Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

Gossip - Lanka OTHTHUKARU News

Gossip - Lanka Latest

Loading...
තමන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 5.5 ක මුදලක් යෝජනා කරන බව පීස් එයාර් ගුවන් සමාගම පවසයි.

එම සමාගමේ සභාපති ගාමිණී වෙත්තසිංහ මහතා වැඩිදුරටත් පවසන්නේ මත්තල ගුවන්තොටුපොළේ කොටස් මිලදී ගැනීම වෙනුවෙන් ඩොලර් බිලියන 2.2 ක මුදලක් ආයෝජනයට සූදානම් බවයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

 ගාමිණී හර්මන් වෙත්තසිංහ මහතා සඳහන් කර සිටියේ

" අපි අමෙරිකානු ඩොලර් බිලියන 5.5 ක මුදලක් අයෝජනය කිරිමට සූදානම්, ලුෆ්තන්සා සමාගමද අප සමග සිටිනවා. ඔබ දන්නවාද ශ්‍රී ලංකන් සමාගම වාර්ෂිකව මිලියන 5 කට ආසන්න මගීන් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන බව, ඒ වගේම ඩොලර් බිලියනක මුදලක් උපයනවා.සමාගමේ සිටින 7,000 කට ආසන්න වෘත්තිකයින් ඩොලර් මිලියන දහස් ගණනක් මේ රටට උපයාදෙනු ලබනවා. ශ්‍රී ලංකන් ලාභ උපයන සමාගමක් නමුත් මෙය පවත්වාගෙන යන පිරිස් තමයි මුදල් අවභාවිතා කරන්නේ "

මිහින් ලංකා ගුවන් සමාගම වෙනම ගුවන්සේවයක් ලෙස පවත්වාගෙන යාම සහ එම සමාගමේ සෙවකයින්ගේ රුකියා සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළවුණි.

එහිදී ඒ මහතා කියා සිටියේ,

" මිහින් ලංකා සමාගමේ 400 කට ආසන්න පිරිසකට රැකියා අහිමිකළා. මේ පිරිස් කොහේද යන්නේ? ඔවුන් ඒ පිළිබදව දැනුම් සහිත පුද්ගලයින් මේ රැකියාව හැර ඔවුන්ට වෙන දෙයක් නැහැ. ඒ නිසයි මම ඔවුන් වෙනුවෙන් සටන් කරන්නේ. මම ඔවුන්ට නැවත රැකියා දෙනවා. නැවතත් මිහින් ගුවන් සමාගම පවත්වාගෙන යනවා.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඉහළ තනතුරු වෙනසක් සිදුකිරිමටද පීස් එයාර් සමාගම සූදානම් බවද මෙහිදී  ඒ සමතා සඳහන් කළේය,

" අපිට 70% ක ප්‍රතිශතයක් හිමිවුවහොත් අපි පිටුපසට වී සිටින්නේ නහැ.අපි තමයි පරිපාලනය සිදුකරන්නේ. සුදුසු පුද්ගලයාට නිසි තැන ලබාදෙන්න අපි දන්නවා මම ඔවුන් සමග සාකච්ඡා කල විට ඔවුන්ට කල හැකි දෑ මට දැනගත හැකියි. මගේ සහෝදරයා, මව හෝ වෙනත් කෙනෙක් මීට අනුයුක්ත කර මෙය කරගෙන යන්න බැහැ. වර්තමානයේ ශ්‍රී ලංකන් විධායක නිලධාරියා A380 ගුවන් නියමුවෙක්. ඔහු ඉතා හොද පුද්ගලයෙක්. නමුත් ඔහුට ලබා දී තිබෙන්නේ වැරදි තනතුරක් " යැයි ඒ මහතා කියා සිටියේය.
අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න

Gossip - Lanka Previous News

© 2013-2017 Gossip - Lanka News Email : editor@gossip-lankanews.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Hot Gossip - Lanka WALPAL News

Gossip - Lanka PHOTO Gallery

Contact Gossip - Lanka EDITOR

Loading...