Jan 30

රාජපක්ෂ පවුලෙ කෙනකුට රටේ නායකත්වයකට එන්න වාසනාව තියෙනවා

කලකට පෙර රාජකීය දෛවඥයා කියන නම පටබැඳුණු ඔබ එක් තීරණාත්මක මොහොතක ප්‍රකාශ කළා දේශපාලන අනාවැකි කීම නවත්තනවා කියලා. තාමත් ඒ ස්ථාවරයෙද ඉන්නෙ?

94 ඉඳන් දශක දෙකක් පුරාවට නිවැරදිම අනාවැකි කී ජ්‍යොතිෂවේදියෙක් ලෙස මා ලංකාවෙ පමණක් නෙවෙයි දකුණු ආසියාවේම කීර්තියට පත් වුණා. ඒ නිසා මම හිතනවා ඒ කටයුතු ඉදිරියටත් සිදුකිරීම මගේ යුතුකමක්, මගේ කාර්ය භාරයක් සහ මා විසින් කළ යුත්තක් කියලා.


ඒ කියන්නේ එක් තීරණාත්මක අනාවැකියකින් පසුව මින් මත්තට මම දේශපාලන අනාවැකි කියන්නෙ නෑ කියලා ඔබ එළඹි ස්ථාවරය අද වෙද්දී වෙනස් කරලා?

2008 නොවැම්බර් 4 වැනිදා මම අමෙරිකානු ජනාධිපතිවරණය වෙලාවෙ කීවා අනිවාර් යෙන්ම බැරක් ඔබාමා ජනාධිපති වෙනවා කියලා. නරේන්ද්‍ර මෝදීගෙ ජයග්‍රහණය ගැන මා කීව අනාවැකිය හරිගියා. මගේ මේ නිවැරැදි අනාවැකි ගැන දෙස් විදෙස් මාධ්‍ය බොහෝම ප්‍රශංසාවෙන් කතා කළා. මම මේ රටට පමණක් සීමාවූ නිවැරැදි ජ්‍යොතිෂ්‍ය අනාවැකිකරුවෙක් නෙවෙයි. ප්‍රභාකරන් අහවල් වසරේ අහවල් දවසට පෙර මැරෙන බවත් මා කීවා. එසේ වූ මා තවදුරටත් නිහ~ව සිටීම අඩුවක් බව මට දැනුණා. ඒ නිසා ඉදිරියේදී ලැඛෙන පරිදි මා අනාවැකි කියන්න තීරණය කළා.

අනාවැකි කීම නතර කරනවා කියලා කීවට පස්සෙ දේශපාලනඥයෝ කේන්දර පරීක්ෂා කරගන්න ඔබ ළඟට ආවද?

සමහර දේශපාලනඥයෝ තමන්ගෙ දේශපාලන ගමන ආරම්භ කරන්ටත් ඉස්සර මම අඳුරන්නෙ. ඒ සමහර අය කලින් ව්‍යාපාරිකයෝ. තවත් සමහරු තව තව ක්‍ෂේත්‍රවල හිටපු අය. මම තමයි ඒ අයගෙ කේන්දර බලලා දේශපාලනයට එන්න කියලා කීවෙ. මම අනාවැකි කීම නතර කළා කියලා දේශපාලනඥයෝ මා වෙත එන එක නතර වුණේ නෑ. ඒ හුඟක් අය මගෙන් ඉල්ලීම් කළා ඔබ අනාවැකි කීම නතර කරන්න එපා කියලා.

