Jan 28

මේ ටිකේ මම ඉන්නෙ අසනීපෙන් හිරුණිකා නොකියා කියන රහස ?

දේශපාලන ලෝකයේ පෙරළිකාර චරිතයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පිළිබඳ ලැබුණු අලුත්ම ආරංචියක් ගැන අහන්න හිතාගෙන තමයි ඔන්න කතාව පටන් ගත්තේ


හැමෝම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියලා කතා කෙරුවට සම්පූර්ණ නම දැනගන්න කැමතියි?

මගේ සම්පූර්ණ නම හිරුණිකා එරංජලි ප්‍රේමචන්ද්‍ර.

ඔයාගේ සහකරුගේ නමත් මතක් කෙරුවොත්. අපි දන්න තරමින් නම් දෙකත් බොහෝ සමානයි.?

එයා හිරාන් එරන්ද යටෝවිට.

අලුත් ජීවිතේ හිතුවටත් වඩා ලස්සනයි කියලා ආරංචියි......?

අපි දෙන්නා විවාහ වෙලා දැන් අවුරුදු දෙකකට ආසන්න වෙනවා. කාලය ගියා තේරුණේ නැහැ. ඉතාම සන්තෝසෙන් ජීවත් වෙනවා.

ජිවිතේ අලුත් වෙනසක් වෙන්න යනවා කියලත් රාවයක් පැතිරෙනවා....?

හැමදේම ලැබෙන්නේ දෙයියෝ දෙන වෙලාවට තමයි. අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ වෙලාවටම කවදාවත් ලැබෙන්නේ නැහැ. මම ඒ දේවල් වැඩිය හිතන්නේ නැහැ. දෙයියෝ දෙන වෙලාවට අපිට ඒවා ලැබෙයි.

ළඟදි ඔබ රෝහල් ගත වුණේ දෙන්නා තුන්දෙනා වෙන්නවත් යන නිසා ද?

අනේ නැහැ. මම රෝහල් ගත වුණේ වෙනත් අසනීපයකට.

අලුත් තැනක පදිංචියට ආවේ වෙනසක් බලාපොරොත්තුවෙන් නේද?

ඔව්. ජීවිතේ අලුත් වෙනසක් බලාපොරොත්තුවෙන්. අපි හෝකන්දර ප්‍රිවිලේජ් හෝම් නිවාසයකට ඇවිත් දැන් මාස තුනක් වෙනවා. මේක අලුතින්ම හදපු ගෙයක්. අපි සල්ලිවලට අරගෙන ආවා.

අම්මා දාලා එනකොට ජීවිතේ ලොකු පාළුවක් දැනෙන්න ඇති නේද?

විවාහ වුණාට පස්සේ අපිට හැමදාම මවුපියන් ළඟ ඉන්න බැහැනේ. අම්ම ම තමයි කිව්වේ අපි දෙන්නට වෙනමම ලස්සන ජීවිතයක් ගත කරන්න කියලා. ඒත් අම්මයි අපියි නිතරම මුණ ගැහෙනවා. නැතිනම් ෆෝන් එකෙන් නිතරම කතා තරනවා. අපි දෙන්නා නිතරම ඒ ගෙදරත් මේ ගෙදරත් ඉන්නවා.

මෙහෙම තැනකට ඇවිත් නිස්කලංකව ඉන්න හිතුණේ ඇයි...?

අපි දෙන්නා හරි ආසයි පරිසරයත් එක්ක ඉන්න. නිස්කලංක බව නිසයි මේ වගේ පැත්තකට එන්න හිතුණේ. කොළඹ පැත්තේ හරියට ගහක් කොළක් දකින්න නැහැ.

වැඩක් නැති වෙලාවට මේ ගෙදරට වෙලාම ඉන්න ආසයි කියලා ආරංචියි...?

ඔව්. අපි වැඩක් නැති වෙලාවට මේ ගෙදරට වෙලාම ඉන්නවා. අපි දෙන්නා හරි ආසයි ඇවිදින්න යන්නැතුව ගෙදරට වෙලාම ඉන්න. හිතුණාම පාරේ ඇවිදින්න යනවා. එහෙම නැත්නම් ගොඩාක් කැමැති ගෙදරටම වෙලා ඉන්න.

ඇවිදින්න යන්න අකැමැති හැමතැනම දන්න කියන අය වැඩි නිසා ද?

