Jan
14
රිය අනතුරකින් අංශ භාගය හැදුණත් වෛද්‍යවරයෙකු වූ දිනේෂ්
එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවෙකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටින විට දිනේෂ් දරුණු රිය අනතුරකට මුහුණ දී ඇත. ඉන් අනතුරුව ඔහුගේ පපුවෙන් පහළ ප්‍රදේශය අප්‍රාණික වී තිබේ.
කෙසේ වෙතත් එම අභියෝගය බාරගත් දිනේෂ් සිය වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර තිබේ.
“ඒක අභියෝගයක්. මෙවැනි දෙයක් ඔබේ ජීවිතයට සිදුවූ පසු ඔබෙගේ ජීවිතය වෙනස් වෙනවා” යැයි ඔහු සඳහන් කරයි. දිනේෂ්ගේ කතාවට ඔස්ට්‍රේලියා මාධ්‍ය විසින් ඉහළ ප්‍රසිද්ධියක්ද ලබාදී ඇත.