Mar 12

මහනුවර ශුද්ධ නගරයේ තරුණියක්‌ පැයට රුපියල් දහසේ සිට හතළිස්‌ දහස දක්‌වා

රටම රටේ අනාගතයම අගාධයට ඇද දමන කතා නම් එමටය. මේ ධර්මද්වීපයේ, කන්ද උඩරට බුදුන්ගේ ස්‌පර්ශය ලද, සුළඟේ පවා බුදු සිසිලස රැඳෙන මහනුවර පුරවරයේ මේ හැටියට පිළිකුල් සහගත සැහැසිකම් ඇති පුවත් මැවෙන්නේ කෙසේදැයි ගැටලුවකි.
  ගණිකා මඩම් මධ්‍යස්‌ථාන හෝ ගණිකා නිවාස කී විට මහා ඊතියක සේයාවක්‌වත් නොදැනෙන මිනිස්‌ යටි සිත වහා කලබලව ජුගුප්සාජනක සිතිවිලි සැනින් උපදින්නට ගත්තේ මහනුවර නගරය හා ඒ අවට පවත්වා ගෙන යනු ලබන බව කියන වාහන තුළ ගණිකා සේවය සම්බන්ධ පුවත කණ වැකුණු විටය. වාහනයක්‌ ඇතුළක ගණිකා වෘත්තියක යෙදෙන්නට තරම් ම පහත් මානසිකත්වයකට වැටුණු ගැහැණු පිරිමි හෙට දවස ගත කරන්නේ කුමන අන්දමකින්දැයි සිතා ගැනීමටවත් නොහැකිය. තත්ත්වය බෙහෙවින්ම බරපතළ වී ඇත.

මහනුවර නගරය හා ඒ අවට අමු අමුවේ හෙරොයින් ගංජා බාබුල් විකිණෙයි. ඒ අතරතුර තරුණියක්‌ පැයකට රුපියල් දහසේ සිට හතළිස්‌ දහස පනස්‌ දහසක මිලකට අලෙවි වෙයි. මේ සියල්ලක්‌ම චක්‍රයක්‌ මෙන් එකිනෙක සම්බන්ධ වී ඇත්තේ දම්වැලක පුරුක්‌ මෙනි. තමන්ගේ සිරුර කොතෙක්‌ නම් සල්ලාලයන්ට අලෙවි කළද පැයකදි ඒ වෙනුවෙන් ලබන මුදල ඒ ඒ තරුණියන් අතට පත්වන්නේ නැත. මෙය හුදෙක්‌ම ව්‍යාපාරයකි. හරියටම හිඟන්නන් පාරේ දා අලෙවි කරන්නා වාගේය. මේ කොයිකටත් මහනුවර සුප්‍රසිද්ධය. එහෙත් කිසිවෙකුත් කටක්‌ සොලවන්නේ හෝ නැත. මේ තත්ත්වය බරපතල වන්නේ මහ මග තරමක්‌ හෝ හුදකලා ස්‌ථානයන්හි සේම ජනාකීර්ණ රථ ගාල් ආශ්‍රිතවද වාහන තුළ සිදුකෙරෙමින් පවතින ගණිකා සේවා සැපයීම ජැන්ඩි පහට සිදුවන බව සනාථ වීමත් සමගය.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති එච්. එම්. එම්. ඒකනායක මහතා ගේ උපදෙස්‌ මත, ඉකුත් විසිපස්‌ වැනි දින පස්‌වරුවේ මහනුවර නගරය ආසන්නයේ තිබූ සැක සහිත වාහනයක්‌ පරීක්‌ෂා කිරීමේදී ඒ තුළ පවත්වාගෙන ගිය ගණිකා සේවය සැපයීමේ නියුතු වූ කල්ලිය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබිණි. එසේ අත්අඩංගුවට ගත් තරුණියන් දෙදෙනෙක්‌ සහ පුද්ගලයෙක්‌ නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයීය වැටලීම් අංශය ඔවුහු මහනුවර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් වෙත ඉදිරිපත් කරනු ලැබීය. මොවුන් පිළිබඳව තවදුරටත් කරුණු විමසන කල අනාවරණය වූයේ, මෙම ව්‍යාපාරය පවත්වාගෙන යනු ලැබු පුද්ගලයා මෙයට පෙර මෙවැනි ම සිද්ධියකදී පොලිස්‌ අත්අඩංගුවට පත් ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‌ෂිත බන්ධනාගාර ගතකොට සිට අධිකරණයෙන් දඬුවම් ලැබූ අයකු බවය. ඉන් එක්‌ තරුණියක ත්‍රිකුණාමලයේ පදිංචි විසිතුන් හැවිරිදි අයෙකි. අනෙක්‌ තරුණිය තිස්‌ හතර හැවිරිදි රාගල පදිංචිකාරියකි. එක්‌ තරුණියකට පැයකට රුපියල් හතලිස්‌ දහසක්‌ ගෙවිය යුතු බව සනාථ විය. වැඩි වන සෑම පැයකටම රුපියල් හාරදහස බැගිනි.