අනේ නැහැ. අපි දෙන්නා හරිම ආසයි ගෙදරට වෙලාම ඉන්න. අපි උත්සව පාටි වල ඉන්නවා දකින්නේ හරිම අඩුවෙන්. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට අපි දෙන්නා ගෙදරට වෙලා කතා කරකර ඉන්නවා. අපි දෙන්නටම වැඩක් නැතිනම් අපි දෙන්නම අනිවාර්යයෙන් ඉන්නේ ගෙදර තමයි.

එහෙම ඉන්නකොට මහත්තයට රසට උයලා පිහලා දෙනවා ඇතිනේ...?

දැන්නම් සහායට කෙනෙක් අරගෙන ඉන්නවා. නැත්නම් මේ ගෙදරට ආපු මුල් දවස් වල හැමදේම කෙරුවේ මම තමයි. හැබැයි මගේ මහත්තයටත් හොඳ රසට උයන්න පුළුවන්. බැඳපු දවස් වල ඉඳන්ම අපි දෙන්නා එකට ඉව්වා.

මහත්තයා ඔයා ඉව්ව රසයි කියූ කැම ජාති ගොඩාක් ඇතිනේ....?

එයාට මම උයන හැමදේම රසයි. හැම කෑමක්ම මට රසට උයන්න පුළුවන්. මම පිටරට ඉගෙන ගත්ත කාලේ හැමදේම තනියෙන්ම තමයි උයාගෙන කැවේ. ඒ නිසා මට හැමදේම රසට උයන්න පුරුදුයි.

විවාහ ජීවිතේ බරක් කියලා හිතුන් නැද්ද?

අනේ නැහැ. මට හොඳ සැමියෙක් හමුවුණා. ඒ නිසා අපි දෙන්න සන්තෝසෙන් ඉන්නවා. එයාගේ ගතිගුණ හරියට මගේ වගේ. එයාගේ මවා ගත්තු කිසි දෙයක් නැහැ. අව්‍යාජකමක් තියෙන්නේ.

ජනප්‍රිය අයගේ විවාහ මහා ඉහළින් ගන්නවා. ඒත් ඔයාලා විවාහය නිහඬවම ගත්තා...ඒකට හේතුවක් තිබුණද?

අද කාලේ වෙඩින් මාකටින් පැත්තට බරයි. හැම එකක්ම හැම පැත්තෙන්ම මාකට් වෙලා. වෙඩින් එකක් කියන්නේ අපේ පෞද්ගලික දෙයක්නේ. විවාහයට එන්න ඕන අපට හදවතින්ම ආශිර්වාද කරන පවුලේ උදවිය. ඒ නිසා අපේ ලස්සන උත්සවයක් වෙලාවට ඇයි අපි අනවශ්‍ය විදියට පීඩාවට පත්වෙන්නේ. මේ දෙවල් කල්පනා කරලයි අපි අපේ වෙඩින් එක පොඩියට කරන්න හිතුවේ.

මුල්ම ආදරය සෙනෙහෙ කොළ වලින්ද නැත්නම් එස් එම් එස් වලින්ද?

අපිට නොයෙකුත් අවස්ථාවල නොයෙකුත් පිරිමි ළමයින් හමුවෙනවා. අපි ඒ වෙලාවට හිතෙනවා ඒක තමයි ආදරය කියලා. නමුත් එක ආදරය නොවෙන්නත් තිබුණා. අපි දෙන්නටත් එහෙමයි. මමයි හිරානුයි දෙන්නම අපි දෙන්නගේ එදිනෙදා තියෙන වැඩ, හමුවෙන අයට ඉඩ දීලයි තියෙන්නේ. මොකද ගෙදර ආවට පස්සේ අපි දෙන්නට අපි දෙන්නා විතරයි ඉන්නේ. අපි දෙන්නගේ ආදරය දැනුණේ එකම මොහොතක. මුලින් යාළුවෝ වගේ ආශ්‍රය කළේ. නමුත් පස්සේ කතාබස් කරන කොට අපි දැනගත්තා අපි දෙන්නගේ හැඟීම් බොහෝ දුරට සමානයි කියලා. මගේ අම්මයි පුංචිලයි දැක්ක ගමන්ම එයාට කැමැති වුණා. මොකද එයා අපේ අම්මගේ මල්ලි වගේ. මුලින්ම හිරාන්ගේ නංගියි අපේ ආදරය දැනගත්තේ. ඒ නිසා මුලින්ම එයාගේ ගෙදරිනුයි අපි දෙන්නට කැමැත්ත දුන්නේ.

