Mar 14

“දෙරණ ස්ටාර් සිටි” වේදිකාවෙන් බැස ගිය ඇයි? ළහිරු පිළිතුරුදීම ප්‍රතික්‍ෂේප කරන කතාව

දෙරණ නාලිකාව හරහා සෙනසුරාදා රෑ 9.30ට විකාශය වන ‘දෙරණ ස්ටාර් සිටි’ වැඩසටහන ජනප්‍රිය තරු තරග වදින රියැලිටි තරගයක්. ගීතා කුමාරසිංහ ප්‍රමුඛ “Royal Fighters” රංජන් රාමනායක ප්‍රමුඛ “Golden King” අතුල අධිකාරි ප්‍රමුඛ “Rock Eagles” (දැන් එහි නායකත්වය දරන්නේ චාන්දනී හෙට්ටිආරච්චි) සුසන්තිකා ජයසිංහ ප්‍රමුඛ “Silver Runners” (දැන් එහි නායකත්වය දරන්නේ නිරෝෂා විරාජිනී) සහ ළහිරු පෙරේරා ප්‍රමුඛ “Originals” යන කණ්ඩායම් මේ සඳහා තරගවදිනවා.

ළහිරුගේ කණ්ඩායම අවසන් පූර්ව වටයට තරගවදින්නට සතියකට පෙර හදිසියේම තරගයෙන් ඉල්ලා අස්වුණා. රියැලිටි තරගවලදී මේ විදියේ දේවල් සිදුවනවා. හැබැයි එහෙම වෙන්නේ කුමන හෝ හේතුවක් හින්දා. ළහිරු ප්‍රමුඛ “Originals” ලා තරගයෙන් ඉවත් වුණෙත් කුමන හෝ හේතුවක් නිසා විය යුතුයි. වැඩසටහන නරඹන්නන් මේ ගැන විමසිලිමත් වුණා. ඒ නිසාම අපිත් මෙහි සුලමුල හොයන්නට හිතුවා. “Derana Star City” වැඩසටහනින් ඉවත්වුණේ ඇයි කියලා අපි ළහිරුගෙන් මුලින්ම විමසුවා. ඒ වෙලාවේ ළහිරු පිළිතුරුදීම ප්‍රතික්‍ෂේප කළා. අදාළ කරුණ පිළිබඳ අනෙක් පාර්ශ්වයන්ගෙනුත් විමසන බව අපි කීවට පස්සේ ළහිරු මෙන්න මේ විදිහේ පිළිතුරක් දීලා හිනාවෙලා කතාබහ නතර කළා.

“Derana Star City” එකෙන් “Originals” ලා ඉවත් වුණේ ඇයි කියලා ඇහුවම ළහිරු පිළිතුරුදීම ප්‍රතික්‍ෂේප කළා කියලා ලියන්නකෝ. ඒ හොඳටම ඇති.

මෙම රියැලිටි වැඩසටහනේ නිෂ්පාදකයා වන්නේ ඩිල්ෂාන් අමරසිංහ. ඔහුගේ සහයට සුබෝධනී හා චමින්ද ඉන්නවා. මේ ප්‍රශ්නය ගැන ඩිල්ෂාන්ගෙනුත් විමසීම අවශ්‍යයයිනේ. ඒ හින්දා අපි ඔහුට කතාකළා.

“තරගයෙන් ඉවත්වීමට අවශ්‍ය බව ළහිරු කීවා. ඒක ඔහුගේ තීරණයක් මිස අපේ තීරණයක් නමෛයි. අපි ඔහුගේ තීරණයට ඉඩදුන්නා.”

ඩිල්ෂාන්ගේ පිළිතුර තමයි ඒ. කවර හෝ හේතුවක් මත ළහිරු මේ ගත්තු තීරණය ඔහුගේ කණ්ඩායමේ සෙසු සාමාජික පිරිසට අසාධාරණයක් වුණාද කියන එක ප්‍රශ්නයක්. “Originals” කණ්ඩායමේ

ළහිරුත් එක්ක තරග වැදුණේ සනෝජා බිබි‍ලේ, දසුන් නිශාන්, කාවින්ද්‍යා අධිකාරි සහ ෂෙහානි කහඳවල. ළහිරු ගත්තේ අත්තනෝමතික තීරණයක්ද? සෙසු අය ඊට එකඟ වුණේ නායකත්වයට හිස නැමිය යුතු නිසාද? එහෙමත් නැතිනම් මේ පස්දෙනාම එකතු වෙලා මේ වගේ තීරණයක් ගත්තේ දෙරණ නාලිකාවෙන් හෝ සෙසු තරග කණ්ඩායම්වලින් මොවුන්ට අසාධාරණයක් සිදුවූ නිසාද? ඒ ගැන විමසන්න අපි සෙසු පිරිසට කතා කළා.

“මේ තීරණය ළහිරුගේ තනි තීරණයක් නමෛයි. අපි හැමෝම කතාකරලා ගත්තු තීරණයක්. අපි දෙරණ නාලිකාවත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ...”

හතර දෙනාම පවසනවා. එහෙනම් ප්‍රශ්නය කාත් එක්කද? සිදුවූ අසාධාරණය මොකක්ද?

“විනිශ්චයේදී අපට අසාධාරණකම් වුණා. ඒත් දැන් ඒ ගැන කතාකරන්න කැමති නැහැ...”

කාවින්ද්‍යා දුන්නේ කෙටි පිළිතුරක්.

“අපි කට්ටියම එකතුවෙලා තමයි මේ තීරණය ගත්තේ.

“ඔය තරගයේ වීඩියෝ ක්ලිප් අන්තර්ජාලයේ තියෙනාවනේ. මුලඉඳලාම ඒවා නැරඹුවොත් අපේ ඉවත්වීමට හේතුව හොයාගන්න පුළුවනි...”

දසුන්ගෙන් ලැබුණෙත් හිතන්න යමක් ඉතුරු කළ කෙටි පිළිතුරක්. . කණ්ඩායමේ හිටපු ප්‍රවීණතම රංගන ශිල්පිනිය සනෝජා බිබි‍ලේ විවෘතව තමන්ගේ අදහස් දක්වා සිටියේ මේ විදියටයි.

“මේ තරගයේ අපිව අසාධාරණ විදියට කැපුවා. ඒක දෙරණින් කළ දෙයක් ‍නෙවෙයි. විනිශ්චයේදි වූ දෙයක්. ඇතැම් අය ඊට මුල්වුණා. ඒ නිසා අපි කතාබහ කරලා ඉවත්වෙන්න තීරණය කළා...”

ආරියවංශ කුලතිලක
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.