Jan 30

ඡන්දයෙන් පැරදී පත්කල යෝජිත උපකුලපතිට විශ්වාසභංගයක් ???

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයට පත්කිරීමේ ඡන්ද විමසීමේදී දැනට උපකුලපති ලෙස කටයුතු කරන ආර්ථික විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ඉන් වැඩිම ඡන්දය ලබා ජයග්‍රහණය කොට තිබියදී ඒ මහතා පත් නොකොට යම් යම් දේශපාලන බලපෑම් නිසා දෙවැනි තැන ලබා ඡන්දයෙන් පරාජය වූ තැනැත්තෙකු පත් කිරීමත් සමග කැළණිය සරවිය මේ වන විට ඉතා උණුසුම්කාරී තත්වයකට පත්ව තිබෙනවා.


දේශීය මෙන් ම ගෝලීය වශයෙන් අතිශය සීඝ්‍රගාමී සංවර්ධනයක් පසුගිය වසර තුනක කාලය තුළ අත්පත් කරගත් කැලණිය විශ්වවිද්‍යාලයට දැනට සිටින උපකුලපතිවරයාගේ සේවා කාලය මාස දෙකක් ඉතිරිව තිබිය දී නව උපකුලපතිවරයෙකු නම් කර තිබෙන්නේ, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයට පත්කිරීමේ ඡන්ද විමසීමේදී දැනට කටයුතු කරන ආර්ථික විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ඉන් වැඩිම ඡන්දය ලබා ජයග්‍රහණය කොට තිබියදී වීම මේ තත්වය දැඩි වීමට එක් හේතුවක්.

ඉන් පසු නොබෝදා පැවැත් වූ ප්‍රථම සනාතන සභාවේදී (2017.01.25) කැලණිය විශ්වවිද්‍යාලයීය පාලක සභාවට සනාතන සභාව වෙනුවෙන් නියෝජිතයින් දෙදෙනෙකු පත් කරගැනීම සදහා පැවති නිලවරණයේ දී ඉදිරිපත් කළ පුද්ගලයින් දෙදෙනා ඉතා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජරාජය කර සනාතන සභාවේ අප්‍රසාදය ඡන්දයෙන් පැරදී දේශපාලන බලයෙන් පත්කල යෝජිත උපකුලපතිට දැඩිව එල්ල කර ඇත.

එම සනාතන සභා නියෝජිතයින් දෙදෙනා තෝරා ගැනීම සදහා ඡන්දයෙන් පැරදී දේශපාලන බලයෙන් පත්කල යෝජිත උපකුලපතිවරයාගේ පාර්ශවයෙන් මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස සහ මහාචාර්ය කේ.ඞී. ජයසුරීය ඉදිරිපත් කර ඇති අතර වත්මන් උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාරගේ පාර්ශවයෙන් මහාචාර්ය ලාල් තිලකරත්න හා මහාචාර්ය කපිල සෙනෙවිරත්න යන මහත්වරු ඉදිරිපත් කර ඇත.

මෙහිදී මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා සනාතන සභාවේ සියලූ ඡන්ද අතරින් අවම ඡන්ද සංඛ්‍යාවක් (39) ලබා අන්ත පරාජයකට පත්විය. එමෙන් ම යෝජිත උපකුලපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අනෙක් නියෝජිතයා වූ මහාචාර්ය කේ.ඞී. ජයසූරිය ඡුන්ද හැට එකක් (61)ක් ලබා පරාජය විය. ඒ අනුව යෝජිත උපකුලපතිවරයාගේ නියෝජිතයන් දෙදෙනාම පරාජයට පත්විය.

සනාතන සභාව යනු විශ්වවිද්‍යාලයක ශාස්ත්‍රිය කටයුතු තීරණය කරන ආයතනයකි. එය විශ්වවිද්‍යාලයේ සියලූම පීඨාධිපතිවරු, අංශාධිපතිවරු, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු සහ මහාචාර්යවරු යන අයගෙන් සමන්විත ය.
මෙකී මණ්ඩලයේ වැඩි බහුතර ඡුන්ස ලබාගෙන දැනට කටයුතු කරන උපකුලපතිවරයාගේ පාර්ශවය නියෝජනය කරන ලාල් තිලකරත්න (74) සහ මහාචාර්ය කපිල සෙනෙවිරත්න (69) අති බහුතර ඡුන්දයෙන් පාලක සභාවට තේරී පත්විය. යෝජිත උපකුලපතිවරයාට එරෙහිව එතුමන්ගේ පීඨයෙන් ම තරග කළ මහාචාර්ය ලාල් තිලකරත්න මෙහිදී වැඩිම ඡන්ද සංඛ්‍යාවකින් (74) තේරී පත්වීම දක්නට ලැබුණු සුවිශේෂී තත්ත්වයකි.

පසුගිය රජයෙන්ද, සියලූ වරප්‍රරසාද ලබාගෙන ව්‍යාජ මැතිවරණ සමීක්ෂණ ගණනාවක් සිදුකර අතිමහත් ධනස්කන්ධයක් හරි හම්බකරගත් මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස යහපාලන ආණ්ඩුව පිහිටු වීමට කිසිදු මෙහෙවරක් නොකොට, නැවතත් ළග එන පළාත් පාලන ඡන්දයට සමගාමීව මැතිවරණ සමීක්‍ෂණ සිදු කිරීමට මාන බලමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ළග නැවතත් විළි ලැජ්ජා නැතිව දණින් වැටී සිටින බවටත් විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. ඔහුගේ අපේක්‍ෂව වන්නේ පවතින ආණ්ඩුවෙන් ලක්‍ෂ පනහක් – හැටක් හරි හම්බ කරගැනීම මිස කැලණිය විශ්වවිද්‍යාලය සුරැකීම සදහා කටයුතු කිරීම නොවේ. නමුත් ප්‍රශ්නය වන්නේ තමා තරග කරන සනාතන සභාවේ ඡන්ද ප්‍රතිශතය පිළිබදවත් හරි හැටි පූර්ව අවබෝධයක් ලබා ගැනීමට අවබෝධයක් නොමැති අයෙකු නැවතත් යහපාලන අණ්ඩුවේ මැතිවරණ සමීක්ෂණ විද්‍යාත්මකව සිදුකරන්නේ කෙසේ ද යන්නය.

අවසාන වශයෙන් මින් එකක් පැහැදිලි ය. එනම්, මාස දෙකකට පෙරාතුව පත් කිරීමට සූදානම් වන උපකුලපතිවරයා පසු පස අදබාල පිරිසක් සිටින බවත්, ඒ අනුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් බහුතරයකගේ කැමැත්ත හා සහයෝගය යෝජිත උපකුලපතිවරයාට නොමැති බව පාලක සභාවට නියෝජිතයින් පත් කිරීමට පැවති සනාථ සභා ඡන්දයෙන් කදිමට ඔප්පු වීමයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.