නමුත් ඔබ 2015 ජනවාරියෙන් පසුව අනුගමනය කළේ වඩාත් නිහඩ පිළිවෙතක් බව තමා අපටනම් හිතෙන්නේ. ඇත්තටම 2015න් පස්සෙ ව්‍යාපාර ටිකක් අඩාල වුණාද?
මම ජ්‍යොතිෂ්‍ය ඉගෙන ගන්න ඉන්දියාවෙත් ගියා. මම ආවට ගියාට මේ ශාස්ත්‍රය ප්‍රගුණ කළ කෙනෙක් නෙවෙයි. වසර 40ක් තිස්සෙ මගේ ගමන අති සාර්ථකයි. කලක් නිහඩව සිටි බවක් පෙනුණත්, අනාවැකි නොකීවත් මගේ ව්‍යාපාර එදාටත් වඩා දැන් සාර්ථකයි. නවීන තාක්ෂණය ඔස්සේ විදේශීය ගනුදෙනුකරුවන් රැසක් අදටත් මගේ සේවය ලබාගන්නවා. ඇතැම් දිනවල රෑ එකට දෙකටත් ස්කයිප්, වයිබර්, වට්ස් ඇප් වලින් කතා කරකර මම පිටරට අයගෙ ජ්‍යොතිෂ්‍ය වැඩ කරනවා. ජ්‍යොතිෂය කියන්නෙ මට අත්හරින්න බැරි පුරුද්දක්.

ඔබ කීවා දේශපාලනයට එන්න අදහසක් තුන් හිතකවත් නොතිබුණු අය ඔබේ කේන්දර බැලිල්ලෙන් පස්සෙ දේශපාලනයට ආවා කියලා. එහෙම ආව අද ප්‍රබල දේශපාලන චරිත වෙච්ච අය නම්වලින් කියන්න පුළුවන්ද?

1982 අවුරුද්දෙ මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට කීවා 2005දී ඔබතුමා රටේ ජනාධිපති වෙනවා කියලා. මම මගේ ගෙදර බිත්තියේ එතුමාගේ ෆොටෝ එකක් ගහලා ඒකෙ ලියලා තිබ්බා රුහුණෙන් බිහිවූ පුත්‍රයා රටේ ජනාධිපති වෙන බවට රුහුණෙන් බිහිවූ ජ්‍යොතිෂවේදියා කියන අනාවැකිය කියලා. ඔය කාලෙම එතුමාට සිරගත වෙන්නත් සිදුවුණා. මිනිස්සු එදා මට කීවා පිස්සෙක් කියලා. ඒත් මගේ අනාවැකිය හරිගියා. මම නම් වශයෙන් කියන්නෙ නෑ. නමුත් දේශපාලනයට එන්න තුන් හිතකවත් නොතිබුණු විශාල පිරිසක් මගේ කේන්දර බැලිල්ලෙන් පසු දේශපාලනයට ආවා.

මේ වෙද්දී නිතරම වගේ ඔබ මුණගැහෙන්න එන දේශපාලනඥයන් කවුද?
මේ වෙලාවෙ මේ රටේ දේශපාලනයේ තියෙන්නෙ අමුතුම පැත්තක්. ආණ්ඩුවේ අයට  වුවමනාව තියෙනවා දැනගන්න 2020 වෙනකම් මේ ආණ්ඩුව පවතිනවද නැද්ද කියන කාරණය. අනෙක් පාර්ශ්වයට වුවමනාව තියෙනවා ආණ්ඩුව ඉක්මනට පෙරළන්න පුළුවන්ද, බැරිද දැනගන්න. මේ කාරණා දෙක දැනගන්න දෙපැත්තෙම ඉහළ, පහළ කට්ටිය සෑහෙන්ට එනවා මාව හම්ඛෙන්ට.

මේ දෙපාර්ශවයේ ප්‍රශ්න දෙකට ඔබ දෙන උත්තර මොනවද?

මම ඒගොල්ලො කළබල කරන්නෙත් නෑ. මේ ගොල්ලො කළබල කරන්නෙත් නෑ. ඇත්ත තත්ත්වය පෙන්වා දෙනවා.

ඒ පේන ඇත්ත තත්ත්වය අපිට කියන්ට පුළුවන්ද අනාවැකියක් විදිහට?

මේ වසර රටේ ජනතාවට වගේම දේශපාලන නායකයන්ටත් ගිය වසරට වඩා අපහසුතාවලට මුහුණ දෙන්න වෙන වසරක්.

ආණ්ඩුව - විපක්ෂය ගත්තම මොකද වෙන්නෙ?

