Mar 31

මාව මෙල්ල කරන්න හදන්න එපා උත්තර දෙන්න මම ඔින වෙලාවක සූදානම්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සතු වූ ලෝපතල ක‍්‍රීඩකයා කුමාර සංගක්කාර ක‍්‍රිකට් පිටියට අවතීර්ණ වූයේ මහ නුවර ත‍්‍රිත්ව විද්‍යාලයෙනි. ඉන්පසුව ඔහු සමාජයීය ක‍්‍රිකට් තරග සඳහා නියෝජනය කළේ කොළඹ එන්.සී.සී. ක‍්‍රීඩා සමාජයයි. වමතින් පිත්ත හැසිරවූ ඔහු කඩුළු රැකීමේ කාර්යයෙහි නිරත විය. වත්මනෙහි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නිරෝෂන් දික්වැල්ල ක‍්‍රීඩකයාද එලෙසින් ත‍්‍රිත්වයෙන් පැමිණ,
 
එන්.සී.සී. සමාජය නියෝජනය කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූයේ කඩුළු රකින්නෙකු ලෙසය.

ලෝ පූජිත වූ සංගාගේ ක‍්‍රීඩාශීලි රිද්මය රැුගෙන වත්මනෙහි ක‍්‍රිකට් පිටිය හැඩ කරන නිරෝෂන් දික්වැල්ල සමගින් කල සම්මුඛ සාකච්ජාව පහතින්

නිරෝෂන් කියන්නද? දික්වැල්ල කියන්නද?

දැන් යන විදියට නම්, දික්වැල්ල කියන නම හොඳයි. පාසල් කාලයේදී නම් වැඩි දෙනෙක් කතා කළේ නිරෝෂන් කියලයි. ඒත් අද හැමෝම කතා කරන්නෙ ‘‘දික්වැල්ල’’ කියලයි.

නම දික්වැල්ල වුණාට එන්නෙ මහනුවරින්, කොහොමද ඒක සිද්ධ වුණේ?

අපේ පවුල් පසුබිම ගත්තොත් සීයා ආච්චිගෙ වගේම අපේ පවුලේ අය පැවත එන්නෙ නුවරින්. වාසගම දික්වැල්ල වුණාට මම දන්නා තරමින් දකුණේ නෑදැයින් නැහැ. අනාගතයේදී මට පහත රටින් නෑදැයෙක් හමුවේවි කියලා හිතනවා.

ඒ කියන්නෙ සහකාරිය දකුණෙ කෙනෙක් කියන එකද?

නැහැ, නැහැ, එහෙම කෙනෙක් නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අය කතා කරන්නෙ ‘‘දිකා’’ කියලා නේද?

ඔව්.

ත‍්‍රිත්වයේදී ඔබ ‘‘විශේෂිත’’ චරිතයක් වුණා. එහෙම නේද?

ඇත්තෙන්ම ක‍්‍රිකට් නිසා තමයි එහෙම වුණේ. 13න් 15න් සහ 17න් පහළ සියලූම කණ්ඩායම් නියෝජනය කළා. ඒ නිසා පාසලේ බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්තා. ඒ එක් එක් අවස්ථාවලදී කැපී පෙනුණ දක්ෂතා පෙන්වීම ඊට හේතු වුණා.

මම අහන්නෙ ක‍්‍රිකට් ගැන නෙවෙයි. පාසලේදී දැණුම-මිනුම ආදී තරගවලට සහභාගී වීම නිසා වඩා ප‍්‍රකට වුණා නේද?

හොඳ කථිකයෙක් වුණා නේද? කතා කරන්න නම් දක්ෂ වුණා. කථික තරගත් දැණුම මිනුම තරග සඳහාත් මගේ නිවාසය සඳහා ඉදිරිපත් වුණා. ඒකත් එක් හේතුවක් තමයි.

ඒ නිසා බොහෝ ජයග‍්‍රහණ එහෙමත් ලබා ගත්තා නේද?

සම්මාන, සහතික කීපයක් ලබා ගත්තා. නමුත් වැඩිපුරම වගේ ජීවිතය ගෙවුණේ ක‍්‍රිකට් සමගයි.

පාසල් සංගීත කණ්ඩායමේ හිටියා කියලත් ආරංචියි?

අනේ මට වාදනය කරන්නත් ගයන්නත් බැහැ.

එතකොට පාසලේදී නාට්‍යවල රඟපෑවෙත් නැද්ද?

පාසලේදී නාට්‍ය කීපයක රඟපෑවා.

‘‘ගම හාමිනේ’’ ලෙස චරිතයක් රඟපාලා සම්මානයකුත් ලබාගත්තාලූ? නේද?

අපේ පාසල පිරිමි පාසලක්නෙ. ඉතින් නාට්‍යයක් කරද්දී කාන්තා චරිත රඟපෑමට සිද්ධ වුණෙත් පිරිමි නළුවන්ටයි. එක්තරා අවස්ථාවක මම පාසලේ නාට්‍යයක ගම හාමිනේ ලෙස රඟපෑවා. ඒ වෙනුවෙන් හොඳම රංගනය සඳහා සම්මානයක් පවා ලබා ගත්තා.

