Mar 13

ෂාරුක්ගේ පෙම්වතිය වෙන්න හදපු ස්වරාට වෙච්ච දේ

බොලිවුඩයේ කිං ඛාන්ගේ ප්‍රේමාන්විත රංගනයට වශී වුණ රසික රසිකාවියන් අතර සිනමා තරු ඉන්න බව දැන ගත්තොත් ඔබ පුදුම වෙන එකක් නැහැ. ස්වරා බාස්කර් නිළියත් ෂාරුක්ගේ චිත්‍රපටවලට තදින්ම පෙම් කළ ප්‍රේක්ෂිකාවක්.

ඇය කුඩා කාලයේ සිටම ෂාරුක්ගේ චිත්‍රපටවලට ආදරය කළ බව ඇය සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යයට හෙළි කළා. ආනන්ද් එල්.රායිගේ අලුත්ම චිත්‍රපට නිර්මාණයට ෂාරුක් සමඟ රංගනයට අවස්ථාවක් ලැබීම ගැන ඇය අදහස් පළ කර තිබුණේ සතුටින්.

"ෂාරුක් කියන්නේ මම ගොඩක් ආදරය කරන නළුවෙක්. මම පොඩි කාලෙ ඉඳන්ම ෂාරුක්ගේ චිත්‍රපටවලට කැමතියි. Dilwale Dulhania Lejayenge අදටත් මතකයේ තියෙන හරිම ලස්සන චිත්‍රපටයක්. මම ෂාරුක් සර්ගෙන් ඇහුවා මට ඔහුත් එක්ක රගපාන්න ආනන්ද් සර්ගෙ නිර්මාණයේ අවස්ථාවක් ගන්න පුළුවන්ද කියලා."

ඒත් ෂාරුක් වගේ සුපිරි තරුවකගේ දුවගේ හෝ සොහොයුරියගේ චරිතයකට පෙනී සිටින්නට ඇයගේ කැමැත්තක් නැති බව තමයි මේ අදහසින් තේරුම් ගියේ. මේ නිසාම ස්වරාට විහිළුවක් කරන්න හිතාගෙන අධ්‍යක්ෂවරයා මෙහෙම කියලා තිබ්බා. "මට ඔයාට දෙන්න පුළුවන් ෂාරුක්ගේ අම්මගේ චරිතය විතරයි"

මේ කියමනට ඇයටත් ටිකක් තරහා ගියා. මේ සිදුවීමත් ඇය මාධ්‍ය සාකච්ඡාවේදී මතක් කළේ අමිහිරි සිදුවීමක් විදියටයි. කොහොම වුණත් ෂාරුක්ගෙ පෙම්වතිය වෙන්න හීන මවපු ස්වරාගෙ හිත මේ කතාවෙන් නම් හොඳටම රිදිලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.