Mar 08

ඇමැතිලාට වාහන ගන්න කෝටි 49ක්

ඇමැතිවරු හත්දෙනකු, රාජ්‍ය ඇමැතිවරු තිදෙනකු හා නියෝජ්‍ය ඇමැතිවරයකු සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් හතළිස් නවකෝටි හතළිස් නව ලක්‍ෂ හැට දෙදහස් හත්සිය අනූවක (රු. 49,49,62,790)ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් රජය ඊයේ (7දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය.

අණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මේ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය.

ඇමැතිවරුන් සඳහා වාහන ලබාගැනීමට 2016 අතිරේක ප්‍රතිපාදන උපයෝජන නොකළ බැවින්, අතිරේක ප්‍රතිපාදන සැලසීම සඳහා බදු ඇතුළත්ව මේ මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව පරිපූරක ඇස්තමේන්තුවෙහි සඳහන් වෙයි.

ඒ අනුව විශේෂ කාර්ය භාර්ය ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් හාරකෝටි විසි ලක්‍ෂයක මුදලක්, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් හාර කෝටි විසි ලක්‍ෂයක්,
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැතිවරයාට සහ එම රාජ්‍ය ඇමැතිවරයාට වාහන මිලදී ගැනීමට රුපියල් අටකෝටි හැට ලක්‍ෂයක්, විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීමට රුපියල් හාරකෝටි දස ලක්‍ෂයක්, සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැතිවරයාට රුපියල් හාරකෝටි තිස් ලක්‍ෂයක්, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැතිවරයාට රුපියල් හාරකෝටි තිස් ලක්‍ෂයක්, තිරසර සංවර්ධන හා වනජීවී ඇමැතිවරයාට රුපියල් හාරකෝටි තිස් ලක්‍ෂයක් මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීමට රුපියල් 42548000ක්, විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ රාජ්‍ය ඇමැතිවරයාට රුපියල් 43,000,000ක්,විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ ඇමැතිවරයාට රුපියල් 31,341,250ක් මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

විපක්‍ෂ නායකවරයා සඳහා වාහනයක් මිලදී ගැනීමට රුපියල් 3,74,73,540ක් පරිපූරක ඇස්තමේන්තුව මඟින් ඉල්ලා ඇත.

මේ අතර මීට අතිරේකව විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඩබල් කැබ් රථ 25ක් සහ විගණකාධිපතිවරයාට වාහනයක් සඳහා බදු කුලී වශයෙන් ප්‍රතිපාදන සැලසීම වෙනුවෙන් රුපියල් හයකෝටි විසි දෙලක්‍ෂ පනස් දහසක මුදලක් ඉල්ලා තවත් පරිපූරක ඇස්තමේන්තුවක්ද ඉදිරිපත් කරනු ලැබීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.