දෙන්නගේ වැඩ රාජකාරි ගෙදරට ගේන්නේ නැද්ද?

අපි දෙන්නා උදේට එකටමයි එළියට යන්නේ. එයා මාව අවශ්‍ය තැන බස්සලා එයා එයාගේ වැඩට යනවා. එතකොට එයා දන්නවා මම කොහෙද ඉන්නේ කියලා. අපි දෙන්නා කොහේ ගියත් දෙන්නා කොහේද ඉන්නේ කියලා දෙන්නා දන්නවා. කන්න කලිනුත් අපි දෙන්නා කෑවද කියලා හොයලා බලනවා. මම පාර්ලිමේන්තුවෙන් කන නිසා මම නිතරම එයා කෑවද කියලා හොයලා බලනවා. නමුත් රෑට අපි දෙන්නා එකට ඉඳගෙනමයි කන්නේ.

බත් හැළිය ඉදෙනකම් පොඩි පොඩි විරසක වීම් දෙන්නා අතර ඇති වෙනවා ඇති...?

ඔව්. මට තමයි තරහ යන්නේ. මම මොකක් හරි එකකට මූණ එල්ල ගත්තහම එයා මොනවා හරි කියලා යාළු වෙනවා. තරහ ගියාම මම කෑගහනවා. ඒත් එයා සද්ද කරන්නේ නැහැ.

තරහා යන එක පාඩුවක් කියලා හිතෙන්නැද්ද...?

ඇත්ත. ඒත් වෙන්නේ මට තරහ ගිය­ාම එයා කරන්නේ මාව තවත් අවුස්සන එක. එයා හරිම ආසයි මට කේන්ති යනවට. බොරු දේවල් කියලා මාව අවුස්සන එක දැන් මම තේරුම් අරගෙන ඉන්නේ.

ආන්දෝලනාත්මක කතා ඉදිරිපත් කරන්න දැන් හරි දක්ෂයිනේ...?

මම පොඩි කාලේ ඉඳන්ම එහෙමයිනේ. තාත්තා නැතිවුණ මුල් කාලෙත් මම එහෙම කතා කළානේ. අවස්ථාව ආවහම ඒ විදියට කතා කරනවා.

තරුණියක් විදියට නිදහසේ ස්වාමියාගේ අත් අල්ලගෙන ඇවිදින්න ආස නැද්ද..?

අපි දෙන්නා ගොඩාක් ආසයි නිවාඩුවක් ලැබුණොත් මුහුදු වෙරළට යන්න. එහෙම නැත්නම් අපි දෙන්නා ආසයි හිරාන්ලාගේ මතුගම මහගෙදර යන්න. ගිහිල්ලා ඇළේ දොළේ නාලා වත්ත පිටියේ ඇවිදින්න ආසයි. අපේ ගම තියෙන්නේ වැලිමඩ. නමුත් එහේ ගොඩාක් දුර හා කඳු නිසා නිතරම යන්න එන්න අමාරුයි. අපි දෙන්නටම ඒ පැතිවල යන්න බැහැ. වමනෙ යන්න එනවා.

ආරක්ෂාවට ඉන්න අය දාලා හොරෙන් යන ගමනුත් ඇති....?

අපි තනියෙන් යනවා ගොඩාක් අඩුයි. මේ අයත් අපේ පවුලේ අය වගේ නිසා ප්‍රශ්නයක් නැහැ. කෑමකට එළියට ගියත් අපිත් එක්ක කවුරු හරි එනවා. අපි හොරෙන් ගියොත් ඒ අයගේ හිත් අමනාප වෙනවා. මොකද අපේ ආරක්ෂාව තියෙන්නේ ඒ අයගේ අතේ නිසා.

ලස්සන සුදු පාටින් රූපේ තියාගන්න මොනවා හරි කරනවා ඇති...?

මම උදේම නැඟිටලා හිස්බඩ තැඹිලි ජෝග්ගු දෙක තුනක් බොනවා. කොළ කැඳ බොනවා.

සිරුර ලස්සනට තියාගන්න යෝග කරනවා කියලා ආරංචියි....?

යෝග කරනවා. ඒත් දැන් ටික දවසක සිට අසනීප නිසා කරගන්න බැරිව ගියා.
සුදු සාරියෙන් ඉවත් වුණේ විලාසිතාවන්ට කැමැත්තක් තියෙන නිසා ද..?

