Feb 03

කුමාර්ට පුරවැසිභාවය දෙයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතාට මෙරට පුරවැසිභාවය ලබාදී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පෙබරවාරි පළමු වැනිදා සිට මෙය ක්‍රියාත්මක වන බවත් ඊට අදාළ අනුමතය අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ අස්සනින් යුතුව පෙරේදා (1දා) ලබාදී ඇත.

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි කුමාර් ගුණරත්නම් මහතා එම පුරවැසිභාවය අතහැරි බවට මාස තුනකදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයට ලිඛිතව දැන්විය යුතු බවද එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂාන් ද සොයිසා මහතා 'මව්බිම' කළ විමසුමකදී පැවැසීය. ඒ අනුව කුමාර් ගුණරත්නම් මහතාට දැනට පුරවැසිභාවය ලබා දී ඇති බවත් මාස තුනක් ඇතුළත ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයෙන් ඉවත් වූ බවට ලිඛිතව දැනුම් දීමෙන් පසු කුමාර් ගුණරත්නම් මහතාට මෙරට පුරවැසිභාවය හිමිවන බවද ලක්ෂාන් ද සොයිසා මහතා සඳහන් කෙළේය.

අදාළ අනුමතය සහිත ලිඛිත ලියවිල්ල කුමාර් ගුණරත්නම් මහතාට පෙරේදා (1දා) භාරගෙන ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ ඇති වූ අභ්‍යන්තර ආරවුලක් හේතුවෙන් සහ ආරක්ෂාව පිළිබඳව ඇති වූ ප්‍රශ්න හේතුවෙන් කුමාර් ගුණරත්නම් මහතා 2006 වසරේදී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය. නැවත 2011 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණෙන කුමාර් ගුණරත්නම් මහතා මෙරට රැඳී සිටියදී 2012 අප්‍රේල් මස 6 වැනි දින පැහැර ගැනීමකට ලක්වෙයි. පසුව 2012 අප්‍රේල් මස 8 වැනි දින මෙරටින් පිටුවහල් කරන කුමාර් ගුණරත්නම් මහතා 2015 ජනවාරි පළමුවැනි දින ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට නැවත පැමිණේ.

වීසා සම්බන්ධ ඇතිව තිබූ ප්‍රශ්නයක් හේතුවෙන් 2015 ජනවාරි 21 වැනි දින ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් කරනු ලබයි.

කුමාර් ගුණරත්නම් මහතාට පුරවැසිභාවය ලබා දෙන ලෙසට 2015 පෙබරවාරි 18 වැනි දින මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන අතර පසුව එම පෙත්සම විභාග කිරීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරනු ලබයි.

2015 වසරේ මහ මැතිවරණය සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ජාතික ලැයිස්තුවට පවා නම් යෝජනා වූ කුමාර් ගුණරත්නම් මහතා 2015 නොවැම්බර් මස 4 වැනි දින කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ළක් වෙයි.

වීසා කාලය අවසන්ව මෙරට අනවසරෙන් රැඳී සිටීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වන කුමාර් ගුණරත්නම් මහතාට 2016 මාර්තු 31 වැනි දින කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වසරක සිරදඬුවමක් නියම වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.