Feb 11

ජනප්‍රිය අයට කටකතා ගොසිප් මඩවලින් බේරිලා ඉන්න අමාරුයි ??

• මේ දවස්වල රඟපානවට වැඩිය වැඩ තියෙනවා නේද?

ඔව්නේ. හිරු මෙගා ස්ටාර් වැඩසටහන දිගටම විනිශ්චය කරනවා. ඊට අමතරව රූගත කිරීම් වලටත් සම්බන්ධ වෙනවා.

• හිරු මෙගා ස්ටාර් වැඩසටහනේ විනිශ්චය තනතුරට නැතුව තරගකාරියක් ලෙස ඉදිරිපත් වීමට ආරාධනා ලැබුණා නම් ඉදිරිපත් වෙනවාද?


කොහෙත්ම නැහැ.

• ඇයි ඒ?

මම කළේ නර්තනය. නමුත් නර්තනයෙන් මම අෑත්වෙලා දැන් කාලයක් වෙනවා. ඉතිං එහෙම තියෙද්දි මට තරගයකට ඉදිරිපත් වෙලා කණ්ඩායම අපහසුතාවට පත් කරලා පරාජය වෙන්න අවශ්‍ය නැහැ. මට කතා කළේ විනිශ්චය මණ්ඩලයට නිසා මම ඒක භාර ගත්තා.

• විනිශ්චය මණ්ඩලවල ඉන්න සමහර පුද්ගලයන් ඒ තනතුරට සුදුසුද නැද්ද කියලා ප්‍රශ්න කරන අවස්ථා තිබෙනවා. ඔබ මේ තරගයේ විනිශ්චය මණ්ඩලයේ සිටීමේ සුදුසු නුසුදුසුකම ගැන කවුරුත් ප්‍රශ්න කරලා නැද්ද?

මගේ විනිශ්චය ගැන අඩුපාඩුවක් කවුරුත් මේ තාක් කියලා නැහැ. එහෙම මගේ සුදුසු නුසුදුසුකම ගැන කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මගෙන් කෙළින්ම අහන්න කියන්න. මම උත්තර දෙනවා එතකොට.

• විනිශ්චයක් දීමේදී විනිශ්චය මණ්ඩලයේ අනෙක් අය සමඟ මත ගැටුම් ඇතිවෙලා නැද්ද?

නැහැ. අපි හතර දෙනා අතර නම් එහෙම නැහැ. අපි එකඟ වෙලා කතා කරලා තමයි තීරණ ගන්නේ.

• එතකොට තරගකරුවන් එක්කත් මත ගැටුම් ඇති වෙලා නැද්ද?

සියයට අනූවක් විතර දෙනා අපි කියන දේවල් අහලා ඒ අයගේ අඩුපාඩු හදා ගන්නවා. තරගයට පෙරත් අපි කතා කරනවා. කවුරුවත් එක්ක පෞද්ගලික ප්‍රශ්න නැහැ. ගොඩක් තරුණ අය ඉන්නේ තරගයේ. ඉතිං අපි දෙන විනිශ්චයට විරුද්ධවෙලා මත ගැටුම් ඇති කර ගන්නවා නම් ඒක ඒ අයගේ මෝඩකමක්. හැබැයි තාම එහෙම ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ.

• තරගකරුවන්ට දෙන විනිශ්චයන් පෞද්ගලිකව භාර ගන්න අවස්ථා තියෙනවා නේද?

එහෙම කරනවා නම් මෝඩ වැඩක්. ඒක පෞද්ගලික කරගන්න ඕන දෙයක් නෙමෙයි. වරදක් තියෙනවා නම් ඒක හදාගෙන ඉස්සරහට යන්න ඕනෑ. තරගයකදී ඒකයි වැදගත්. මම මගේ විනිශ්චය දෙනවා. ඒ අය ඒවා පෞද්ගලිකව භාර ගන්නවා නම් ඒක මට අදාළ නැහැ.

• මේ දවස්වල ඉතිහාස කතා පදනම් කරගෙන තැනුණු ටෙලි නාට්‍ය සහ චිත්‍රපට තුළින් ඔබ දකින්න පුළුවන්. එහි ඒකාකාරී බවක් නැද්ද..?

මේ කියද්දි තමා ඒක මටත් තේරුණේ. අනුලා දේවි, සුගලා දේවි, විහාර මහාදේවි තුනම ඉතිහාසයේ ප්‍රබල කාන්තා චරිත තුනක්. ඒ තුනම එකට විකාශනය වීම තමා හේතුව. මාත් හිතුවේ නැහැ එකට විකාශය වෙයි කියලා. කොහොම වුණත් ආයෙමත් ඉතිහාස කතාවල රඟපාන්නේ නැහැ.

• ආයේ ඒ වගේ චරිත රඟපාන්නේ නැතිව ඉන්න විශේෂ හේතුවක් තියෙනවාද..?

ඒ චරිත කරන්න ගොඩාක් අමාරුයි. විශේෂයෙන්ම ඒවාට අඳින ඇඳුම්, ආභරණ පැලඳගෙන ඉන්න අමාරුයි. පසුගිය කාලේ ඒ ඇඳුම් ඇඳන් ඉඳලා මම අසනීපත් වුණා. ගොඩාක් අමාරුයි ටෙලිනාට්‍ය කරද්දි. ඒ නිසා ආයේ ඉතිහාස කතා භාරගන්නෙ නැහැ කියලා හිතුවා.

• ලංකා ඉතිහාසයේ ප්‍රබලම කාන්තා චරිත තුනකට රංගන දායකත්වය දෙන්න ලැබුණ එක ගැන මොකද හිතන්නේ..?

ගොඩාක්ම සතුටුයි. ආඩම්බරයි මං ගැන. මම ඒ චරිතවලට උපරිම සාධාරණය ඉෂ්ට කළා කියලා හිතනවා.

• දිල්හානිට ෆේස්බුක් ගිණුම් කීයක් තියෙනවද?

ඒක නම් කියන්න ඕනෑ. මම ෆේස්බුක් එකේ නැහැ. මගේ නමින් ෆේස්බුක් ගිණුම් දහයක් විතර තියෙනවා. ඒවා එකක්වත් මගේ නෙමෙයි. මම ෆේස්බුක් ගිණුම් එකක්වත් හදලා නැහැ.

• ජනප්‍රිය අයට කටකතා ගොසිප් මඩවලින් බේරිලා ඉන්න අමාරුයි නේද?

කට පරිස්සම් කරගන්න එක තමයි වැදගත්. අද ගොඩක් අය හොයන්නේ අනුන්ගේ දේවල්. ඕනෑම කෙනකුට පුද්ගලිකත්වයක් තියෙනවා. ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න බැරි දේවල් හැමෝටම තියෙනවා. ඒවා හංගගෙන හිටියාම ඒවා කටකතා ගොසිප් වෙනවා. ඒවා ඉතින් බාල වැඩ.

• ඉදිරි වැඩ කටයුතු ගැනත් කියමු?

චිත්‍රපට දෙකක් තියෙනවා තිරගත වෙන්න. වෙන නම් භාර ගත්ත වැඩ දැනට නැහැ.

අකිලා නදීශානි බණ්ඩාර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.