දිනකට රුපියල් දහසක හෝ වේතනයක්‌ නොලබන සාමාන්‍ය ජනතාව කෙරෙහි දුක්‌ඛදෝමනස්‌සයන් ඇතිවන්නේ, මෙම ගණිකා සේවය ලබන පිරිස්‌ එක පැයක්‌ සඳහා තරුණියක්‌ වෙනුවෙන් වැය කරන මුදල දුටු විටය. සේවය සපයන හෙවත් තරුණියන් ලබා දෙන කළමනාකරුවන් අත පමණක්‌ මුදල් ගැවසෙන අතර තරුණියකට මුදල් දෙන්නේ මාසික වැටුපක්‌ ලෙස හෝ මසකට වරක්‌ නිවෙස්‌ වෙත යන අවස්‌ථාවලදී පමණ යෑයි පොලිස්‌ පරික්‌ෂණවලදී අනාවරණය වී තිබේ.

මහනුවර අවට අනිවත්ත, දොඩම්වල, ප්‍රිම්රෝස්‌, හන්තාන, ධර්මරාජ මාවත, කටුගස්‌තොට, නිත්තවෙල, නවයාලතැන්න ඇතුළු බොහොමයක්‌ ප්‍රදේශවල ළාබාල තරුණියන් සහ විදේශීය තරුණියන් යොදවමින් ගණිකා නිවාස පවත්වාගෙන යන බවට මහනුවර පොලිසියට තොරතුරු ගලා එන්නට පටන් ගත්තේ වසර 2015 මැයි ජූලි මාසවල සිටය. එහෙත් මේ තොරතුරු සියල්ල දියයට සඟවා තබන්නට බොහොමයක්‌ දෙනා වෑයම් කොට තිබූ බවට තොරතුරු නොදන්නේ මේ මෑත උපන් පිරිස පමණක්‌ වන්නට ඇත. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයේ මෙහෙයුම් ඒකකයෙන් මේ සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කෙරුණේ, වසර 2016 ජනවාරි 8 වැනි දින සිටය. එයද තවත් මාධ්‍ය ආයතනයක්‌ මගින් අනාවරණය කෙරුණු ප්‍රිම්රෝස්‌ උපුල් මාවතේ පවත්වාගෙන යනු ලබන කියන ගණිකා නිවාසයක තොරතුරු නිසා ය. මෙම පුවතට අදාළව වලාන දූෂණ මර්දන ඒකකයෙන් වැටලීමක්‌ සිදුකොට අදාළ ස්‌ථානයේ සිටි සැකකාර තරුණියන් තිදෙනකු සහ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත යොමු කොට තිබිණි. ඊට අදාළ නඩු විභාගය අදටත් විභාග වෙමින් පවතියි. මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු හෙවත් ගණිකා නිවාසය හිමිකරු කොළඹ තොටළඟ අයකු බවට ද සනාථ විය.