නැහැ. තාත්තගේ මරණය නිසයි සුදු ඇන්දේ. එත් මම ගොඩාක් ආස ළා පාට. කුර්තා අඳින්නත් ආසයි. ඒත් රාජකාරියකට යනවනම් අනිවාර්යයෙන් සාරිය තමයි අඳින්නේ.

ඇයි සාරි හැට්ට කර වැහෙන්නම අඳින්නේ.....?

මම ආසයි ඒ විදියට සාරි අඳින්න. නීති විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙත් මම ඇන්දේ ඒ විදියට. මම හිතනවා ඒ විදියට ඇන්දහම හොඳ පෞරුෂයක් තියෙනවා කියලා. මම රූපලාවන්‍යගාර වලට යනවා ගොඩාක් අඩුයි. හැමදේම කරගන්නේ ගෙදරින්. මම මඟුල් ගේකට යන්නවත් සැලෝන් එකකට ගිහින් ඇඳගන්නේ නැහැ.

නීතිය හදාරන්න ගිහින් නැවතුණේ වගකීම් වැඩි නිසා ද?

මම කර කර හිටපු විභාග අතර මඟ නැවතුණා, මේ වැඩ නිසා. තව මට විභාග තියෙනවා කරන්න. ඒවා කෙරුවොත් තමයි මට නීතීඥයෙක් විදියට වැඩ කරන්න පුළුවන්. මගේ අදහස තියෙන්නේ මට අවුරුදු තිහට කලින් නිතීඥයෙක් වෙන්න. ඒ නිසා මම මහත්තයට කිව්වා කොහොම හරි දැන් පටන් ගන්න ඕන කියලා.

ඒ කියන්නේ තවමත් ඔබට අවුරුදු 30 පැනලා නැහැ. සමහරු වගේ ඔබත් වයස කියන්න අකැමැතිද?

දැන් මට වයස 29 යි.

වේදනාබර අතීතයට තිත තබලද? නැතිනම් තාමත් මතකයට නැඟෙනවද?

ඔව්. තාත්තා ගැන මතක් කරන හැම වෙලාවේම දුකක් දැනෙනවා. තාත්තා හිටියනම් අද කොච්චර සන්තෝස වෙනවද කියලා හිතෙනවා. තාත්තාගේ ගොඩාක් ගතිගුණ හිරාන්ට තියෙනවා. හිරාන් කරන ගොඩාක් වැඩ දැක්කහම මට මතක් වෙන්නේ තාත්තා. තාත්තා හරීම සංවේදියි. මට හරීම ආදරෙයි. ඒ හැම දේම හිරාන්ගෙන් ලැබෙනවා.

හැම දේම එපා කියලා හිතුන දවසකට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද?

අපි දෙන්නගේම බලාපොරොත්තුව තමයි දරුවන් හදලා ඒ ගොල්ලන්ගේ වැඩ කටයුතු ඉවර කරලා මතුගම වගේ පැත්තක හෝ ඈත පළාතක ගිහින් සැඳෑ සමය ගත කරන්න‍.

කොයි දරුවත් අම්මට තාත්තට වැඩි නැහැ. ඒත් මුල් දරුවා කවුරු වුණොත් හොඳද නැද්ද කියලා කුළුදුල් අම්මකුගේත් තාත්තකුගේත් හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. ඔයාලගේ හිතේත් පුංචි බලාපොරොත්තුවක් ඇති.....?

හිරාන් නම් කැමැති දුවකට. මමත් දුවකට කැමැතියි. පුතෙක් වුණත් කැමැතියි.
ජනතාවගේ මනාපය හැමදාම තියේවිද?

ජනප්‍රියතාව අද තියෙන්න පුළුවන්. හෙට නැතිවෙන්න පුළුවන්. ජනතාවගේ මනාපය තියෙනකම් මම ඒ ක්ෂේත්‍රෙය් ඉඳීවි. ඒ නිසාම තමයි මම නීති විද්‍යාලයේ විභාග අවසන් කරන්න හිතුවේ. මගේ අදහසත් තියෙනවා තව උපාධියක් කරන්න. මගේ ජීවිතේ පුදුම ආසාවක් තියෙනවා ලෙක්චරර් කෙනෙක් වෙන්න. මම හරි ආසයි විශ්ව විද්‍යාලයක උගන්වන්න. මේ දවස් වල මම මහන්සි වෙන්නේ ඒකට. මහත්තයා වගේම මගේ අම්මත් මගේ ගමනට උදවු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.