Jan 31

ආරම්භක පිතිකරු ස්‌ථානය ස්‌ථිර වෙන්න එකදිගට දක්‍ෂතා දැක්‌විය යුතුයි

දික්‌වැල්ල කියන තිත්ත ඈත්ත

විස්‌සයි විස්‌ස තරගාවලියේ ආරම්භක පිතිකරුවා ලෙස පැමිණි නිරෝෂන් දික්‌වැල්ල සිය ස්‌ථානය සඳහා වැඩි කැමැත්තක්‌ දක්‌වන බව පවසයි. දික්‌වැල්ල මේ තරගාවලියේදී නිත්‍ය ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කරන පළමු අවස්‌ථාව මෙය වන අතර ඔහු මීට පෙර ටෙස්‌ට්‌ සහ එක්‌දින පිලේ මැද පෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළේය.


''මම ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කරන්න කැමතියි. මොකද පළමුපෙළ තරගවලදිත් මම ක්‍රීඩා කරන්නෙ ඉදිරිපෙළ පිතිකරුවෙකු හැටියට. ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ කඩුලු රකින්නා විදිහට පැමිණි නිසා තමයි මැද පෙළ ක්‍රීඩා කරන්න වුණේ. නමුත් කණ්‌ඩායමට අවශ්‍ය නම් මට කඩුලු රැකල ආරම්භක පිතිකරුවා ලෙසත් ක්‍රීඩා කරන්න පුලුවන්'' යෑයි දික්‌වැල්ල පවසයි.

සිම්බාබ්වේ පැවැති තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේදී අංක තුන පිතිකරුවා ලෙස පැමිණි දික්‌වැල්ල බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පන්දු 106 කදී හතරේ පහර හතක්‌ සහ හයේ පහරක්‌ සමග ලකුණු 94 ක්‌ ලබාගැනීම ඔහු ක්‍රීඩා කළ එක්‌දින තරග හත තුළදී දැක්‌වූ ඉහළම දක්‍ෂතාව වේ. එම ඉනිම හේතුවෙන් ඔහුට විස්‌සයි විස්‌ස තරගාවලියේද ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට අවස්‌ථාව ලැබුණි.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු වැනි කණ්‌ඩායමක්‌ සමග පැවැති තරගාවලියකදී තරගයේ වීරයා සම්මානය ලැබීමෙන් දික්‌වැල්ල ඉතාමත් ඉහළ මානසිකත්වයකින් පසුවෙයි. ''දකුණු අප්‍රිකාව වැනි රටක්‌ සමග තරග කරල තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීම ඇත්තටම සතුටට කරුණක්‌. නමුත් ඒ තරගාවලියේදී ලැබුණ තණතීරුවට වඩා වෙනස්‌ තණතීරුවක්‌ තමයි පෝට්‌ එලිසෙබත් හිදී ලැබුණේ.'' යෑයි දික්‌වැල්ල පවසයි.

දකුණු අප්‍රිකාව සමග පැවැති විස්‌සයි විස්‌ස තරග තුනේදී එක්‌ අර්ධ ශතකයක්‌ සමග ඉනිමක ලකුණු 44 කට වැඩි සාමාන්‍යයක්‌ රඳවා ගනිමින් දික්‌වැල්ල මුළු ලකුණු 133 ක්‌ වාර්තා කිරීමට සමත් විය. එහිදී ඔහු දැක්‌වූ ඩිල් ස්‌කූප් පහර ගැනද මෙසේ පැවසයී. ''මම පළමු පෙළ තරගවලදීත් ඩිල් ස්‌කූප් පහර ගහනවා. ඩිල්ෂාන් අයියා ගහනව බලන් ඉඳල තමයි ඒ පහර ඉගෙන ගත්තෙ. නමුත් ඩිල්ෂාන් අයිය තමයි ඒ පහර හොඳින්ම එල්ල කරන්නෙ.'' යෑයි පැවසීය.

මේ වන විට 23 හැවිරිදි වියේ පසුවන දික්‌වැල්ල එක්‌දින තරග හතකදී අර්ධ ශතකයක්‌ සමග මුළු ලකුණු 184 ක්‌ ලබා සිටියි. ඔහුගේ ඉනිමක සාමාන්‍ය 30.66 ක්‌ ලෙස සටහන් වේ. කණ්‌ඩායමේ ස්‌ථාවර ස්‌ථානය දිනා ගැනීමට එක්‌ තරගාවලියක දක්‍ෂතා දැක්‌වීම ප්‍රමාණවත් නොවන බවත් එක දිගට තරගාවලි කිහිපයකම දක්‍ෂතා දැක්‌වුවහොත් සිය ස්‌ථානය ස්‌ථිර වන බවත් දික්‌වැල්ල වැඩිදුරටත් පවසයි.

අසේල විතාන - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.