Jan 09

මම ඉස්සො වඩේ කන්න පෙරේතයි දිනක්‍ෂි ඈත්තම කියයි

ජනපි‍්‍රයම නිළිය (දෙරණ සිනමා සම්මාන උළෙල) ස්ටාර් සිටි (දෙරණ) අනාගත බලාපොරොත්තු තැබිය හැකි නිළිය (හිරු ගෝල්ඩන් සම්මාන උළෙල) නිර්මාණශීලී රංග කුසලතා (සිග්නීස් සම්මාන උළෙල) කුසලතා සම්මානය (සරසවි සම්මාන උළෙල) ගෙවී ගිය 2016 වසරේදී දිනක්‍ෂි පි‍්‍රයසාද්ගේ රංගන ජීවිතයට ලැබුණු සම්මාන ඒවාය.


සම්මාන ලැබෙන තරමට නිහතමානීව ඒවා විඳ දරා ගෙන තම දක්‍ෂතාවයට මූලිකත්වය දෙමින් රංගනයේ යෙදෙන දිනක්‍ෂිගේ ජීවිතය 2017 දී කොහොම වේවිද? මේ නව බලාපොරොත්තු සමග ඇරඹි 2017 වසරේ දිනක්‍ෂි සමග කළ කතාබහක්.

දිනක්‍ෂි මොකද මේ දිනවල ගෙදරවත් නැහැ කියන්නෙ?

වැඩ. වැඩ ඉතිං.

මොනවද ඔච්චර වැඩ?

ෂුටිං, විවිධ ඉවෙන්ට්ස්, පුහුණුවීම් ඒ වගේ දේ නිසා තමයි.

කාර්යබහුල වූ ඒ නිර්මාණ ගැන කිව්වොත්?

ගැමුණු මහරජ (හිරු) මෞනයාගය (ජාතික රූපවාහිනිය) ටී - ටුවෙන්ටි (ස්වාධීන රූපවාහිනිය) කවුරුන්ද නුඹ මගේ (හිරු ටීවී එකේ මේ වසරේ සිට) නාට්‍ය නිසා කාර්යබහුලයි.

දැන් රැකියාවට යන්නේ නැද්ද?

ඇඟළුම් නිෂ්පාදනය හා කළමනාකරණය ගැන තවදුරටත් හදාරනවා. රැුකියාව ෆුල් ටයිම් කරන්නෙ නැහැ. මම වඩා ආසා මේ කලා කටයුතු වලටයි.

”කවුරුන්දෝ නුඹ මගේ” නාට්‍ය ගැන මොකද හිතෙන්නෙ?

හොඳ කතාවක්. නරඹන්නට ආසා හිතේවි.

‘කවුරුන්දෝ නුඹ මගේ’ කියාලා කවුරුහරි ඔබගෙන් අහලා තියෙනවද?

නැහැ.

මගේ වෙන්න කියලත් අහලා නැද්ද?

අහපු අයත් ඉන්නවා. ඒත් හිතලා නැහැ මම ඒ ගැන.

මේ කාර්යබහුල වීම ගැන හිතන්නේ කොහොමද?

2016 වසරේ මුල ඉඳලාම කාර්යබහුල වුණා. හැකි විදියට ඒ සෑම දෙයක්ම සාර්ථක කරගන්න දායක වුණා. ඒ නිසා ඒ ගැන සතුටුයි.

සම්මාන නිසා වැඩ වැඩි වෙන්නත් ඇති?

ඒ නිසා වැඩ වැඩි වුණේ නැහැ. නමුත් ඉතා හොඳ නිර්මාණ කීපයකට අවස්ථාව ලැබුණා.

වැඩත් එක්ක කාර්යබහුල නිසා සල්ලිත් ගොඩක් ඇති?

විශ්වාස කරන්න මම දායක වන වැඩ අතරින් වැඩිපුරම දායක වෙන්නෙ සහ වෙලා තියෙන්නෙ සමාජ සුබසාධනය වෙනුවෙන් වූ වැඩවලටයි. කලා ක්‍ෂේත‍්‍රයේදී සමහර හොඳ නිර්මාණවලට දායක වන්නේ සල්ලිම බලාගෙන නොවෙයි. තවමත් මම අම්මාගෙන් කීයක් හරි ඉල්ලගෙන යන්නෙ.

මොනවටද වැඩිපුරම වියදම් කරන්නෙ?

මම වියදම් කරන්න ටිකක් ලෝභයි. හැබැයි හිතුණොත් කෙළවරක් නැතුව වියදම් කරනවා. ඒකට මුඞ් එකක් එන්න ඕනෑ. කෑමක් කන්න හිතුණොත් අත දිගහැරලා වියදම් කරනවා.

හොඳ තරුපහේ හෝටලයකට වෙන්න ඇති?

නෑ අනේ. ඉස්සෝ වඬේවලට.

ඔයා හරි සතුටින් ඉන්න කෙනෙක් වගෙයි?

ඔව්. එහෙම වෙන්න එපායැ. නිතරම සතුටින් ඉන්න කොට ජීවිතය සැහැල්ලූයි. සතුට අප ළඟට එන්නෙ නැහැ. ඕනෑම දෙයක් සතුටින් බාර ගන්න පුරුදු වෙන්න ඕනෑ.

රඟපෑමට ඇවිත් දැන් කොපමණ කාලයක් වෙනවද?

අවුරුදු 7ක් විතර. ඒ වසර 7ට සම්මාන 7ක් ලැබුණා. ඉතින් හරි සතුටුයි.

අක්කා - නංගිලා අතර මොනවද අලූත් දේ?

අපි තුන්දෙනා ඉතින් රණ්ඩු වෙන එක තමයි.

මොනවටද රණ්ඩු වෙන්නෙ?

ඇඳුම්වලට, සපත්තුවලට ඒ හැර ඉතින් ඕපාදුප කිය කියා ගෙදරට වෙලා ඉන්නවා.

තුන්දෙනා එකතු වෙලා ප‍්‍රසංගයක් කරන්න ලැස්ති වුණා නේද?

අදහසක් තිබුණා ඒක පස්සට ගියා.

ඒ හැර තුන්දෙනා එකතුවෙලා නත්තලට රසට කෑම හැදුවා. ශේෂාද්‍රිට තමයි රසටම කෑම හදන්න පුළුවන් ශේෂාද්‍රි සහ මම රඟපාන Zoom චිත‍්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. මතක ඇතිව ගිහින් බලන්න.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.