Mar 13

සමාජ ජාල වේබ් අඩවිවල කටගැස්ම බුකියේ ගෑන කියන කතාව

මේ දවස්වල සමාජ ජාල වේබ් අඩවිවල කටගැස්ම වී තිබෙන්නේ ඔබ?

ඔය විවිධ චෝදනා එල්ල කරන අපහාස උපහාස කරන අය අතර ජනාධිපතිවරණ කා‍ලේ මට උදව් කළ සමාජ ජාල වබේ අඩවිවල පිරිස් නැති බව මම හොඳටම දන්නවා. ඒ අය මට කතා කරලා කිව්වේ කෝටි ගණනක් වියදම් කරලා ගන්න බැරි පබ්ලිසිටියක් මට නොමි‍ලේම ලැබෙනවා නේද කියලා. මේ සම්බන්ධව මම හිතන්නෙත් ඒ විදිහටම තමයි. ඒ අයට මම ස්තූති කරනවා ඒ පබ්ලිසිටිය මට ලබා දුන්නට.

මේ අපහාස උපහාස කරන අය චෝදනා කරනවා ඔබ ඇතැම් දේ පිළිබඳ අතිශයෝක්තියෙන් යුතුව කතා කරන බව?

මම කතා කරන දේ තුළ අතිශයෝක්තිය තිබෙනවාද එසේත් නැත්නම් එහි යථාර්ථය මොකක්ද කියලා කාලයක් තිස්සේ අපිත් එක්ක වැඩ කළ බොහෝ ජනමාධ්‍යවේදීන් වගේම හිතවතුන් දන්නව. ඒ වගේම ඒ ප්‍රශ්නවලදී මා එක්ක වැඩ කළ විවිධ ක්‍ෂේත්‍රවල ඉන්න වැඩිහිටියෝ පවා දන්නවා. නොදන්න අය තමයි ඔය විදිහට මට චෝදනා කරන්නේ. නමුත් කනගාටුව ඔය කොම්පියටුරයක්, එහෙමත් නැත්නම් ජංගම දුරකථනයක් පාවිච්චි කරන්න විතරක් දන්න ඊට එහා මුකුත්ම නොදන්න, විශේෂයෙන්ම අපේ ගෙදර පරිසරය මම පුංචි කාලෙ ඉඳලා මම කළ කී දේ නොදන්න අය මේ වෙනුවෙන් කෑ ගැසීම ගැනයි. කොහොම වුණත් මේ අයට මම වැඩි දවසක් ඔය විදිහට කෑගහන්න ඉඩ හරින්නේ නැහැ. ඉදිරියේදී මේ පිළිබඳව සාක්ෂි සහිතව මම එළිදක්වන ග්‍රන්ථයෙන් දැකගන්න ලැබේවි. එදාට ඔය කෑගහන අය තේරුම් ගනීවි ඇත්ත මොකක්ද කියලා. මම බොරුවට ‍පොරක් වෙන්න මේ දේවල් කිව්වේ නැහැ කියලා ඔවුන් දැන ගනීවි.

මොකක්ද මේ අවුරුදු 4දී මොන්ටිසෝරි තුළදී පෙළපාළි ගිය කතාව?

