Mar
08
රැප්සිලාගේ පදරචනයෙන් හා සංගීතයෙන් හැඩවුණු මේ ගීතය ගායනා කරන්නේ රැප්සිලා සමඟ එක්වෙමින් භාතිය සන්තුෂ් ගායක දෙපලයි. බාල මහලු කොයිකාටත් එකලෙස රසවිඳිය හැකි ගීතයක් ලෙසින් මේ තුළින් රැප් ගී ආරටත් ආදර්ශමත් නිර්මාණකරණයක නිරතවීමට මග පෙන්වා තිබෙනවා. අවාසනාවන්ත ලෙස කුඩා ළමුන්ට අප රටේ සිදුවන කුරිරු වධ හිංසා අපරාධ ගැන දිනෙන් දින තොරතුරු වාර්තාවීම ජනහිතට දැඩිව කාවදින්නට යෙදු සෞන්දර්යාත්මක වෑයමක් ලෙසටද මෙම නිර්මාණය හැඳින්විය හැකිවනවා.
කුඩාළමුන් මෙහෙකාර සේවයේ නිරතවීම, බාලවයස්කාර දරුවන් අපයෝජනය සහ ළමයින්ට විවිධ අයුරින් හිංසා පීඩා කිරීම යන මේ සියලු කරුණු වලට එරෙහිවන්නට යුක්තිගරුක මිනිසුන් ලෙස අප සෑම සියලු දෙනා සතුවම වගකීමක් පවතින අතර එම කරුණ මෙම ගීතය තුළින් මානව ඉස්මතුවන ආකාරය ඔබටද මෙම ගීතය නැරඹීමෙන් වැටහේවි. මෙවන් යුගයක අපේ දරුපරපුර රැකගන්නට නැගීසිටීමට මිනිසත් බව අගයන අප සැම එක්වියයුතුය යන වැදගත් සමාජ පණිවිඩය අන්තර්ගතව “සිහිනයක්ද මේ” ගීත නිර්මාණය කරළියට පැමිණ තිබෙනවා.
මෙම ගීතයේ වීඩියෝව පහතින් දැක්වේ