Mar 13

මයික්‍රෝ කාර්වල ලොකු වෙනසක් මිල ගණන් මෙන්න

මයික්‍රෝ කාර් සමාගම, ශ්‍රී ලාංකේය රථවාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා, තම විජයග්‍රාහී ගමනේ තවත් සුවිශේෂී පියවරක් තබමින්, ඔබ මෙතෙක් නොඉවසිල්ලෙන් බලා සිටි ඔටෝමැටික් ගියර් පද්ධතියෙන් යුත් 'මයික්‍රෝ පැන්ඩා' සහ 'මයික්‍රෝ පැන්ඩා ක්‍රොස්' ඔබගේ දැඩි ආදරය හා විශ්වාසය දිනා සිටි රථවාහන ද්විත්වය දැන් ඔබ අතට පත් කොට ඇත.

මයික්‍රෝ පැන්ඩා සහ පැන්ඩා ක්‍රොස් රථවාහන යුගලය 2010 වසරේ වෙළෙඳපොළට හඳුන්වා දුන් මොහොතේ පටන් මේ වනතුරු පාරිභෝගික සිත් සතන් තුළ ගොඩනංවා ඇති විශ්වසනීයත්වයත් විශේෂයෙන්ම ශක්තිමත් නිමාව හා බැඳුණු මගී ආරක්ෂාවත් නිසා දිනෙන් දින ජන ප්‍රසාදයට බඳුන් වී ඇත. මෙකී මාදිලි දෙකින් මේ වන විට 20,000කට අධික රථවාහන ප්‍රමාණයක් අලෙවි වී තිබීම මීට කදිම සාක්ෂියකි. මෙම රථවාහන ද්විත්වය කුඩා කාර් වර්ගීකරණයේ උපරිම අංගෝපාංග සපිරි හා උපරිම ආරක්ෂාකාරී යන දෙඅංශයෙන්ම ඉදිරියෙන් සිටී.

අලුතින් හඳුන්වා දුන් පැන්ඩා ඔටෝමැටික් සහ පැන්ඩා ක්‍රොස් ඔටෝමැටික් වාහන යුගලයත් මගී ආරක්ෂාව පිළිබඳ තම ස්ථාවරත්වය තවදුරටත් රැකගන්නා අතරම කුඩා කාර් වර්ගීකරණයේ ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට මුල්වරට හඳුන්වා දෙන වක්‍රාකාරව කරකවා ගියර් මාරුකරන ස්විචය (Rotaring Shift) සහ සුක්කානම පසුපස සවිකර ඇති ලිවර මඟින් ගියර් මාරු කිරීම (Peddle Shift) වැනි නවීන පහසුකම්වලින් සමන්විතයි.

මෙම රථවාහන දෙක හඳුන්වා දෙමින් උත්සව සභාව ඇමැතූ මයික්‍රෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා මෙකී වාහන ද්විත්වයෙන් පාරිභෝගිකයන්ට ලැබෙන විශ්වසනීයත්වය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂයෙන් සඳහන් කළේය. එමෙන්ම ඔටෝමැටික් ගියර් පද්ධතියෙන් සමන්විත පැන්ඩා සහ පැන්ඩා ක්‍රොස් වාහන ඔබ අතට පත් කිරීමට පෙර වසරකට අධික කාලයක් පුරාවට දිවයින සිවුකොන ධාවනය කර දැඩි තත්ත්ව පරීක්ෂාවකට භාජන කර ඇති බවද සඳහන් කළේය.

මෙහි ප්‍රධාන උත්සවය Geely සමාගමේ උසස් නිලධාරීන්, මූල්‍ය ආයතන නියෝජිතයන් හා සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් බොරැල්ල මයික්‍රෝ ප්‍රදර්ශනාගාරයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ Geely සමාගමේ උප සාමාන්‍යාධිකාරි XIONG මහතා, තම සමාගම හා මයික්‍රෝ සමූහ ව්‍යාපාරය අතර පසුගිය වසර 7ක් පුරා පවතින නොබිඳුණු සබඳතාව පිළිබඳ විශේෂයෙන් සඳහන් කළේය. එමෙන්ම ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ පිළිබඳව තමන්ට ඇති වැදගත්කමත් ඒ නිසාම දක්වන උනන්දුවත් නිසාවෙන් නුදුරු අනාගතයේදී විවිධ ප්‍රවාහන අංශයන් සඳහා අවශ්‍ය වන නව නිපැයුම් හඳුන්වාදීමටත් ඒ හරහා විදේශීය වෙළෙඳපොළ වෙත මයික්‍රෝ සමාගම සමඟින් අවතීර්ණ වීමට බලාපොරොත්තු වන බව දැන්වීය.

නවතම පැන්ඩා ඔටෝමැටික් රථය රු. 2,499,000හා පැන්ඩා ක්‍රොස් ඔටෝමැටික් රථය කුඩා SUV බාහිර පෙනුමක් සමඟ රු. 2,745,000ක් වැනි සුවිශේෂී හඳුන්වාදීමේ මිලකට ඔබට ලබාගත හැකිය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.