Mar
15
ටික්ට් නොදුන්නොත් කොන්දස්තරවරුන්ට දඩ...මගීන්ටත් දඩ
ප්‍රවේශපත්‍ර ලබාගැනීම මගීන්ටද අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළා.
ප්‍රවේශපත් ලබා නොදී හසුවන කොන්දොස්තරවරුන්ට පළමු වතාවේ රුපියල් 250ක්, දෙවැනිවර රුපියල් 500ක් හා තුන්වැනිවර රුපියල් 1000ක් දඩමුදල් වශයෙන් අය කරන අතර ප්‍රවේශපත් නොමැතිව ගමන් කරන මගීන්ට රුපියල් 100ක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් දඩ අය කරන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පෙන්වා දෙන්නේ.
අසාධාරණයට ලක් වන සියලුම මහජනයාට අද සිට දුරකථන ඔස්සේ ද බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියට මේ පිළිබඳ දැනුම් දීමට හැකි වනවා.