Jan 18

කැලණි සරසවියේ උප කුලපති ධූරයට ඡන්දයෙන් පරාජය වූ කෙනෙක් පත් කරලා

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයට ඡන්ද විමසීමේදී පරාජය වූ මහාචාර්ය වරයෙකු පත් කිරීමේ පුවතක් මාධ්‍ය මගින් හෙළිදරව්කොට තිබෙනවා.

ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයට පත්කිරීමේ ඡන්ද විමසීමේදී දැනට කටයුතු කරන ආර්ථික විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ඉන් වැඩිම ඡන්දය ලබා ජයග්‍රහණය කොට තිබියදී ඒ මහතා පත් නොකොට යම් යම් දේශපාලන බලපෑම්
නිසා දෙවැනි තැන ලබා ඡන්දයෙන් පරාජය වූ තැනැත්තෙකු පත් කර ඇති බවයි විශ්ව විද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම දැනට උපකුලපති ධූරයේ කටයුතු කරන ජපානයේ ටෝකියො විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලැබූ ජේෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතාගේ කාලසීමාව තවත් මාස 3ක් පමණ ඉතිරිව තිබියදී උප කුලපති ධූරය සඳහා වෙනත් පුද්ගලයෙක්, ඊට අදාල ඡන්ද විමසීමේදී පරාජය වී තිබියදිත් පත් කිරීමට කටයුතු කිරීම විමතියට කරුණක් බවයි විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය සඳහන් කර සිටින්නේ.

විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් ඇති දැනට උපකුලපති ධූරයේ කටයුතු කරන ජේෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා කැලණිය විශ්ව විද්‍යාලය ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණි ගත කිරීම් හී පන්දහස් අටසිය ගණනක පැවති කැළණි විශ්ව විද්‍යාලය ඉන් අඩකින්ම පසුකොට දැනට 2559 වැනි ස්ථානයට ගෙනවිත් පසුගිය වසර 3 කටත් වඩා අඩු කාලයක් තුළ කැළණිය විශ්ව විද්‍යාලය ජාත්‍යන්තර කීර්තියට පත් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත විශ්ව විද්‍යාලය බවට කැලණිය විශ්ව විද්‍යාලය පරිසර හිතකාමී විශ්ව විද්‍යාලයක් බවට පත් කලේද ජේෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා විසිනි.

ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල අතරින් නවක වදය සපුරා තුරන් කිරීම සඳහා නවක වද පණත ඔස්සේ නෛතික කටයුතු ක්‍රියාත්මක කරමින් විශ්ව විද්‍යාලය තුළ නවකවදා සහමුලින්ම නැති අරනු ලැබුවේද ජේෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා විසිනි.

ලංකාවේ ප්‍රථම තොරතුරු විද්‍යා පීඨය ආරම්භ කරමින්ද, අවුරුදු 20කට ආසන්න කාලයකින් පසුව නව අධ්‍යයන පීඨයක් ආරම්භ කලේද, එතුමාගේ අධ්‍යන විෂය ඇතුළත් සමාජීය විද්‍යා පීඨය තුළ ආචාර්ය උපාධි 40ක ආසන්න ප්‍රමාණයකින් යුත් ජාත්‍යන්තර කීර්තියට පත් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ප්‍රමාණයක් බිහි කලේද ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කරනු ලැබූ ජේෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා විසින් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙහි ඇති සුවිෂේශීම කරුණ වන්නේ විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ සෘජුව රාජකාරී කරන ජේෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රථම වරට උපකුලපති ධූරය සඳහා පත් කිරිමේදී එවකට තිබූ රාජපක්ෂ රජයේ වරදාන, වරප්‍රසාද ලබා මෙතුමාගේ පත් කිරීමට බාධා කල විශ්ව විද්‍යාල ආචාර්යවරුම,වර්තමාන යහපාලන ආණ්ඩුවද නොමඟ යවා වෙනත් පරාජය ලැබු පුද්ගලයෙක් උපකුලපති ධූරයට පත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තම නොසතුට පළ කරනවා.

කිසිම අයුරකින් විශ්ව විද්‍යාල ක්ෂේත්‍රය තුළට දේශපාලන බලපෑමක් නොකරන බවට සපථ වී තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේද පාලක සභාවේ වැඩිම ඡන්ද හිමි කරගන්නා තැනැත්තාව උපකුලපති ධූරයට පත් කිරීමට සහතික වී ඇති යහපාලන ආණ්ඩුවේ වගකිවයුත්තන් මේ පිළිබඳව අවධානය යොමුකොට කැලණිය විශ්ව විද්‍යාලයට සහ එහි ආචාර්යවරුන්ට, ශිෂ්‍යන්ට සාධාරණයක් ඉටු කරනු ඇති බවට අපි විශ්වාස කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.