් හිටියේ. දුකින් ඉන්න කාරණයක් තිබුණේ නෑ.

දුවට ගැළපෙන මනමාලයෙක් හමුවීම සතුටට කාරණයක් නමෛයිද?

ඔව්. ඒක නම් සතුටට කාරණයක් තමයි. තමන්ගේ දරුවට සුදුසු සහකරුවෙක් හොයලා දීම දෙමව්පියන්ගේ වගකීමක්. ඉතින් දුවට සුදුසුම සහකරුවෙක් හමුවීම ගැන මම වගේම සැමියා කුමරුත් සතුටින් ඉන්නේ.

අම්මාගේ ඇඟිල්‍ලේ එල්ලිලා ක්ෂේත්‍රයට ආපු පුංචි කෙල්ල අද හෙට දීග යනවා. කාලය ගිය ඉක්මන?

ඒක ඇත්ත. මීට අවුරුදු 25 කට කලින් දුවෙක් ලැබිම ගැන කුමරුත් මමත් හුඟක් සතුටු වුණා. ඒ දුව ලොකු මහත් වුණා. ඇත්තටම අපි ඇය නිසා අනවශ්‍ය කරදර වින්දේ නෑ. අපි අපිට පුළුවන් තරමින් ඇයට සැප සම්පත් දුන්නා. ඇය ගැන අවධානයෙන් හිටියා. ඒත් පස්සෙන් ගියේ නෑ. අපේ දුව ඇත්තටම අපිට වදයක් නොදී හොඳට හැදුණා.

ගල හොඳ නම් අඹරන කහ මක් වේද - මව හොඳ නම් දුව පතිවත නොරකීද කියනවානේ. දුව යන්න ඇත්තෙත් අම්මාගේ අඩි පාරේ?

මම ඒ ගැන ආඩම්බර වෙනවා. දුවෙක් වුණත්, පුතෙක් වුණත් ආදර්ශයට ගන්නේ තමන්ගේ දෙමව්පියෝ. හැදෙන වැඩෙන පරිසරය. දුවට හොඳින් හැදෙන්න, ආදර්ශයක් ගන්න පුළුවන් විදියට පසුබිම අපි හදලයි තිබුණේ.

හුඟක් රංගන ශිල්පීන්, ශිල්පිනියන් තමන්ගේ දරුවන්, විශේෂයෙන් දියණියන් මේ ක්ෂේත්‍රයට එවන්න බිය වෙද්දී ඔබ තිසුරිට මේ රංගන ක්ෂේත්‍රයට පාර කිව්වේ පුංචි කාලෙදිමයි?

ක්ෂේත්‍රයේ ඉන්න ගමන්ම තමන්ගේ ක්ෂේත්‍රය ගැන එහෙම කියන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. අපේ ක්ෂේත්‍රයේ විතරක් නමෛයි හැම ක්ෂේත්‍රයකම අඩුපාඩුකම් තියෙනවා. ක්ෂේත්‍රයේ ගෞරවයට හානි වෙන විදියට හැසිරෙන අය ඉන්නවා. කීප දෙනෙක් එහෙම වුණා කියලා හැමෝම එහෙම වෙන්නේ නෑ. මට නම් මේ රැකියාව බොහොම ගෞරවාන්විත, ආර්ථික වශයෙනුත් බොහොම යහපත් රැකියාවක්. මගේ දුවට දායාදයක් විදියට දෙන්න පුළුවන් රැකියාවක්. ඒ නිසයි මම බය නැතුව ඇයව මේ ක්ෂේත්‍රයට එක්ක ආවේ.

දුවෙක් අම්මෙක්ගෙ ජීවිතයට සැනසීමක්, සතුටක් වගේම බරක්. බොහොම විවෘත සමාජෙක කාගෙන්වත් කතාවක් හදා නොගෙන දුවෙක් හදනවා කියන්නේ ‍ලේසි වැඩක් නමෛයි. ඒත් ඔබ එහෙම කළා?

මගේ දරුවා මට ඒ සැනසීම දුන්නා. හුඟාක් අය ඔහොම කියද්දී මට බයයි ඇස්වහ වැදෙයි කියලා. ඊයේ, අද වගේම හෙටත් මට ඒ සැනසීම දැනෙයි කියලා හිතෙනවා.

බොළඳ පෙම්වතියක් නොවී චරිතාංග නිළියක් විදියට දුව අම්මාව පහු කරලා හුඟාක් දුර ගිහින්. ආඩම්බර ඇති ඒ ගැන?

ඇත්තටම. මම මේ ක්ෂේත්‍රයට ආවේ වලස්මුල්ල වගේ දුර පළාතකින්. අවුරුදු තිහකට කලින්. නන්නාඳුනන නගරයක, නන්නාඳුනන රැකියාවකට ඇවිත්, අඩු පහසුකම් මැද තමයි මම මේ පැත්තට ආවේ. ඒත් මගේ දුවට එන්න මම පාර එළි කරලා තිබුණේ. කොච්චර පාර පෙන්නුවත් රඟපාන්න බැරි නම් මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න බෑ. වාසනාවකට මගේ දෝණිට ඒ හැකියාව උපරිමයෙන් තිබුණා. ඒ නිසා එයාට මාව පහු කරන එක ඒ තරම් දෙයක් වුණේ නෑ.

තිසුරිට ගැළපෙන සහකරුවා තිසුරිම හොයා ගත්තද? නැත්නම් දෙමව්පියෝ මැදිහත් වෙලා හොයලා දුන්නද?