අපේ ගෙදර සම්පූර්ණයෙන්ම වෙන්වී තිබුණේ දිවංගත විජය කුමාරතුංගයන්ගේ දේශපාලනයට. අම්මා, තාත්තා ඇතුළු අපි හැමෝම ඒ මානව හිතවාදී මනුස්සයට ආදරය කළා. ඔහු සැබෑ මානව හිතවාදියෙක්. ඒක මේ රටේ මිනිස්සු දන්නවා. ඉතින් පුංචි කා‍ලේ විජය කුමාරතුංගයන් විතරක් නොවෙයි. චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය, යශෝදරා, විමුක්ති මේ හැමෝම අපේ පවු‍ලේ අය වගෙයි හිටියේ. ඉතින් පරිසරය තුළ දම්පාට කොඩි අපේ ගෙදරට ආගන්තුක නැහැ. ඒවා හැම වෙලාවෙම අපි අතේ. කොහොම හරි එක දවසක් මම මේ කොඩි අරගෙන මොන්ටිසෝ්රියට ගිහින් ළමයින්ගේ අතට දීලා “විජයට ජයවේවා” කියලා කෑ ගහලා තිබුණා. පුංචි ළමයින් වැඩිහිටියන්ව අනුකරණය කරන්නේ නැද්ද? අදටත් ඔය වගේ දේවල් පුංචි ළමයි කරන්නේ නැද්ද? අවුරුදු 8-10 ළමයි පශ්චාත් උපාධි ගත්තේ නැද්ද? ආචාර්ය උපාධි ගත්තෙ නැද්ද? අද ලෝකය කොයිතරම් විස්මිත දේ කරන ළමයි ඉන්නවාද? මේ දරුවෝ ලොකු වෙලා පුංචි කා‍ලේ මම මෙහෙම දේවල් කළා කිව්වොත් ඒක විශ්වාස නොකරන අයත් ඉන්න පුළුවන්. මිල්ටන් මල්ලවආරච්චිගේ ගෙදර රනිල් පුංචි කා‍ලේම සින්දු කියන්න පටන් ගත්ත එක මහා අරුමයක් නමෛයි. ෂෙල්ටන් පෙරේරාගේ ගෙදර සතිෂ් සින්දු කිව්වෙත් එහෙමයි.

ඒ කියන්නේ ඔබ පුංචි කා‍ලේ ඉඳලම තාත්තාගේ දේශපාලනය එක්ක හිටිය?

ඔව්. අපේ ගෙදර පක්ෂ දේශපාලන ගැන විතරක් නමෛයි, ඕනෑම ප්‍රශ්නයක් එළිිපිට කතා කරනවා. ගෙදර මැද සාලෙට එන දේශපාලන චරිත, මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරී පිරිස්, කලාකරුවෝ මේ හැමෝම කතා කරන දේවල් මට ඇහුණා. මම ඒවා ඕනෑකමින් ඇහුවා. තාත්තාට ලැබුණු බොහෝ රහස්‍ය ලියකියවිලි, ඡායාරූප ඇතුළු හැම තොරතුරක්ම එකතු කළේ මම. ඒවා තිබුණේ මගේ බාරයේ. විජය කුමාරතුංග මහතාගේ දේශපාලන වැඩවලට අපි යන්නේ පවුල පිටින්. රැස්වීම්වලට තාත්තා කතා කරලා ඒ වැඩ ඉවර වෙනතුරු පැත්තකට වෙලා අපි වාඩි වී ඉන්නවා. විජය කුමාරතුංගයන් මාව ළඟට අරගෙන තියා ගත්ත වාර අනන්තයි. ඒ චරිතයට මම අදටත් ආදරය කරන්නේ අන්න ඒ මානුෂික ගති පැවතුම් නිසයි. ඔහු මට වීරයෙක්. ඔහු පමණක් නමෛයි පසු කලෙක ඔසී අබේගුණසේකර මහතා පවා අපේ ගෙදරට අමුත්තෙක් නමෛයි.

චන්ද්‍රිකා එක්ක බැංකු ගිය කතාවත් දැඩි හාස්‍යයට ලක්වී තිබුණා නේද?

