Jan
25
ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් අතර ‘ලිංගික උප සංස්කෘතියක්’ පිළිබඳව මේ දක්වා බොහෝ දෙනෙකු නොදත් රහස් මුල්වරට අනාවරණය කළේ අන් කිසිවකු නොව ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතාය.
නමුත් ඔහු මෙහි දී උපකාරක පන්ති සඳහා ගම්පහ නගරයට පැමිණෙන ඇතැම් තරුණ සිසු සිසුවියන්ගේ හැසිරීම් ‘ලිංගික උප සංස්කෘතියක්’ ලෙස හැඳින්වීම සැබැවින්ම බැරෑරුම් කරුණකි. මක් නිසා ද යත් කිනම් හෝ ප්‍රජාවක හැසිරීම් රටා මුල් කොට ඔහු පවසන උප සංස්කෘතියක් බිහිවීමට නම් තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම්, කතා බහ සහ චර්යාවන් යන මේ සියල්ල කැටිකොටගත් වෙනම ප්‍රජා ව්‍යුහයක් සකස් විය යුතුය. එබැවින් ගම්පහ හිටපු නගරාධිපතිවරයාගේ එම ප්‍රකාශය පදනම් කොට ගනිමින් එහි සත්‍යතාව විමසා බැලීම පිණිස අපි ගම්පහ සහ ඒ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිත විමර්ශනයක යෙදුණෙමු.
එය මුල්කොට අප විසින් අනාවරණය කර ගත් කරුණු ඇසුරින් මෙම ලිපිය සැකසෙයි.
උපකාරක පන්ති සඳහා ගම්පහ නගරයට පැමිණෙන විවිධ වයස් පරාසවල සහ පාසල් අධ්‍යාපන මට්ටම්වල සිසුන් අතරින් මෙම විෂය පථයට අදාල වන සිසුන් කණ්ඩායම් කිහිපයකි. පාසල් සහ පෞද්ගලික අයැදුම් කරුවන් වශයෙන් අධ්‍යයන පොදු සහතික උසස්පෙළ විභාගයට පෙනී සිටින වයස අවුරුදු දාහතේ සිට විසි දෙක දක්වා පමණක් වන සිසු සිසුවියෝ ඒ අතරින් ප්‍රධාන වෙති. ඊට අමතරව ඉංග්‍රීසි, වෙනත් විදේශ භාෂා, පරිගණක අධ්‍යාපනය, ගණකාධිකරණය සහ සෙසු වෘත්තීය අධ්‍යාපනික කටයුතු සඳහා සතියකට වරක් දෙකක් හෝ සතිපතා ගම්පහ නගරයට පැමිණෙන වැඩිහිටි සිසු සිසුවියෝ ද සංඛ්‍යාත්මක වශයෙන් මෙහි දෙවන තැනට පත්වෙති. ඒ හැරුණු කොට ආත්මාරක්ෂක සටන් ක්‍රම සහ ශරීර සුවතා සහ ජ්‍යොතිෂ ආදී විෂයන් සඳහා මෙහි පැමිණෙන වැඩිහිටියෝ ද තුවෙනි තැනට පත්වන්නාහ.
නමුත් අපගේ නිරීක්ෂණයට අනුව ප්‍රේමය සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් වැඩි සක්‍රිය බවක් පළ කරනුයේ අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයට පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් වශයෙන් පෙනී සිටින සිසු සිසුවියන්ය. මෙහිදී තමන් ලබන උපකාරක පන්ති අධ්‍යාපනයට අමතරව ඔවුන් මෙලෙස උප සංස්කෘතික තත්වයක් දක්වා වර්ධනයක් පළ කරන අන්දමට ප්‍රේමාන්විත සහ ලිංගික චර්යාවන් සකස් කර ගැනීමේ උපාය මාර්ග පිළිබඳව ද මෙහි දී අපගේ විශේෂ අවධානය යොමු විය. සාමාන්‍යයෙන් අප කරුවුරුත් දන්නා අන්දමට මෙවන් තරුණ තරුණියන් බොහෝ දෙනෙකු සිදු කරනුයේ ඉඩකඩ හිමිවන වෙලාවක් බලා චිත්‍රපටයක් නරඹන මුවාවෙන් සිනමා ශාලාවකට රිංගා ගැනීමය. මෙහිදී අප චිත්‍රපටය නැරඹීම යනුවෙන් සඳහන් නොකොට සිනමා ශාලාවකට රිංගා ගැනීම යනුවෙන් සඳහන් කරනුයේ එසේ සිනමාශාලා තුළට පිවිසෙන තරුණ තරුණියන් ගේ අරමුණ සාමාන්‍ය සමාජයෙන් සැඟව ගතහැකි අඳුරු පරිසරයක පැය එකහමාරක් දෙකක් තනිවීම බැවිනි. එමෙන්ම ඔවුන්ගේ මෙම හැසිරීම් කවරාකාර ද යන්න පිළිබඳව සිනමා දර්ශනයක් අවසානයේ එම සිනමා ශාලාව තුළ දක්නට ලැබෙන ශේෂයන්ගෙන් එහි සේවකයන්ට වටහා ගැනීමට ලැබේ. එහෙත් ටියුෂන් සඳහා ගම්පහ නගරයට පැමිණෙන ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව මෙම සිනමාහල් සඳහා තරුණ තරුණියන් බහුල ලෙස ඇදී යාමක් දක්නට නොලැබේ. ඒ සඳහා ඒවායේ පිහිටීමේ ඇති විවෘත ස්වභාවය ද නාගරික බවද බලපෑමට පුලුවන. එමෙන්ම “කොල්ලොකුත් එක්ක ෆිල්ම් හෝල් එකකට ගියා” යන්න අප සංස්කෘතික රටාවට අනුව යුවතියකගේ චරිතය වෙත එල්ල විය හැකි දැවැන්ත ප්‍රහාරයක් බව තේරුම් ගැනීමට ඔය කියන වයසේ ඕනෑම යුවතියකට පුළුවන. ටියුෂන් සඳහා ගම්පහ නගරයට පැමිණෙන සිසුසිසුවියන්ට සාපේක්ෂව ප්‍රේමාලිංගන කටයුතු සඳහා සිනමා ශාලා වෙත ඇදෙන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවක් දැකිය හැක්කේ එබැවිනි.
එසේ නම් ඒ වෙනුවට ඔවුන් තම ප්‍රේමනීය, අනුරාගී සහ ලිංගික හැඟීම් අපේක්ෂාවන් සහ ආශාවන් සංතෘප්ත කර ගනුයේ කෙසේද?
ඊළඟට අප යොමු වූයේ ඒ පිළිබඳව විමසා බැලීමටය. ඒ සම්බන්ධ වැඩිදුර තොතුරු බලාපොරොත්තු වන්න.
ප්‍රසංග පෙරේරා - ජා ඇල
මුලාශ්‍ර - ලක්බිම