‘‘ත‍්‍රිත්වයේදී’’ සංගා ගැන මතකය මොන වගේද?

මම පාසලට ඇතුළත් වුණේ 97 දී විතර. ඒ වන විට කුමාර සංගක්කාර මහතා පාසලින් ඉවත්වෙලා. නමුත් පාසලට ආ අවස්ථාවලදී මට ඔහු හමුවූ අවස්ථා තිබුණා. ජාතික කණ්ඩායමට ඒමට පෙර, කුමාර, මහේල, ඩිල්ෂාන් ක‍්‍රීඩා කළ තරග නැරඹීමට මම පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයට වගේම කොළඹ පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයටත් පැමිණි අවස්ථා තිබුණා. ඒ තරමටම මම ආසා කළා. වාසනාවකට පසුව ඉක්මනටම ශ්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමේ වාසනාව මට ලැබුණා.

පාසලෙන් ඉවත්වන විටම ඔබට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණෙ ‘‘එන්.සී.සී.’’ ක‍්‍රීඩා සමාජයටයි. සංගා ක‍්‍රීඩා කළෙත් එම ක‍්‍රීඩා සමාජයටයි. මොකද හිතෙන්නෙ ඒ ගැන?

ඒ වෙනුවෙන් අවස්ථාව ලැබුණෙ සම්පත් පෙරේරා පුහුණුකරු නිසයි. එතුමා තමයි මාව ඊට යොමු කළේ. මගේ වාසනාවට සංගා ඇතුළු ප‍්‍රවීණයින් රැසක් භක්‍ක්‍ එකේ හිටියා. වයස 19 දී ඇවිත් ඒ අය එක්ක ක‍්‍රීඩා කරන්නට ලැබීම ලොකු වාසනාවක් වුණා.

‘‘සංගා සහ ඔබ’’ එකට ක‍්‍රීඩා කරලා තියෙනවද?

එක්තරා අවස්ථාවක බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයකදී ඔහු සමග මටත් ක‍්‍රීඩා කරන්න ලැබුණා. අපි දෙන්නාම එදා ශතක ලබා ගත්තා.

ඔබ විලාසිතා ගැන බොහොම උනන්දුලූ නේද?

අනිවාර්යයෙන්ම එය හොඳ දෙයක් කියලයි මට හිතෙන්නෙ.

සිංදු කියන්න බැහැ කිව්වට සිංදු අහන්න හරි ආසලූ නේද?

අපි තරගයකට යද්දි වුණත් විවේකයක් ලැබුණොත් අපි කරන්නෙ ගීත අහන එක තමයි. එක්කෝ අපේ ශ්‍රී ලංකා ටීම් එකේ අය එකතු වුණාම ගීත ගයන අවස්ථා එහෙමත් තියෙනවා. ඩිල්ෂාන් මුණවීරට, මිලින්ද සිරිවර්ධනට හොඳට ගයන්න පුළුවනි. ඒ වගේම මිලින්දට වාදනය කරන්නත් පුළුවනි. කොහොමටත් ගිටාරයකුත් කණ්ඩායමට තියෙනවා. මම ඉතින් ගීත අහන එක තමයි කරන්නෙ.

ඩිල්ස්කූප් එක දැන් ඔබත් ගහනවනෙ? දැන් ඒකට කියන්නේ මොන ස්කූප් කියලද?

ඒක ඇත්තටම ඩිල්ෂාන් අයියා ගෙනා පහරක්. පසුව බොහෝදෙනා ඒ පහරට යොමුවුණා. දැන් මම ඒ පහර ගහද්දී ‘‘දිකාස්කූප්’’ කියලා සමහරු කියනවා.

වෙලාවකට ප‍්‍රතිවාදී කණ්ඩායම්වල ක‍්‍රීඩකයින් එක්ක ඔට්ටු වෙන්නත් යනවා වගේ අවස්ථා දැකලා තියෙනවා. ඔබ කොහොම කෙනෙක්ද?

ප‍්‍රතිවාදී කණ්ඩායමේ පන්දු යවන්නන් පන්දු රකින්නන් පන්දු යැවීමේදි මාව මෙල්ල කරන්න හදන එකටවත්. වචනයෙන් මෙල්ල කරන්න හදන එකටවත් මම ඉඩ දෙන්නෙ නැහැ. එයාලට වඩා මම අණසක පතුරවන්න ඕනෑ කියලයි හිතන්නෙ. පිත්තෙන් උත්තර දෙන්න මම නිතරම සූදානම්. ඒ අවස්ථාව පරාජය කිරීමට තමයි මම ක‍්‍රියා කරන්නෙ. මම කොහොමටත් මාව විශ්වාස කර ගෙන ක‍්‍රීඩා කරන කෙනෙක්. ඒ විශ්වාසය මත කණ්ඩායමට හැකි උපරිමය නෙළාදීම මගේ අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.