මේකත් ‍පොට වරද්දා ගැනීමක් කියලයි මට හිතෙන්නේ. මම එයින් පෙන්වා දුන්නේ අද ඉන්න දේශපාලනඥයොයි, විජය කුමාරතුංග මහතායි අතර ඇති වෙනස. විජය කුමාරතුංග මහතා ඝාතනයට වුණාට පස්සේ චන්ද්‍රිකා මැතිනිය ලංකාවෙන් ගියා. ඒ ගිහින් නැවත ආවාට පසු බැංකුවට ගිහින් විජය මහතාගේ ගිණුම පරීක්ෂා කළාට පසු එහි තිබුණේ රුපියල් 34,000යි. වරදට දඬුවම චිත්‍රපටය නිෂ්පාදනය

කළාට පසුව ඉතිරිවී තිබුණේ එච්චරයි. ඉතින් විජය කුමාරතුංගයන් වගේ කලාකරුවෙකුගේ දේශපාලනඥයකුගේ ගිණුමේ අවසන් වරට තිබුණු මුදල ගැන කියන්නයි මම ඔය කතාව කිව්වේ. ඒ වගේම ඔය කා‍ලේ චන්ද්‍රිකා මැතිනිය ලංකාවේ හැමතැනකටම ගියේ මගේ අම්මා එක්ක. මේ ගමන්වලට මමත් සම්බන්ධ වුණා. බැංකුවට ගියෙත් එවැනි අවස්ථාවක තමයි. මේවා හාස්‍යයට ලක් කිරීම මුකුත්ම නොදන්නා අයගේ කාර්යයක්. ඒ කා‍ලේ බහුජන නිදහස් පෙරමුණේ වැඩවලට චන්ද්‍රිකා මැතිනිය එක්ක එකම වාහනයේ ගියේ මගේ අම්මයි මමයි. අනික පුංචි මාව ගෙදර දාලා යන්නත් අම්මලා කටයුතු කළේ නැහැ. අනික විමුක්ති, යශෝදරා දෙන්න එක්කත් ළඟින්ම ඇසුරු කළ එකම දරුවත් මමයි. ඒක ඒ පවුල්වල අය දන්නවා.

චෞර රැජිණ ග්‍රන්ථයට අවශ්‍ය ඇතැම් තොරතුරු වික්ටර් අයිවන් මහතාට ලබා දුන් බව ඔබ ප්‍රකාශ කළා. ඒත් වික්ටර් අයිවන් මහතා ඔබේ ඒ ප්‍රකාශය බොරුවක් යැයි කිව්වා.”

වික්ටර් අයිවන් මහතා රටට පෙන්වාදී තිබුණේ මේ හැම දෙයක්ම ඔහු දන්නා දේවල් විදිහටයි. මගේ පියා තමයි ඔය ‍පොතට අදාළ බොහෝ කරුණු පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ. ඒවා හැමදෙයක්ම මා ළඟ තියෙනවා.

නමුත් වික්ටර් අයිවන් මහතා දැන් අප සමග තිබෙන යම් යම් මත ගැටුම් නිසා අපි උදව් කළා කියලා කියන්න මැලිකමක් දක්වනවා. මම දකින්නේ ඔහු දැන් ප්‍රතිපත්තියක් නැති කෙනෙක් විදිහට. ඔහු ‘නොනිමි අරගලය’ කියලා ‍පොතක් ලිව්වා. ඒකේ ස්තූති කරලා තිබෙන දෙන්නගෙන් කෙනෙක් රාජිත සේනාරත්න. ඉතින් ඇයි එහෙම නම් එහෙම ස්තූති කළේ. ඒ තොරතුරු හුඟක් අපේ ගෙදරින් දුන්න හින්දා. ඒ මේවා රාවයේ හිටපු උවිඳු කුරුකුලසූරිය කියන මාධ්‍යවේදියා දන්නවා. ඔහු මහින්ද රාජපක්ෂට එරෙහිව දැවැන්ත අරගලයක් කළ කෙනෙක්. අන්තිමට ඔහු රට දාලා ගියා. උවිඳු කුරුකුලසූරිය සහෝදරයා කිව්ව මේවා සේරම එකතු කරලා දුන්නේ මම කියලා. ඒ ප්‍රකාශය මට හොඳටම ඇති.

