Jan 17

ඇන්ජලෝ නිසා මට ප්‍රසන්න ජයවර්ධන අයින් කරන්න වුනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවකු මෙන්ම හිටපු නායකයකුද වන කුමාර සංගක්කාර තම නායකත්වය යටතේ ටෙස්ට් තරග 15කින් තරග 5ක් ජයගෙන තිබේ.වර්තමාන නායක ඇන්ජලෝ මැතිව්ස් තරග 32ක් මෙහෙයවා ඉන් තරග 13ක් ජයගෙන ඇති අතර තරග 12ක් පරාජයට පත්වී ඇත.


වත්මන් නායක මැතිව්ස් මුලින්ම ටෙස්ට් තරගයකට මුහුණ දෙන්නේ කුමාර සංගක්කාර යටතේය.ඒ පකිස්තානයට එරෙහිවය.එම තරගයට මැතිව්ස් කණ්ඩායමට ඇතුලත් කරගත් ආකාරය සංගක්කාර මතක් කරදී ඇත.ප්‍රේක්ෂක ප්‍රශ්න වලට පිළිතුරු සපයන වැඩසටහනකදී සංගා එය හෙළි කර ඇත.

එහිදී ප්‍රේක්ෂකයා අසා ඇත්තේ ” ඔබ නායකත්වය දරන කාලයේ ඔබට හැකියාව තිබුනද ඔබට අවශ්‍ය 11 දෙනා කණ්ඩායමට තෝරාගන්න,කොහොමද තේරීම් කමිටුව එක්ක තිබුන ගනුදෙනුව කණ්ඩායම තෝරද්දී,,?”

එයට පිළිතුරු දෙමින් සංගා”මම මුලින්ම නායකත්වය දුන්න තරගාවලියේ පළමු තරගයට මට ඕනෑ වුනා මැතිව්ස් කණ්ඩායමට ඇතුල් කරගන්න,එහෙම කරන්නනම් කඩුලු රකින ප්‍රසන්න අයින් කරන්න වෙනවා,ඒකට තේරීම් කමිටුව කැමති වුනේ නෑ,මාත් ප්‍රසන්න එළියේ තියන්න කැමති නෑ,එත් ලංකාවේ තණතිලි වලට පන්දු යවන්නෙක් විදියටයි පිතිකරුවෙක් විදියටයි මැතිව්ස්ගෙන් වැඩක් ගන්න පුළුවන් නිසා මම හිටියේ එයා කණ්ඩායමට අවශ්‍යමයි කියන මතයේ,

ඇන්ජලෝ කණ්ඩායමට අරගෙන ඩිල්ශාන් කඩුලු රකින්නා විය යුතුයි කියන කතාව මම කිව්වේ,තේරීම් කමිටුවේ එක සාමාජිකයෙක් මම මගේ මතය වෙනස් කරගන්නේ නැති වුනාම කිව්වා,හරි අපි එහෙම කරමු හැබැයි ඔයා ගන්න තීරණේ මේ වෙලාවේ වැරදුනොත් ඊලග තරග වලට අපි තෝරන කන්ඩායම එක්ක යන්න ඕන.ඔයාට ඕන කෙනා ඉල්ලන්න බෑ කියල,මම ඒකට එකග වුනා,

කොහොම හරි අන්තිමට අපි ඒ තරගාවලිය 2-0 විදියට දිනුව,එදා මට විරුද්දව තේරීම් කමිටුවේ කතාකරපු කෙනා තරගාවලියේ අවසානයේ ඇවිත් කිව්වා ඔයාගත්ත තීරණේ හරි කියල.”

එම තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් පළමු ඉනිමේ ලකුණු 42ක් සහ දෙවන ඉනිමේ ලකුණු 27ක් ලබාගත් අතර ඉනිම් දෙකේම පකිස්තාන් ප්‍රභලම පිතිකරුවකු වන යුනිස් ඛාන් දවාගත් අතර පළමු ඉනිමේ කම්රාන් අක්මාල් දුවද්දී දවාගැනීමටත් සමත් විය.

Source – Sportsline.lk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.