යෝජනාව ඇවිත් තිබුණේ ඒ පුතාගෙන් දුවට තමයි. ඒත් එයා කවදාවත් තනි තීරණයක් ගන්න කෙනෙක් නමෛයි. දෝණි ඒ බව මට කිව්වා. ඒ පුතා වගේම පුතාගේ පවු‍ලේ අයත් කාලයක් ඉඳන්ම අපි ළඟින් ආශ්‍රය කරනවා. මොකද එයාගේ තාත්තා අපේ කුමරුගේ හොඳ යාළුවෙක්. මොනවා වුණත් ඒ යාළුකමට කැලලක් වෙන්න දෙන්නත් බෑනේ. ඒ නිසා මම කිව්වා දෝණිට පුතාට ඒ අදහස ගැන එයාගේ තාත්තටම කියන්න කියලා. අන්තිමට තාත්තලා, තාත්තලා කතා කරලා තමයි යෝජනාව ස්ථිර වුණේ.

තිසුරි යෝජනාවට කැමති වුණාද?

අපේ කැමැත්ත තමයි එයාගෙත් කැමැත්ත. එයාගෙත් හිතේ අකමැත්තත් තිබුණේ නැති නිසානේ අපිට ඒ ගැන කිව්වේ.

ඒ කියන්නේ ප්‍රේමය බාධාවක් නැතුවම තිසුරි ජය ගත්තා?

ඒ ප්‍රේමය ටිකක් වෙනස් විදියේ එකක්. දෙන්නම පුංචි කා‍ලේ ඉඳන්ම දන්නවානේ. හොඳ යාළුවෝ වගේ තමයි ආශ්‍රය කළේ. අදටත් ප්‍රේමවන්තයෝ වුණාට ඉන්නේ යාළුවෝ වගේ.

තිසුරිගේ ප්‍රේමවන්තයා තිසුරිගේ තාත්තා කරන රැකියාවම කරන කෙනෙක්ලු. ඇත්තද ඒ කතාව?

ඔව් ඔව්.

තාම බෑනා ගැන නම ගම විස්තරයක් කියන්න කැමති නෑ වගේ?

හදිස්සියක් නෑනේ. හෙමින් කියමු නේද?

අද හෙට දුව දීග දෙන්නේ නැද්ද?

ලබන අවුරුද්දේ තමයි ඒ කටයුතු එකලාසියක් කරන්නේ.

හොඳ බෑනෙකුත් ලැබුණා නම්, දුවත් කැමති නම්, වයසත් හරි නම් මොකටද තවත් පහු කරන්නේ?

හැමදේම වගේ මම සුබ නැකත් බලනවා. සුබම නැකත් තියෙන්නේ දෙන්නටම ලබන අවුරුද්දේ.

ඔබ හඳහන් විශ්වාස කරනවද?

ඔව්. අනිවාර්යයෙන්ම. විවාහයේදී නම් ඒක අනිවාර්යයි.

දැන් දෙන්නගේ හඳහන් ගැළපෙනවද?

අ‍පොයි ඔව්. හොඳටම ගැළපෙනවා.

හැමදේම හොඳ වෙලා තියෙද්දි වැරදිලාවත් හඳහන් නොගැළපුණා නම්?

එහෙනම් ඒ මංගල්‍යය කෙරෙන්නේ නෑ. රාජ කුමාරයෙක් ආවත් හඳහන් ගැළපෙන්නේ නැත්නම් ඒ මංගල්‍යය වෙන්නේ නෑ. පහුගිය කාලෙත් දුවට හොඳ මංගල යෝජනා ආවා. කොයිතරම් හොඳ වුණත් හඳහන් ගැළපුණේ නෑ. ඒ නිසා ඒවා යෝජනාවකට එහා ගියේ නෑ.

ඉන්නෙත් එක දුවයි. ඒ දුව දෙන්න හිත හදාගන්නේ කොහොමද?

මොනවා කරන්නද? ඒක ලෝක ස්වභාවය. දරුවන්ව හැමදාම අපි ළඟ තියාගන්න බෑනෙ. අමාරුවෙන් හරි හිත හදා ගන්නවා.

බෑනව බින්න බස්ස ගත්තා නම් හරිනේ. එතකොට දෙන්නම ගෙදර. අම්මගෙයි, දුවගෙයි දෙන්නගෙම හිතට සතුටුයිනෙ එතකොට?

මේ දේවල් දෝණිට ඇරෙන්න වෙන දෙන්න කෙනෙක් නෑනේ. ඒ නිසා අපි පුතාලාගෙ දෙමව්පියන්ටත් කිව්වා ඕනෑම නම් ටික දවසකට දෝණිව එහෙ තියා ගන්න ඊට පස්සේ ආයෙමත් දරුවෝ දෙන්නට අපේ ගෙදර ඉන්න දෙන්න කියලා.

මනමාලයාගේ පැත්තෙන් ඒ කොන්දේසියට කැමතිද?

කොන්දේසියක් නමෛයි ඒක ඉල්ලීමක් විතරයි. එයාලාගේ අකමැත්තක් නෑ. දරුවෝ දෙන්නා අපි එක්ක ඉඳියි.

විවාහයෙන් පස්සේ තිසුරි රංගනයෙන් ඈත් වෙන එකක් නෑනේ?

එහෙම තීරණයක් නෑ. විවාහයෙන් පස්සේ ඒ දෙන්නගේ ජිවිතේ ගැන එයාලා කතා බහ කරලා තීරණය කර ගනීවි. අපි මැදිහත් වෙන්නේ නෑ.

හිමේෂා සවන්ති රාජපක්ෂ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.