ආනන්ද විද්‍යාලයෙන් ඉගෙන ගන්න කා‍ලේ දේශපාලන හේතූන් මත ඔබේ ශිෂ්‍ය නායක ලාංඡනය ගලවපු බව සඳහන් වී තිබුණා.

ඔව්.... ඔය කා‍ලේ මේ රටේ තිබුණු දේශපාලන පරිසරයත් එක්ක මම පන්ති කාමරයේ ප්‍රේමදාස මහත්තයට එරෙහිව කෑගැහුවා. එතකොට මම ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයෙක්. ඉතින් මේ සිදුවීම නිසා මාව ප්‍රාථමික අංශයේ විදුහල්පති කාමරයට ගෙන්වලා අවවාද කරලා ලාංඡනය ගැලෙව්වා. ඒක එවකට සිටි බොහෝ දෙනා දන්නවා. “මම මේ කතාව කළේ මගේ පියා රැස්වීමකදී කළ කතාවක කෑලි ටිකක් අල්ලගෙනයි. මම ප්‍රේමදාස මහත්තයාටවත් ‘වන් මෑන් ෂෝකාරයෙක්, කිය කියා කෑ ගැහුවා. ඕක තමයි ඔය සිද්ධිය.

මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපති කළ කාර්යයේ ඔබත් ප්‍රමුඛ කෙනෙක් යැයි කියූ කතාව ගැනත් විවේචන එල්ල වුණා. ඔබ වගේ පුංචි කෙනෙකුට එහෙම හයියක්, වාතාවරණයක් හැදුණේ කොහොමද?

මීට පෙර මෛත්‍රීපාල මහත්තයව ජනාධිපති කළ මෙහෙයුම ගැන ග්‍රන්ථ කීපයක් නිකුත් වුණා. මේ ග්‍රන්ථවල මා ගැන සඳහන් වී තිබුණා. මේ නොබලපු අය ඔය වගේ විවේචන එල්ල කරනවා. ඒ කොහොම වුණත් ඉදිරියේ මම එළිදක්වන ග්‍රන්ථය තුළ මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජනාධිපති කරන්න මම කළේ මොනවාද කියලා සඳහන් වේවි. මේවා කාටවත් බොරු කියන්න එතකොට බැහැ.’ චතුර සේනාරත්න කළ දේවල් මොනවාද කියලා එයින් ඔබට දැකගන්න දැන ගන්න පුළුවන් වේවි.

ඔබ කවද්ද මේ ග්‍රන්ථය එළිදක්වන්නේ?

ළඟදීම ඒ ග්‍රන්ථය එළි දක්වන්න සූදානම් කොට තිබෙනවා. මට විරුද්ධව යම් යම් තොරතුරු සමාජ ජාල වබේ අඩවිවල සඳහන් කරන අය මේ ග්‍රන්ථය එළි දැක්වූ පසුව බලන්න කියා මම ඇරයුම් කරනවා. මා වෙනුවෙන් මේ රටේ දැවැන්ත චරිත එදාට කතා කරාවි. අපේ ගෙදරට ආපු ගිය බොහෝ චරිත මම කියන දේවල් ඇත්ත කියලා එදාට ප්‍රසිද්ධියේ කියයි. මට දුක මුකුත් ‍නෙවෙයි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව හොරකම් කළා කියලා කිව්වත් ඒක පිළිගත්තේ නැති ලක්ෂ 57ක ජනතාවක් මේ රටේ ඉන්න එක ගැනයි. ඒ අයගේ අඩි පාරේ යන මහ ‍පොළොවේ දේශපාලනය කරන්න බැරි අය අපට විරුද්ධව මඩ ප්‍රචාර දියත් කරනවා. මම කියන්නේ බොරු කියලා විවේචනය කරනවා හැබැයි මේ හැමදේම තව ටික කාලයයි. ඉදිරියේදී මේවගේ ඇත්ත නැත්ත ඔවුන්ට දැන ගන්න පුළුවන් වේවි.

සමන් ප්‍රියංකර නම්මුනිගේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.