ඔව්, විපක්ෂය බලවත් වෙනවා. ආණ්ඩුවට එරෙහි බලවේග ශක්තිමත් වෙනවා. ඒ බලවත්වීම සහ ශක්තිමත්වීම ගිය වසරට වඩා කීප ගුණයකින් ඉහළ යනවා.

විපක්ෂයට හැකියාව ලැඛෙනවද තමන්ගෙ අරමුණ ඉෂ්ඨ කරගන්ට?

විපක්ෂය බලවත් වුණාට ඔවුන්ට තම අරමුණ ඉටු කරගැනීමට යාමේදී බොහෝ ප්‍රශ්න ඇති වෙනවා.

වත්මන් රජයේ ඉදිරිගමන ගැන ඔබට අනාවැකියක් කිව නොහැකිද?

2020 ජනවාරි 24 දක්වාම සෙනසුරැ ධනුවෙ ඉන්නවා. ඒත් මම හිතනවා ඔබ ඇසූ ප්‍රශ්නයට මේ මොහොතේ මා පිළිතුරක් දීමෙන් වැළකී සිටීම වඩා යහපත් කියලා.

ඔබ මේ මාර්තු 31ට පෙර සජිත් ප්‍රේමදාස මහතා අගමැති වෙන බවට ප්‍රකාශ කළැයි සඳහන් අනාවැකියකින් වෙබ් අඩවි උණුසුම් වුණා. මොකක්ද මේ කතාවේ අග-මුල?

මාර්තු 31 කතාවක් මම හිතලවත් කියලවත් නෑ. මම මීට එරෙහිව රහස් පොලීසියටත් පැමිණිලි කළා.

ඔබ සජිත් ප්‍රේමදාස මහතාගේ කේන්ද්‍රය පරීක්ෂා කරලා තිඛෙනවද?
ඔව්...

ඇත්තටම අනාගත අගමැති කෙනෙක් වීමේ වාසනාව ඔහුට තිඛෙනවද?

මෙතෙක් රජගෙදර ඉපදුණු දරැවන්ගෙන් අගමැති කෙනෙක් වීමේ වාසනාව තිබුණේ ඩඩ්ලි සේනානායක මහතාට පමණයි. සජිත් ප්‍රේමදාස මහතාගේ කේන්දරයත් බොහොම බලගතුයි. අද හෙට  නෙවෙයි තව සෑහෙන කාලෙකින්, තව හුඟක් කල් ප්‍රමාද වෙලා මේ රටේ නායකයෙක් වෙන්ට ඔහුට වාසනාව තියෙනවා. ඒ බව මම ඔහුට කීවෙ මීට බොහොම කාලයකට පෙර. ඒත් මේ මොහොතේ මම සජිත් ගැන අනාවැකි කියන්න ගියෙ නෑ.

ඔබ මෙතෙක් පරීක්ෂා කර ඇති කේන්දරවලට අනුව සජිත් ප්‍රේමදාසට හැරුණම රටේ නායකත්වයකට එන්න වාසනා ගුණයක් තියෙන තවත් අය ඉන්නවද?

ඔව්.. ලංකාවේ දේශපාලනයේ නායකයා බවට පත්වෙන්න රාජපක්ෂ පවුලෙ කෙනකුට  අනිවාර්යෙන්ම වාසනාව තියෙනවා.

ඒ කවුද කියලා කියන්න පුළුවන්ද? දැනට දේශපාලනයේ ඉන්න කෙනෙක්ද කියලා කියන්න පුළුවන්ද?

නෑ.. මම ඒ ප්‍රශ්නෙට උත්තරේ නොදී ඉන්නම්...

එකම ඉඟියක්වත් දෙන්න බැරිද?

එයා එයාගෙ තාත්තා උපන් නැකතින්ම ඉපදුණු කෙනෙක්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කේන්දරය ඔබ පරීක්ෂා කරලා තියෙනවද?

