Jan
05
කොටුවේ දුම්රිය බෝම්බ සිද්ධියේ සියල්ල හෙළිවෙයි තරුණිය ඇත්තම කියයි
දුම්රියක සැක කටයුතු යමක් ඇති බවට පොලිසියට ඇමතුමක් ලබාදුන් තරුණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පෙරවරුවේ මෙම තරුණිය කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි කොටුව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.
පසුගිය දෙසැම්බර් 26 වනදා රාත්‍රියේ බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රියක සැකකටයුතු යමක් ඇති බවට 119 හදිසි ඇමතුම් අංකයට තරුණියක් විසින් ඇමතුමක් ලබාදී තිබුණා.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය ද කැඳවා පැය 2 කට ආසන්න කාලයක් එම දුම්රිය පරීක්ෂාවට ලක් කළා. කෙසේ වෙතත්, සැකකටයුතු කිසිවක් දුම්රිය තුළ තිබී හමුවූයේ නැහැ. ඉන් අනතුරුව පොලිසිය මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර, එහිදී අනාවරණ වූයේ සිය පෙම්වතා වෙනත් තරුණියක සමඟ විවාහ වීමට අදාළ දුම්රියෙන් යන බවට ලැබුණු තොරතුරක් මත එම දුම්රිය නවත්වා ගැනීම සඳහා තරුණයාගේ පෙම්වතිය මෙම ඇමතුම ලබාදී ඇති බවටයි.
ඒ අනුවයි අද පෙරවරුවේ 18 හැවිරිදි කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය කොටුව පොලිසිය වෙත කැඳවනු ලැබුවේ.
කෙසේ වෙතත් දහඅට හැවිරිදි පාසල් ශිෂ්‍යාව රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ (04 වැනිදා) නියෝග කළාය.