දෙවැනි වැටලීම හරි අපූරුය. පල්ලේකැලේ පොලිස්‌ ගම්මානය අසල දර්ශනපුර මාර්ගය අසල සුපිරි නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවසකි. එම නිවස පිහිටා තිබුණේ රජයේ ප්‍රභූන් රැසක්‌ අසල්වැසියන්ව සිටි වාතාවරණයක්‌ සේම ආරක්‌ෂක අංශයේ ඉහළම නිලධාරියකුගේ නිවස ඉදිරිපිට වුවද සියල්ලන්ගේම දෑසට වැලි ගසා සුපිරි පැලැන්තියට තරුණියන් සපයමින් වැඩය ජයටම කරගෙන ගොස්‌ තිබිණි. නිවසේ මාසික කුලිය එක්‌ලක්‌ෂ විසිපන්දහසක්‌ වන අතර වීඅයි පී සර්විස්‌ පුවරුවක්‌ද නිවසේ එක්‌ පසෙක එල්ලා හිරිමල් වියේ තරුණියන් සපයන බවට සාක්‌ෂි ඉතිරි කොට තිබිණි. 2016 සැප්තැම්බර් මාසයේ මෙම නිවස වැටලු පොලිස්‌ කණ්‌ඩායම එහිදී සැකකාර තරුණියන් සිව් දෙනකු සහ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. එම නඩුවද තවදුරටත් විභාග වන්නේය.

තායිලන්ත තරුණියන් රඳවා තබා ගනිමින් මහනුවර වේල්ස්‌ පාර්ක්‌ අසල වාහන වෙන්කර ගනිමින් තරුණියන් සපයන ගණිකා සේවය වැටලු පොලිසිය එහිදී තයිලන්ත තරුණියන් සහ අදාළ තැරැව්කරු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ. අදාළ සිද්ධිය සාක්‌ෂි සහිතව සනාථ විම මත තැරැව්කරුට රුපියල් ලක්‌ෂයක දඩ මුදලක්‌ද තායි තරුණියකට රුපියල් සියය බැගින් දඩ මුදල්ද අය කොට රටින් පිටුවහල් කරන ලෙස එවකට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කොට තිබිණි.

පනින රිලවුන්ට ඉණිමං තනන්නේ රජයේ ඇතැම් ප්‍රතිපත්තිමය. ආයුර්වේද පංචකර්ම මධ්‍යස්‌ථාන සහ ස්‌පා නමින් පවත්වා ගෙන යනු ලබන මධ්‍යස්‌ථාන ගණිකා සේවය සැපයීමට තෝතැන්නක්‌ කරගෙන ඇත්තේ මේ නුවර වැසියන්මය. මේ වන විට එවැනි මධ්‍යස්‌ථාන හැට හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක හොර රහසේ මෙම සේවාව යෙහෙන් කරගෙන යනු ලබයි. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නොහැකිව ඇත්තේ දරුණු ලෙස කූට උපක්‍රම යොදා ඇති බැවිනි.

එවන් එක්‌ මධ්‍යස්‌ථානයක්‌ දවුලගල පොලිස්‌ වසමේ වැලිගල්ලේ පවත්වාගෙන යද්දී හොරුත් සමඟ බඩු අතටම අල්ලා ගත් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති මෙහෙයුම් ඒකකය එක්‌ සැකකරුවෙක්‌ සහ සැකකාරියන් තිදෙනෙක්‌ අත්අඩංගුවට ගෙන අධිකරණයට භාර කළේය. විත්තිකරුවන් රක්‌ෂිත බන්ධනාගාරගත කොට දැනට ඇපමත සිටින්නේ හේවාහැට දිගන කුලියාපිටිය පදිංචි තරුණියන් සහ මහනුවර සැකකරුවෙකි.

ප්‍රිම්රෝස්‌ කැන්ඩි විව් ගාඩ්න් අදටත් ගණිකා සේවය සපයන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන්නේ වයස අවුරුදු විස්‌ස විසිදෙක තරුණියන්ගේ උදව් වෙනි. මහනුවර පොලිසිය පෙනෙන මානයේ මෙම ආයතනය පවත්වාගෙන යන්නේ ප්‍රබල සම්බන්ධතාවන් හි ආරක්‌ෂාව ද සහිතවය. එහි වූ එක්‌ සුවිසල් නිවසක්‌ වටලා බෝවල හා රත්නපුර පදිංචිකාරියන් දෙදෙනකු සහ තරුණයකු අත්අඩංගුවට ගත් පොලිසිය තවදුරටත් මෙම ප්‍රදේශය පිළිබඳ අවධානය යොමු කර සිටින්නේ තරුණියන්ගේ ජීවිතවල වැදගත් කම තකාය.

වාහන යොදා ගනිමින් ගණිකාවන් රඳවා ගෙන සේවය ලබා දිමත් ගණිකාවන් අවැසි තැනට ප්‍රවාහනය කිරීමටත් යොදා ගෙන ඇත්තේ තාවකාලික පදනම මත මුදල් ගෙවා ලබා ගන්නා වාහනය. වෑන් රථ මෙන්ම කාර් රථද තවත් විවිධ වර්ගයේ කැබ් සහ ත්‍රිරෝද රථ ද මේ සඳහා යොදා ගෙන ඇත්තේය.

