Mar 21

ජූලි මාසේ තීක්ෂණට අලුත් පදවියක් ලැබෙන්නයි යන්නේ

තීක්ෂණට අලුත් පදවියක් ලැබන්න යනවා නේද?

ඔව්, මම තාත්තා කෙනෙක් වෙන්නනේ යන්නේ.

තව කොච්චර කාලෙකින්ද පුංචි අමුත්තා පවුලට එකතු වෙන්නේ?

ජූලි මාසේ මුල තමයි ඒ පුංචි අමුත්තා අපිට ලැබෙන්නේ.


දුවෙක්ද, පුතෙක්ද හා හා පුරා කියලා පවුලට එකතු වෙන්නේ?

පුතෙක් තමයි අපි අතරට එන්නේ. එයා එනතුරු තමයි අපි බලාගෙන ඉන්නේ.

තීක්ෂණයි බිරියයි දෙන්නම මුලින්ම හීන දැක්කේ පුතෙක් වෙනුවෙන්ද?

මම මුලින් කැමැත්තෙන් හිටියේ දුවෙක්ට. වයිෆ් නම් කැමැත්තෙන් හිටියේ පුතෙක්ට. ඉතිං පුතෙක් හම්බ වෙන්න ඉන්නේ කියලා දැනගත්තාම පුතෙක් මුලින්ම හම්බ වෙන එකත් හොඳයි කියලා හිතුවා.

සමහරු මුලින්ම පුතෙක් පවුලට එකතු වෙනවට කැමැතියි. තීක්ෂණ මුලින්ම දුවෙක් බලාපොරොත්තු වුණේ ඇයි?

මගේ පවුලේ ඉන්නේ අක්කයි, මමයි. අම්මයි තාත්තයි කොහේ හරි ගියාම මාව බලාගත්තේ අක්කා. අම්මා නැති කලට බත් උයලා දෙනවා මට. ආයුදීඝං වස්ස සතන් අක්කා පාදං නමා මහං කියලා අක්කා වෙනුවෙන් මම ගාථාවකුත් හදලා තිබුණා. දුවෙක් මුලින්ම ඉපදුණොත් ඊළඟට හම්බ වෙන කෙනාව බලා ගනී කියන අදහසින් තමයි දුවෙක් ගැන හිතුවේ. ඒත් පුතෙකුත් හොඳයි.

අලුත් අමුත්තෙක් එන නිසා සතුට නිම් හිම් නැතිව ඇති?

ඒක වෙනම ෆීල් එකක්. සතුටක් වගේම ලොකු වගකීමකුත් දැනෙනවා. ඒ ෆීල් එක වෙනස් විදිහේ එකක්.

විවාහය නිසා තනිකඩ ජීවිතේ නිම වුණානේ. දරුවා නිසා තිබ්බ නිදහසත් සීමා වෙලා වගකීම් නේද වැඩිවෙන්නේ?

විවාහ වෙද්දිත් මම හරිම සැහැල්ලුවෙන් ඒ හැමදේටම මුහුණ දුන්නා. බිරියයි මමයි ඕනෑවට වඩා දේවල් ගැන හිතන්නේ නැහැ. ඉතිං මේ අභියෝගයටත් අපි සැහැල්ලුවෙන් මුහුණ දෙනවා.

දරුවෙක් ජීවිතයට එනවා කියන්නේ අභියෝගයක්ද?

අභියෝගයක් කියලා තමයි හිතන්න වෙන්නේ. අපේ අම්මලාට නම් දරුවෙක් හදන එක ලොකුවට දැනෙන්නේ නැතිව ඇති. ඒත් දැන් කාලේ වෙනස්. දරුවා නිරෝගීව වගේම හොඳට හදන්න, එයාලට උගන්නන්න ඇත්තටම අභියෝග ගොඩක් තියෙනවා.

පුතා වෙනුවෙන් ගීතයකුත් කරන්න සූදානම් වෙනවලු නේද?

ඔව්. පුතා වෙනුවෙන් "ආදර පුතේ" කියලා ගීතයක් කරනවා. ඒ මුල් පද පේළි හිතට ආවෙත් මට. අපිට එයා දකිනකල් ඉවසිල්ලක් නෑ. කවදද එන්නේ කියලා බලාගෙන ඉන්නේ. ඉතිං මේ සින්දුව කරන්න අදහස ආවම ඒ ගීතයේ පද රචනය කරන්න දුන්නේ සත්සර කසුන්ට. ට්‍රැක් එක කළේ අමිත් ගුරු. අමිත්ගේ බිරියත් ගැබිනියක් නිසා එයා ඒ ෆීල් එකෙන් ට්‍රැක් එක කළා. ඒ නිසා වැඩේ ලස්සනට කෙරුණා. තව සති දෙකකින් විතර වීඩියෝවක් එක්කම ඒ ගීතය රිලීස් කරනවා.

තීක්ෂණ මේ දවස්වල සංගීත කටයුතුවලටත් කාර්යබහුල ඇති?

ඔව්. මේ දවස්වල ගොඩක් බිසී. අප්‍රේල්වලත් ෂෝ තියෙනවා. ඒ නිසා දිගටම ඒ වැඩවලටත් කාර්යබහුලයි. ඒ වගේම ර්ණීජබචමඥ බෑන්ඩ් එකේ වැඩත් කරගෙන යනවා.

කාර්යබහුලත්වයත් එක්ක මේ දවස්වල බිරිය වෙනුවෙන් වගකීම් ඉෂ්ට කරගන්න තීක්ෂණට වෙලාවක් තියෙනවද?

මේ දවස්වල වයිෆ්ගේ අම්මා අපි එක්ක ඉන්නේ. ඒ නිසා ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. මගේ වෘත්තිය එක්ක එක වෙලාවක් වෙන් කරලා ඉන්න බෑ. නිදහස තියෙන වෙලාවට බිරිය වෙනුවෙන් මම උපරිම කාලය වෙන් කරනවා.

තීක්ෂණට මුල් කාලෙ ලොකු ඉල්ලුමක් තිබුණා. තාමත් ක්ෂේත්‍රය ඇතුළේ ඒ ඉල්ලුම තියෙනවද?

ආපු කාලේ ලොකු ඉල්ලුමක් තිබුණා. ඒ කාලේ මම හැම නගරයකම සංගීත ප්‍රසංගවලට ගීත ගායනා කළා. හැබැයි දැන් වෙනදා තරම්ම ෂෝ නැති අවස්ථා තියෙනවා. හැබැයි මේ අවුරුද්දේ මේ මාසේ ඉඳන් රට වටේ යන්න තියෙනවා වැඩවලට.

තිළිණි කෞෂල්‍යා විජේසිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.