Jan 06

මහ බැංකු අධිපති ඒ ඉස්පිරිතාලේ ඇටෙන්ඩන් කෙනෙක් (video)

මුදල් ඇමති සෑර කතාවක් කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩ සටහනකට සම්බන්ධ වීම රෝගී තත්ත්වයෙන් රෝහල්ගත කිරීමකට සමාන කළ හැකි බවත් අප ආර්ථිකය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ යුතු අසාධ්‍ය රෝගියෙකු බවට පත් වී නොමැති නමුත් පැහැදිලිවම රෝහල් ගත කළ රෝගියෙකු බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය.

පසුගිය දා ‘පෙර දැක්ම – 2017 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති‘ විවරණය ඉදිරිපත් කරමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ කියා සිටියේය.

“මේ සඳහා ලබා දිය යුතු ප්‍රතිකාරය අප දන්නා අතර, එය දැනටමත් ආරම්භ කර තිබීම සතුටුදායක කරුණකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ද මේ වන විටත් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ඇගයීමට ලක් කොට ඇත. රාජ්‍ය මූල්‍ය අංශයෙහි වැඩිදියුණු වූ ක්‍රියාකාරීත්වය මෙම ප්‍රගතියෙහි වැදගත්ම අංශය බැවින් ඒ සම්බන්ධයෙන් ගරු මුදල් ඇමතිතුමා සහ එතුමාගේ කාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලැබූ කාර්යභාරය අගය කළ යුතුයි. කෙසේ වෙතත්, අප ඉදිරියේ පවත්නා අභියෝගය වනුයේ අපගේ ඉදිරි දැක්ම පිළිබඳව පැහැදිලි අවබෝධයකින්, ඉලක්කයකින් සහ අධිෂ්ඨානයකින් යුතුව අවශ්‍ය වෙනස්කම් ක්‍රියාවට නැංවීමයි. මෙම කාර්යය ජාතික ප්‍රයත්නයක් තුළින් සිදු කළ යුතුව තිබේ.“

කෙසේ වෙතත් මහ බැංකු අධිපතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳ ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (05) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බාර දෙන විට ආර්ථිකය තිබුණේ ICU එක් බවත්, රාජපක්ෂ සමයේ ආර්ථිකය ICU එකට තල්ලු කරන විට වත්මන් මහ බැංකු අධිපතිවරයා ද එහි ඇටෙන්ඩන් කෙනෙකුව සිටි බවත්ය. ඔහු සිටියේ ද රාජපක්ෂලා සමඟ බව මුදල් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ අතර කෙසේ වෙතත් ICU එකේ තිබුණු එක ඉස්පිරිතාලයට නොව වැඩි කල් නොගොස්ම OPD එකට ගෙනෙන බව මුදල් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය සහ මුදල් අමාත්‍යවරයා ඊට දැක් වූ ප්‍රතිචාරය ඇතුළත් සම්පූර්ණ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.