ඔව්, රාජපක්ෂලාගේ කේන්දර ගැන කතාකරන්න මට පොඩි අයිතියක් තියෙනවා. මොකද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වෙනවා කියලත්, ඒ කාලවකවානුවත් 1982දී මම හරියටම කීවා. ඩී.ඒ. රාජපක්ෂ මහත්තයාගේ දරුවෝ නවදෙනාගේම කේන්දර මම බලලා තියෙනවා. එයින් බලගතුම කේන්දරය මහින්ද මහත්තයාගේ. දෙවැනියට බලගතුම කේන්දරය ගෝඨාභය මහත්තයාගේ.

හිටපු ජනාධිපතිතුමාත් එක්ක දැන් ඔබේ කිසිම ඇයි හොඳැයියක් නැද්ද?

මට නම් කිසිම තැනක වැරදුණේ නෑ. මම 1982 සිට 2015 දක්වා අවුරුදු 33ක් එතුමව හුඟක් ළඟින් ආශ්‍රය කළා. මටවත් මගේ ජ්‍යොතිෂයටවත් වැරදුණේ නෑ. ඒත් මේ ශේෂ්ඨ අවංක නායකයා අයින් කරන්න දේශීය සහ විදේශීය කුමන්ත්‍රණ ආවා. ඒ කුමන්ත්‍රණවලදී ජ්‍යොතිෂය පැත්තෙනුත් කුමන්ත්‍රණ ආවා. වැරදුණේ ඒ කුමන්ත්‍රණ නිසා. ඒත් ඒ ගැන ම‍ට මීට වඩා කතා ක‍රන්න බෑ. මාවත් සල්ලිවලට ගන්න විවිධ අය උත්සාහ කළා. ජ්‍යොතිෂ මුවාවෙන් ඉහළම තානාපති කාර්යාලයක කෙනෙක් ඒ සඳහා මා හමුවෙන්නත් ආවා. කොහොමහරි 2015 ජනවාරි 9වැනිදායින් පසු මහින්ද රාජපක්ෂ මහතා මට කතා කළේ නෑ.

වර්තමාන ජනාධිපතිතුමාත් ඔඛෙන් උපදෙස් ගන්න එනවද?

එතුමා ඉස්සරෝම අපේ ගෙදර ආවේ 2006දී. එතුමා ගුණ යහපත් කෙනෙක්. එදා මම එතුමාගේ කේන්දරේ බලලා කීවා තමුන්නාන්සේ හිටපු ගමන් මේ රටේ රාජ්‍ය නායකයා වෙනවා කියලා. 2015 සිද්ධියෙන් පසුව රාජ්‍ය නායකයන් ළගින් ඇසුරු කිරීම ලොකු ප්‍රශ්නයක් කියලා මා කල්පනා කළා. ඒ නිසා දැන් මා කවුරැත් ළගින් ආශ්‍රය කරන්නෙ නෑ. හැබයි මා හමුවෙන්න එන දේශපාලනඥන්ගේ වැඩ කටයුතු මා ඉටු කරදෙනවා.

රාජකීය දෛව්‍යඥයෙකු ලෙස ඉද්දී ඔබ හිටපු ජනාධිපතිතුමාගෙන් බොහෝ වරප්‍රසාද ලැබුවා කියන්නෙ ඇත්තද?

හුඟක් අය හිතන්නෙ එහෙම‍. ඒත් මම කිසිම දීමනාවක්, වරප්‍රසාදයක් ලැබුවෙ නෑ. සමහර ජ්‍යොතිෂ වැඩ මම මගේ වියදමෙන් කළා. මම ආරක්ෂක නිලධාරියෙක්වත් මගේ ආරක්ෂාවට ඉල්ලූ‍වෙ නෑ. මට දුන්නෙත් නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වෙද මහත්තයටත් ආරක්ෂකයෝ හිටියා මට ආරක්ෂකයෙක් හිටියෙ නෑ. දුරකතනයක්වත් මම ගත්තෙ නෑ. ඉල්ලූ‍වෙත් නෑ. අඩුම තරමේ පෑනක් කොළයක්වත් ගත්තෙ නෑ. හැබැයි හුඟක් අය හිතගෙන ඉන්නෙ සුමනදාස අබේගුණවර්ධනත් හොඳට හම්බ කරගත්තා කියලා. මට එතුමා නිලතල දෙකක් දීලා තිබුණා. ඒක මම අවංකව කළා.

