Jan 20

ලෝකයේ ගැඹුරුතම මුහුදක් සහිත ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට දෙන්න සාකච්ඡා

ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට දීමට සාකච්ඡා කරමින් යන බවත්, එම තීරණය ඉක්මණින් ගනු ඇති බවත් ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතා ‘ද හින්දු‘ පුවත්පතට පැවසීය.

ඔහු එලෙස කීවේ ඉන්දියාවේ පැවැත්වෙන රයිසිනා සමුළුවට සහභාගී වී සිටින අතුරතුරදීය.


  ‘ලෝකයේ ගැඹුරුතම මුහුදක් සහිත වරායවල් අතරින් එකක් වන ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට පිරි නැමීමට  අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගැන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා පැවැත්වෙනවා.‘ යැයි ෆොන්සේකා මහතා කීවේය.

මෙය ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ ප්‍රතිපත්තිය අනුව ලංකාවේ වරායන්ට පිවිසීමේ සමාන අවස්ථා චීනයට සහ ඉන්දියාවට අත් කර දීමකි.

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ ඇති හම්බන්තොට වරායට යටිතල පහසුකම් සැපයීමට චීනය සම්බන්ධ කර ගැනීම තුළ ලංකාවට විශාල බරක් පැටවුණු බව ද ෆොන්සේකා මහතා කීවේය.

‘‘හම්බන්තොට වරායේ ඵලදායි නොවන වැඩ කටයුතු නිසා  ලොකු ණය බරක් ඇති වෙලා තිබෙනවා. ව්‍යාපෘතියේ ප්‍රශ්න සහ  දූෂණ නිසා   යටිතල පහසුකම් සංවර්ධනය ගැන යළි සොයා බැලීමට සිදුවුණා.  වරාය පෞද්ගලික ආයතනයකට දෙන්නේ  ප්‍රශ්න කිහිපයකට විසඳුම් ලෙසයි. චීනයේ සබ්මැරීනයක් ලංකාවට පැමිණීමෙන් පසු ඉන්දියාවේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණා.
 ‘
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ ආරම්භ කැරුණු හම්බන්තොට වරාය ශ්‍රී ලංකා - චීන ප්‍රධාන ව්‍යාපෘතියකි. නමුත් ණය බර ගැන විවාධය නිසා ව්‍යාපෘතියේ වැඩ මන්දගාමී විය.

2009 වසරේ දී දෙමළ ඊලාම් කැරලිකරුවන්ට එරෙහිව කළ යුද්ධයේ දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා රයිසිනා සමුළුව අමතමින් ප්‍රකාශ කළේ ඉන්දියන් සාගර කලාපය ගැන  හා නාවික කටයුතු  නිදහසේ කර ගැනීම    සම්බන්ධයෙන් ලංකාව කැපවීමෙන් හා වගකීමෙන් කටයුතු කරන බවයි.

ත්‍රස්තවාදයට සහ ආගමික අන්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරන  බවත් ෆොන්සේකා මහතා කීවේය.

 ‘ පටු දේශපාලන අභිමතාර්ත නිසා ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ දේශපාලන පක්ෂ සහ නායකයන් යුද සමයේ දෙමළ සටන්කාමීන්ට උදව් කළා.‘ යැයි ද ෆොන්සේකා මහතා සඳහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.