මෙම හෙළිදරව් සිදුකිරීමට හෝ ආයතන වැටලීමට රට ජාතිය තරුණ ජීවිත මෙන්ම අනාගතය ගැන කැක්‌කුමක්‌ ඇති පොලිස්‌ නිලධාරීන්ද ඇත්තේය. ඔවුනට පවතින සේවා පහසුකම් ඇසූ විට නම් මේ ලංකාව කවදා පෙරට යාදෝ යි සිතෙන්නේ මට පමණක්‌ නොවේ. වැටලීමක්‌ සිදු කිරීම සඳහා දහසකුත් ගැට ගැසිය යුතුය. සාමාන්‍ය තොරතුරු සපයන්නන් හා මිත්‍රශිලි විය යුතුය. නිලධාරීන් මට්‌ටමෙන් තම තමන් වුවද මේ ආයතන වෙත යායුතු ය. ඒ සඳහා මුදල් වැය කළ යුතුය. එහෙත් ඒ මුදල් කිසිවකි පොලිස්‌ දෙපාර්තමේන්තුව හරහා ලබා දෙන්නේ නැත. තම තමන්ගේ රාජකාරිය සඳහා මුදල් යෙදවිය යුතු වන්නේ තම තමන්ගේ සාක්‌කුවෙන්ම පමණකි. එය සෝචනීයය. මේවාට පැහැදිලි විසඳුම් තිබිය යුතුය. රජයක්‌ ලෙස දෙපාර්තමේන්තුවක විශේෂයෙන්ම තොරතුරු සොයා බලමින් රටක ආරක්‌ෂාව සලසන ආයතනයක සේවාවට ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ තිබිය යුතුය. මෙවැනි හිස්‌ ඉඩකින් රිංගා යාමට කීදෙනෙක්‌ නම් බලා සිටින්නේද? රට අගාදයකට ඇද වැටෙන්නේ මෙවන් කාරණා නිසා විය යුතුය.

මහනුවර අශෝභනය අතු ගා දැමිමට නම් නුවර වැසියෝ වත් එක්‌කාසු විය යුතුය. පුදුමය නම්, මේ මහනුවරින් ඉගෙන ගෙන රටක්‌ හඳුනන තැනට කටයුතු කරන ඇතැම් පිරිස්‌ කොළඹ සිට ගණිකා සේවය නුවරට කැන්දා ගෙන ඒමය. සාක්‌ෂි ඉතිරි නොවන්නට තරම් සූක්‌ෂම ලෙස බුද්ධිය මෙහෙයවා මුදල් කුට්‌ටි පිටින් හම්බ කිරිමේ පරම ෙච්තනාවෙන් කටුගස්‌තොට නගරයට කැත නම ඈඳෙන්නට වෙර දරන්නේ ඇස කන පිනවන මිනිසකු වීම ලැඡ්ජා සහගතය. රටක්‌ ලෝකයක්‌ ඉදිරියේ මහා පොරක්‌ ව තමන් උපන් ප්‍රදේශයට පහත් සේවාවක්‌ හඳුන්වා දීමට දැනටමත් මුල් පියවර තබා ඇති තරුණයන් මේ රටට නිගාවකි. සෝබන ලෝකයක්‌ මවන්නේ ඔවුහුය. මේවා නතර කළ යුතුය. එසේ නොවන්නට මේවාට බිලිවන්නේ මහනුවර මෝඩ පාසල් දූ දරුවන්ය. නාට්‍යයකට චිත්‍රපටයකට චරිතයක්‌ ලැබීම තරම් මොහොතක්‌ ගැන හීන දකින අපේම ඔලමොට්‌ටල දියණියන්ය. චරිතය තවත් පිරිමින් සිය ගණනක්‌ පිනවමින් යහන්ගත වීම බව මේ මෝඩ දියණිවරු නොදන්නේය. නියපොත්තෙන් කඩන්නට ඇති දේ අදම කඩා දැමිය යුතුය. පොරවෙන් කපන්නට ඉඩක්‌ නොලැබෙන්නේ අරටුව තද වන්නේ තවත් බලපුළුවන්කාරයන්ගේ සවියද මෙවන් පුද්ගලයන්ට ලැබෙන නිසාය.

