Jan 16

බැන - බැන සහ විවේචනය කරන දේම තමයි වැඩිපුර නරඹන්නෙ - ආශාවරී හි රඟපාන ඕෂධී කියයි

ඕෂධී හිමාෂා ශ්‍රී ලංකාවේ ප‍්‍රකට නිරූපන ශිල්පිනියකි. නිරූපන ක්ෂේත‍්‍රයෙන් එහාට ගොස් රංගන ක්ෂේත‍්‍රයට අවතීර්ණ වී සිටින ‘‘ ඕෂධී හිමාෂා’’ ගැන මේ දිනවල බොහෝ දෙනා කතා කරන්නේ ‘‘ආශාවරී’ නමැති ගීතය යූ ටියුබ් ඇතුළු අන්තර්ජාලයට මුදාහැර ඇති නිසයි.

ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වන මියුසික් වීඩියෝ අතරින් මෙය ආන්දෝලනාත්මක කතා බහකට යොමුවී ඇත්තේ තනපට සහ යටි ඇඳුමෙන් පමණක් එක් දර්ශනයකට ඇය පෙනී සිටීම නිසාය. ඕෂධී ඒ මියුසික් වීඩියෝවට පෙනී සිටීම ගැන සහ කලා ජීවිතයේ අනෙකුත් විස්තර සඳැල්ලට කීවේ මෙලෙසිනි.

ඕෂධී කලා ක්ෂේත‍්‍රයේ වැඩ කටයුතු කොහොමද?

සුපුරුදු පරිදි නිරූපන ක්ෂේත‍්‍රයේ කටයුතු කරගෙන යනවා. ඒ අතරේ රඟපෑමේ කටයුතු නිසාත් කාර්ය බහුල වෙලා.

 දැන් ලංකාවේ සිටින කාර්ය බහුලම ඉල්ලූමක් තියෙන නිරූපන ශිල්පිනිය ඔබද?

නැහැ, තවත් අය සිටිනවා. මගේ ගැන මට කියන්න බැහැනෙ. නමුත් යම්තාක් දුරකට ඉතාම හොඳ ස්ථාවර මට්ටමක සිටින ශිල්පිණියක් කිව්වොත් නිවැරදියි.

 රඟපෑමට ඒමේ අදහසක් ඔබට තිබුණෙ නැහැ නේද?

ඔව්.

කොහොමද ඒ අවස්ථාව ලැබුණෙ?

රඟපෑම ගැන මට ලොකු අදහසක් තිබුණෙ නැහැ. මට ලොකු හැකියාවක් නැහැ නේද කියන දේ මගේ මනසේ තිබුණා. නමුත් උදයකාන්ත අයියා කළ ආරාධනයකට අනුව පළමු වතාවට චිත‍්‍රපටයක රඟපෑමට එක්වුණා. ‘‘වස්සානයේ සඳ’’ එම චිත‍්‍රපටයයි.

 ඒ චරිතය ගැන කිව්වොත්?

ඔස්ටේ‍්‍රලියාවේ ජීවත් වන වඩා සුවපහසු දිවියක් ගත කරන තරුණියකගේ චරිතයක්.

 රඟපෑම කළ නොහැකියි කියන අදහස තිබුණු ඔබ කැමරාව ඉස්සරහට ගිහින් රඟපාද්දී මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ?

ඇත්තටම රඟපෑම ගැන සහ දෙබස් උච්චාරණය ගැන චකිතයක් තිබුණට කැමරාව මට නුහුරු දෙයක් නොවෙයි. මියුසික් වීඩියෝ සහ වෙළඳ දැන්වීම් ගණනාවකට පෙනී සිටිමින් අත්දැකීම් ලැබූ කෙනෙක්.

 මියුසික් වීඩියෝ කීයකට විතර පෙනී සිට තියෙනවාද?

ගණන බලා නැහැ. නමුත් සියයකට වඩා එහා ගණනකට පෙනී ඉඳලා තියෙනවා.

 ඒ අතරින් මේ දක්වා ඉහළම ප‍්‍රතිචාර ලැබුණෙ මොන මියුසික් වීඩියෝවටද?

මේ වසරේ මුලදී අන්තර්ජාලයට මුදාහැරි කල්පන නමැති අලූත් ශිල්පියා ගැයූ ‘ආශාවරී’ ගීතයේ වීඩියෝවටයි. ඊට සෑහෙන ප‍්‍රතිචාර ලැබෙනවා.

මේ වීඩියෝව ආන්දෝලනාත්මක කතා බහකට මුලපුරලා නේද?

