Jan
07
හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කරන්න චීනය බෑ කියයි ?
හම්බන්තොට වරාය තම සමාගමට පැවරීමේ ගිවිසුමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා අස්සන් තැබිය යුතුම යයි චයිනා මර්චන්ට් සමාගම රජයට දන්වා ඇති බව වාර්තා වෙයි.
රජයේ පාර්ශවයෙන් මීට පෙර දැනුම් දී තිබුනේ මෙම ගිවිසුම සදහා සංවර්ධන උපාය මාර්ග, අන්තර්ජාතික වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සංවර්ධන විශේෂ විධි විධාන පනත මඟින් ස්ථාපිත කිරීමට යෝජිත ආයතනයේ ප්‍රධානියකු පමණක් අස්සන් කිරීම ප්‍රමාණවත් බවයි.
නමුත් සංවර්ධන විශේෂ විධිවාධාන පනත පළාත් සභා සියල්ලෙන්ම සම්මත නොවූ තත්වයක් යටතේ එම ගිවිසුම නීත්‍යනුකූල නොවන බවට ඒකාබද්ධ විපක්‍ෂය විසින් පෙන්වා දීම සැලකිල්ලට ලක් කරමින් චීන රජය විසින් මේ බව දන්වා ඇත.
අද දිනයේ අත්සන් කිරීමට නියමිතව තිබූ වරාය ගිවිසුම කල්දමා ඇත්තේ චීන සමාගමේ දැනුම් දීම හේතුවෙන් යයිද සදහන්ය.