Mar 18

තෙරුණිගෙ ගින්නක් නැතුවම දුම් නගින වෙලාව

සිඳුට වගේම රටේ සියලූ දෙනාගේ ආදරය අක්කා තෙරුනීටත් හිමිවෙනවා. තෙරුණිගේ චරිතයට පණ දෙන්නේ මනීෂා චංචලා. ඇගේ අලූත් තොරතුරු දැනගන්න ඇයත් එක්ක පිළිසඳරක යෙදුණා.

ඉතින් චංචලා මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වලත් ඉතින් සිඳු එක්ක තමා දවස ගෙවෙන්නේ. ඊට අමතරව මම දැන් රැුකියාවකත් නියැළෙනවා. එ් දෙරණ නාළිකාවෙම සහාය නිෂ්පාදිකාවක් ලෙසට. මීට අමතරව මම ගීත දෙකක් කළා. මේ දෙකම යුග ගීත. එක ගීතයකට නම් රූප රචනාවකුත් කළා. ඉදිරියේදි තව ගීතයක් එන්නත් තියෙනවා.

සිඳු ට අමතරව වෙනත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?

ආරාධනා නම් ඇවිල්ලා තියෙනවා. එ් වුණාට මම භාරගත්තේ නෑ. මොකද වැඩ ගොඩගහ ගත්තොත් එකක්වත් හරියට කර ගන්න බැරි නිසා.සිඳු එක්ක අනික් වැඩ පටලගන්න මම කැමැති නෑ.

කලා කටයුතුත් එක්ක කොළඹ ඇවිල්ලා දැන් මනීෂා ඉන්නේ තනියමද?

අනේ නෑ. අම්මා, අප්පච්චි, අක්කා පවුලේ හැමෝම එක්ක තමා ඉන්නේ. අප්පච්චියි අක්කයි කොහොමත් වැඩ කළේ කොළඹ. අපි පවුලේ අය එකට ඉන්න ඕන නිසා මම සාමාන්‍ය පෙළ ලිව්වට පස්සේ අපි හැමෝම මෙහෙට ආවා. එ්ක ඉතින් මගේ වැඩවලටත් ලොකු පහසුවක්නේ.

මනීෂා කැමති ගායිකාවක් විදිහට ඉදිරියට යන්නද? නිළියක් විදිහට ඉදිරියට යන්නද?

මේ අංශ දෙකම සමබර කරගෙන ඉදිරියට යන්න තමයි මම කැමති. මොකද මේ අංශ දෙකටම මම කැමති නිසා.

අලූත් රැකියාව ගැන මොකද හිතන්නේ?

මම රැුකියාව ගැන නම් තෘප්තිමත්. දෙරණ කියන්නේ පවුලක් වගේ වැඩ කරන තැනක්. ඉතින් හැමෝම හරිම සහයෝගයෙන් කටයුතු කරනවා. මේ නිසා වැඩකරන්න හරිම ලේසියි. සමහර වෙලාවට රැුකියාව අසීරුයි කියලා හිතුණට අනිත් අය ලබා දෙන සහයෝගය නිසා අමාරු දෙයක් වුණත් කරගෙන යන්න පුළුවන් පහසුවෙන්.

මේ සියලූ කටයුතු අතරේ අධ්‍යාපනයට දෙන ඉඩකඩ මොන වගේද?

මම දැනට යෙදිලා ඉන්න ක්ෂේත‍්‍ර පිළිබඳවම ඉදිරියට හදාරන්න බලාපොරොත්තු වෙනවා. සංගීත විභාග ටික ඉවරකර ගන්න ඕන. දැනට මම කරගෙන යන මානව සම්පත් සම්බන්ධ උපාධියේ වැඩකටයුතුත් ඉවර කරන්න ඕන. එ් වගේම තමා මම දැනට යෙදෙන රැකියාවට අදාළවත් හැදැරීමක් කරන්න ඕන.

කටකතා ගැන මොකද හිතන්නේ?

ගොසිප් කියන දේ පදනමක් ඇතුවත් හැදෙනවා, නැතුවත් හැදෙනවා. අපට අනිත් අය කරන දේවල් පාලනය කරන්න බෑ. හැබැයි අපි දන්නවා නම් අපි කරන්නේ මොකක්ද කියලා. අපි කවුද කියලා. ඔය විදිහට ගොසිප් හදන අය ගැන වගේම හැදෙන ගොසිප් ගැන කලබල වෙන්නවත් කරදර වෙන්නවත් අවශ්‍ය වෙන්නේ නෑ.

ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑ නේද?

එහෙමම කියන්නත් බැහැ. කිසි පදනමක් නැතුවත් කතා හැදෙනවා. විශේෂයෙන්ම ජනප‍්‍රිය අයට.

මනීෂා ගැන පැතිරෙන ගොසිප් දකිනවද?

ඔව්. සමහර ඒවා ගැන මට ආරංචි වෙනවා. ඒත් මම නම් ඒවා ගැන කලබල වෙන්නෙ නෑ.

ආදරය ගැන මොකද හිතන්නේ?

ආදරය හැමෝටම ඕන දෙයක්. මට ගෙදරින් ලොකු ආදරයක් ලැබෙනවා. ඉතින් එ් නිසා මට වෙන ආදරයක් හොයන්න අවශ්‍ය නෑ දැන්මම.

– නයනකේෂි විජේකෝන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.