ඇත්තටම හේතුව එය මෙච්චරකල් කළ මියුසික් වීඩියෝවලට වඩා වෙනස්වීමයි. ලංකාවේ මියුසික් වීඩියෝවක් සඳහා මෙතරම් සිරුර නිරාවරණය වූ දර්ශනයක් නොතිබෙන්න ඇති. නමුත් මම වෘත්තීය නිරූපණ ශිල්පිණියක ලෙස රූ රැජින තරග සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කරද්දී බිකිණි ඇඳුම පවා අඳින්න වුණා. ඉතින් මම මුල්වතාවට නෙවෙයි මේ විදියට පෙනී සිටියේ.

 කොහොමද ලැබෙන ප‍්‍රතිචාර?

සියයට අනූවක්ම විතර හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නෙ. ඒ අතරේ ඇයි ඒ වගේ ඇඳුමක් ඇන්දේ කියලා අහන අයත් සිටිනවා.

 ලාංකීය සමාජයට එවැනි දේ නුපුරුදුයි. ඇත්තටම ඇයි එවැනි ඇඳුමක් ඇන්දේ?

ශ්‍රී ලංකාව ලොකු සංස්කෘතියක් තියෙන රටක්. එය පිළිගන්න ඕනෑ. ඇත්තටම එවැනි දේ අභියෝග බවට පත්වෙනවා. නමුත් බැන - බැන සහ විවේචනය කරන දේම තමයි වැඩිපුර නරඹන්න, වැඩිපුර දකින්න අහන්න උත්සාහ ගන්නෙත්. හොඳ නැහැ කියා කියන දේවල්මයි.

 ඔබ කිව්වනෙ මේ මියුසික් වීඩියෝව වෙනස් කියලා. මොකක්ද වෙනස?

මේ දක්වා අපේ මියුසික් වීඩියෝ කලාව එකම රටාවට ගියේ. බිකිණි ඇඳුම ඇඳීම ජාත්‍යන්තර තරගයකට ගිහින් අඳින්න පුළුවන්නම් ඇයි මියුසික් වීඩියෝවකට බැරි? අනෙක මම නිරූපණ ශිල්පිනියක්. කොහොම වුණත් මේ මියුසික් වීඩියෝව මට අභියෝගයක් වුණා. ඒත් මේ වීඩියෝවෙන් කියැවෙන කතාව දිහා බැලූවොත් මෙය වරදවා තේරුම් ගන්න එකක් නැහැ. ඉරාජ් නිෂ්පාදනයක් ලෙස ප‍්‍රියංග රණසිංහ අයියා තමයි මට මේ ආරාධනාව කළේ. මෙහි සංකල්පය ගැන කිව්වාම පොඩි තැති ගැනීමක් ඇතිවුණා. ලාංකීය සමාජයට මෙවැනි පෙනී සිටීම් නුහුරු වුණාට මෙවැනි දසුන් නුහුරු නැහැ. අන්තර්ජාල පරිහරණයේදී ලාංකීය සමාජය ඒවා නරඹනවා. කොයිහැටි වෙතත් මේ ගීතයේ සහ කතාව වෙතින් ලොකු අරුතක් සමාජයට දෙනවා.

 මේ විදියට පෙනී සිටීමට පෙර ඔබ ඒ ගැන දෙවරක් සිතුවෙ නැද්ද?

ඇත්තටම මම මගේ සැමියාගෙන් උපදෙස් ගත්තා. මේ පෙනී සිටීම සහ ඒ කියැවෙන කතාව අනුව එය බාර ගන්න කීවා.

 ‘ ඕෂධී’ ඔබට හැමෝම කතා කරන්නේ ‘ඔෂි’ කියලා නේද?

මගේ සැමියා ඕෂධී, ඕෂී, සුදු කියලා අමතනවා. මිතුරු මිතුරියන් නම් ඕෂි කියා තමයි කියන්නේ.

‘ ඕෂි’ ඔබ කවුද?

මම ගොඩක් සරලව ජීවත්වන සරලව හිතන පතන කෙනෙක්. මගේ සීමා මායිම් ගැන වගේම ජීවිතයේ සැබෑ අරුත ගැනත් හිතන කෙනෙක්.

ඊළඟ චිත‍්‍රපටය මොකක්ද?

හර්ෂ උඩකන්ද අයියාගේ ‘ෆේස් ටු ෆේස්’ කියන චිත‍්‍රපටයේ රඟපෑවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.