ඒ කාලේ ඔබ පක්ෂ මාරු කරන්නත් නැකැත් හැදුවා කියන්නෙ ඇත්තද?

මෙහෙමනෙ මම නිසා දේශපාලනයට අත් පොත් තිබ්බ, පළමු දේශපාලන ගමනෙදී දොට්ට බහින්ටත් මගෙන් නැකත් හදාගත්ත කෙනා ඔය කොයි දේටත් ආවෙ මගේ ළඟටම තමා.

සෙනසුරු මාරුව වගේම ළඟදීම කැබිනට් මාරුවකුත් එනවාලූ‍. ඔබේ ජ්‍යොතිෂයට අනුව මේ කැබිනට් මාරැවෙන් තනතුරු අහිමි වෙන්න පුළුවන් අය ඉන්නවද?

එහෙම ලොකු වෙනසක්නම් මට පේන්නෙ නෑ.

රටේ අනාගත නායකයා ගැන යමක් කියන්න පුළුවන්ද?

ඔව්, වැදගත් කෙනෙක්. ඔහුට දැන් ටිකක් අපලයි. 2020 ජනවාරි 24 ඔහුගේ අපල අවසන්.

ඔබ ඇතැම් දේශපාලනඥයන්ගේ උවමනාවට ඇතැම් අනාවැකි කීවා කියලත් සමහර අය චෝදනා කරනවා. ඇත්තද මේ චෝදනාව?

මහින්ද රාජපක්ෂ මහතා මට දෙවි කෙනෙක් වගේ කෙනෙක්. කවදාවත් කිසිම දෙයකට බලපෑම් කළේ නෑ. මම හැමවිටම ධනාත්මකව සියල්ල බලන කෙනෙක්. මගේ වෘත්තියට පණ වගේ ආදරෙයි. මම කවදාවත් කාගෙවත් බලපෑම්වලට අනාවැකි කීවෙ නෑ.

සෙනසුරු මාරුව රටේ ජනතවටත් දේශපාලනයටත් බලපාන්නේ කොහොමද කියලා අනාවැකියක් කියන්න පුළුවන්ද?

1958 පෙබරවාරි 08 වැනිදා මෙවැනිම සෙනසුරු මාරුවක් වුණා. බණ්ඩාරනායක ඝාතනය ආදී දේශපාලන වියවුල් රැසක් සිදුවුණේ ඒ කාලයේදීයි. 1961 සැප්තැම්බර් 18 වනතුරු ඒ සෙනසුරැ බලපෑම් ඉතා නරක විදිහට රටට දැනුණා.

1987 දෙසැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා ඊළඟට මෙවැනිම සෙනසුරු මාරුවක් සිදුවුණා. 1990 මාර්තු 21 වනතුරැ ඒ බලපෑම රටට තිබුණා. ඒ සෙනසුරැ මාරැව පැමි‚ කාලයේ රටේ ජනතාවගේ ඇඟ හිරිවැටෙන ආකාරයේ සිදුවීම් රුසක් සිදුවුණා. විශාල විනාශයක් සිදුවුණා. රටම අඳුරේ තිබුණේ. 2017 ජනවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා පස්වරැ 7.19 සෙනසුරු ධනුවට ආවා. මේ සෙනසුරු මාරුව අනුව ස්වභාවික විපත් අනතුරු විනාශ සිදුවෙනවා. දේශගු‚ක වශයෙන් සුබ තත්ත්වයක් අපට කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න බෑ.

1958 සහ 1987 සෙනසුරැ මාරැවේදි ධනු රාශියේ අසුබ ග්‍රහයෙක් හිටියෙ නෑ. මෙවර ධනු රාශියේ සඳු හෙවත් චන්ද්‍රයා ඉන්නවා. සඳු කියන්නෙ සෙනසුරු සමඟ බොහෝම වෛරී ග්‍රහයෙක්. හරියට නයයි මුගටියයි වගේ. එයින් මෙම සෙනසුරු මාරුව වඩාත් භයානක වෙනවා.

සංජීවිකා සමරතුංග

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.