Mar 12

අක්කාට දොස් කියන්න තරම් ගෙදර අය මෝඩ නැහැ

ශනුද්‍රි ප්‍රියසාද් කියන චරිතය දැන් පෙම්වතියක් කියලා ආරංචියි ...?

ඔව්. මේ දවස්වල මම පෙම්වතියක්. පාසල් අධ්‍යාපනය අවසන් කරලා ඉන්න නිසා මටත් පෙම්වතියක් වෙන්න පුළුවන් වුණා. ඒ කැමරාවට විතරයි. ඉදිරියටත් එක එක පෙම්වත් චරිත වලින් දකින්න පුළුවන්.

පළමු වතාවට කැමරාවක් ඉදිරියේ පෙම්වතියක් වෙද්දී අපහසුතාවයක් දැනුණේ නැද්ද ...?

ඇත්තටම මට නම් අපහසුවක් දැනුනේ නැහැ. ඒ ඇයි කියන්න දන්නේ නැහැ. නමුත් රංගන ශිල්පීන්ට ශිල්පිණියන්ට ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕන. නැත්තම් වැඩක් නැහැ.

සැබෑවටම පෙම්වතියක් වෙන කඩයිමත් දැන් පැන්නා නේද ..?

කඩයිම නම් පැන්නා. ඒත් ආදරේ කරන්න දැන්ම පෙළඹෙන්න හොඳ නැහැ කියලයි මම නම් හිතන්නේ. පෙම්වතියක් වෙන්න කලින් තව ගොඩක් දේවල් කරන්න තියනවා. මම උසස්පෙළ කරලා අවසන් වුණාට තවමත් ඉගෙන ගන්නවා. ආදරේ කරන්න නියම කාලේ ආවට පස්සේ ආදරේ කරනවා.

හිත ගිය කෙනෙක් ඇත්තටම නැද්ද ...?

ආදරේ කරන්න හිත ගිය අය ඉන්නේ බොලිවුඩ් වල තමයි. මගේ හිත ගියේ ශාරුක් ඛාන්ට.

පුංචි තිරයේ පෙම්වතිය නිසා රසිකයින්ගෙන් ආදරයට ඇරයුම් ලැබෙනවාත් ඇති ...?

දැන් ආදරේට ඇරයුම් ගොඩක් ලැබෙන කාලයක්. ෆේස්බුක් එකට වගේම මගේ දුරකථන අංකයට දවසකට මැසේජ් ගොඩක් එනවා. ඒ අතර එහෙම ඇරයුම් වගේම මට කැමතියි කියලත් කියන අය ඉන්නවා. පුළුවන් හැම වෙලාවකම ඒ අයට රිප්ලයි කරනවා. ආදරේ කරන්නේ ඉතින් මම රඟපාන නිසානේ.

මේ දවස්වල දිනක්ෂිගෙ පෙම්වතා සාරංග කියලා කතාවක් පැතිරෙනවා. ඒ කතාවට ගෙදර අය ඇයගෙන් ප්‍රශ්න කරන්නේ නැද්ද...?

කට කතා ඕන තරම් ඕන කෙනෙකුට හදන්න පුළුවන්. එහෙම කියලා අක්කාට දොස් කියන්න තරම් ගෙදර අය මෝඩ නැහැ. අපිට ඕවා ගැන කතා කරන්නත් වෙලාවක් නැහැ. කට කතා හදලා ඒක රස විඳලා ඒ අයටම එපා වෙන දවසක් එයිනේ. එතකොට ඔය කටවල් වැහෙයි. මටත් ඕන තරම් කට කතා හදලා තියෙනවා.

අක්කලා දෙන්නාගෙන් ඔබේ රංගනයට උදවු ලැබෙන්නේ නැද්ද ...?

උදවු කරනවා. ඒ දෙන්නා ගොඩක් නිර්මාණවලට ඉඳලා තියනවා. ඒ නිසා හොඳට අත්දැකීම් තියෙනවා රංගනය ගැන ඒ දෙන්නටම.

දැන් අක්කා නගෝලා රණ්ඩු වෙන්නේ නැද්ද ...?

අපි තුන්දෙනා පුංචි කාලේ හරියට රණ්ඩු වුණා. ඒ විදිහට නම් රණ්ඩු වෙන්නේ නැහැ. දැන් තුන්දෙනා රණ්ඩු වුණොත් වැඩිපුරම රණ්ඩු වෙන්නේ ඇඳුම් වලට තමයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.