Mar
14
ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමි වෙයි ?
පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ද්විත්ව පුරවැසි භාවය දරමින් මන්ත්‍රී තනතුරේ රැඳී සිටීමට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනුකර ඇති නඩුවේ තීන්දුව මැයි මස 05 වැනිදා ලබාදෙන බවට දින නියම කෙරුණා.
ස්විස්ටර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය දරමින් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට නීති විරෝධී බවට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 05 දෙනෙකු අභියාචනාධිකරණයේ රීඩ් පෙත්සමක් මගින් ඉල්ලා තිබෙනවා.
ඒ අනූව, අද පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඉහත නියෝගය නිකුත් කළා.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 91 (ආ) වගන්තියට අනූව ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහ මහත්මියට දැරිය නොහැකි බව රජයේ නීතීඥයන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරගත් බවට කිසිදු සාක්ෂියක් අධිකරණයට ලැබීනොමැති බවත්, රජයේ නීතීඥවරයා විසින් පෙන්වා දී තිබෙනවා