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩහිඳිමින් සකල ලෝ වැසි දනන්ගේ ගෞරව අභිමානයට සහ පූජනීයත්වයට පාත්‍රවන අති පූජ්‍ය නායක මහා සංඝරත්නයට මල්වතු අස්‌ගිරි විහාරස්‌ථානයන් හි වැඩ වෙසෙමින් අවවාද අනුශාසනා ලබා දුන්නද , කන බත්පතේ ඉඳුල් ඇඟිලි කරු අතරින් රිංගා යන්නේය. ඒවා කාලාන්තරයක්‌ ඇඟිලි පුරුකේ ගෑවි තිබී දුගඳ හමන්නේ මහනුවරම කුණු ගඳ ගසන තැනට පත්කරමිනි. දැන් නම් එසේ වී හමාරය. මෙහි පූර්ණ වගකීම පැටවෙන්නේ,. ආරක්‌ෂක අංශ වෙතය. වරක්‌ වරදක්‌ කරන්නෙක්‌ නීතියේ රැහැනට හසුකොට දඬුවම් ලබා නොදිමේ පල විපාක මත වරද කරු දෙවන වර වරදක්‌ කරන්නේ සැඟවිය හැකි සියලු තැන් හඳුනා ගැනිමෙන් අනතුරුවය. ඒ බව දැන දැනත්, මහනුවර පොලිසියේ බොහොමයක්‌ ප්‍රධානීන් කරඇර ඉවත බලා සිටින්නේය. ඒ වෙන කිසිවක්‌ නිසා නොව තම තමන්ගේ සාක්‌කුවලට වැටෙන යෑපුම් දීමනා සංතෝෂම් සියල්ල සේම පුද්ගලිකවම තම තමන්ගේ නිවෙස්‌වල ට කුට්‌ටි පිටින් වැටෙන බරගෝනිs අහිමිව යාවි යෑයි කනස්‌සල්ලක්‌ ඇතිවන නිසාය. එපමණකුදු නොව මහනුවර පොලිසියේ බොහොමයක්‌ ප්‍රධානින් සිය පෞද්ගලික කටයුතු සිදුකර ගැනීම සඳහා ඇතැම් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් මෙන්ම විවිධ පාතාල සාමාජිකයන්ගේ සේවය අදටත් මේ මොහොතටත් ලබා ගනිමින් සිටින්නේය. ඒවා නතර වනතුරු මහනුවර සිදුකෙරෙන ගංජා හෙරොයින් අලෙවිය ද ළාබාල තරුණියන් ගණිකා සේවයේ යෙදවිම ද ඒවාට අනුබල දීමද නතර වන්නේ නැත.. ඕනෑම ප්‍රබල බුද්ධි තොරතුරු නිලධාරියකු හෝ නිළධාරි මඩුල්ලක්‌ යොදවා මේ බව සනාථ කර ගත හැකිය. යහපාලනයක්‌ මහනුවර ඇති කිරීමට නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාම මේ සඳහා මැදිහත් විය යුතු වන්නේය. ඒ හැර ඉහළ පෙළේ පොලිස්‌ සේවාවක්‌ ලබා ගතහොත් සිදුවන්නේ හොරාගේ අම්මාගෙන් පේන බැලීමක්‌ වැනි දෙයක්‌ පමණකි.

ගණිකා සේවයට පිවිසෙන තරුණිය හෙරොයින්වලට ඇබ්බැහි වන්නේ නිතැතිනි. එය ඔවුනට හුරුකරන්නේ කළමනාකාරිත්වය විසිනි. මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින වයස අවුරුදු දහඅට සිට තිස්‌පහ වන තුරු වන සියලුම තරුණියන් ගංජා හෙරොයින් වෙත ඇබ්බැහි වී හමාරය. සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් මහනුවර රැක ගැනිමට කටයුතු යෙදෙනවා වෙනුවට මෙවන් ව්‍යසනයන් ඇතිවීමෙන් සිදුවන්නේ මහනුවර ගණිකා පුරවරයක්‌ වීමය. මෙම තත්ත්වය වළක්‌වා ගත යුතුමය.

සමන්තී වීරසේකර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.