Mar 24

වාහන ගන්න කෝටි 37ක් ඉල්ලන ඇමතිවරු මෙන්න

ඇමතිලා 08කට සැප වාහන 
ගන්න කෝටි 37ක්
පරිපූරක ඇස්තමේන්තුවක්

ඇමති ගයන්ත කරුණතිලක විසින් ඇමතිවරුන්ට වාහන ගැනීම සදහා කෝටි 37ක මුදලක් ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනු ලැබීය.

එමගින් ඇමතිවරුන් 08කට එක් මන්ත‍්‍රීවරයෙකුට වාහන ගැනීමට මෙම මුදල් ඉල්ලා ඇත.

මෙම මාර්තු 07 වැනිදා ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවකින්ද ඇමතිවරුන් කිහිප දෙනෙකුට වාහන ගැනීම සදහා රුපියල් කෝටි 50කට අධික මුදලක් ඉල්ලා තිබින.

සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්නට සහ නියෝජ්‍ය ඇමති ෆයිසාල් කාසිම්ට වාහනයක් මිලදි ගැනිම සඳහා රුපියල් 8 000 0000 ක මුදලක්ද,

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඩු බදියුර්දින්ට සහ නියෝජ්‍ය ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනිම සඳහා රුපියල් 86 000 000 ක මුදලක්ද ඉල්ලා ඇත.කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිධූරයක් නැති අතර ඇත්තේ රාජ්‍ය ඇමතිවරයෙකු පමණි. රාජ්‍ය ඇමති ලෙස කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චම්පිකා ප්‍රේමදාසය..

වැවිලි කර්මාන්ත ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනිම සඳහා රුපියල් 40 000 000 ක මුදලක්ද ඉල්ලා මෙම පරිපුරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත.

මීට අමතරව ක්‍රිඩා නියෝජ්‍ය ඇමති එච්.එම් හාරිස් මහතාට වාහනයක් මිලදි ගැනිමට රුපියල් 38 200 000 ක මුදලක්ද,

පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතාට වාහනයක් මිලදි ගැනිමට සඳහා රුපියල් 43 000 000 ක මුදලක්ද මෙම පරිපුරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.

තවද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතාට වාහනයක් මිලදී ගැනිම සඳහා රුපියල් 4 20 00000 ක මුදලක්ද මෙමගින් ඉල්ලා ඇත.

වාහන මිලදි ගැනිමේ පරිපුරක ඇස්තමේන්තු මුදල තුල බදු මුදල්ද ඇතුළත් වන බව ද එහිද දක්වා තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.