Jan 16

දික්කසාදය කියන වචනයටත් මම බයයි වෙන් වෙන්න ඕන වුණේ ඔහුට

''තට්ටු ගෙවල්'' මඟින් ප්‍රේක්ෂක අවධානය දිනාගත් රොෂානා ඔන්ඩච්චි, මේ දිනවල පුංචි තිරයේ ආදරණියම චරිතයක් බවට පත්ව ඇත.ඒ, ''සිඳු'' ටෙලි නාට්‍ය නිසාවෙනි. හිරු‚ගේ මව ලෙසින් අපූරු, සංවේදී රංගනයක යෙදෙන රොෂනා, නිතර දෙවේලේ දකින්න නොලැඛෙන ශිල්පිනියක වුවත්, මතක හිටින චරිත රැසකම අයිතිකාරියකි.
 
දර්ශන තලයේ කාර්යබහුල හෝරාවකට පසු එළැඹි නිහැඬියාවක, රොෂනා සමඟ පිළිසඳරකට මඟපාදා ගතිමු.

අද රංගනටය පමණක් ඔබ සීමා වුණත්, ඔබේ ආරම්භය ඊට වෙනස් පසුබිමක පැවතුණා නේද?

මම කලාවට ප්‍රවේශ වෙන්නෙ නර්තනයෙන්. කාලයක් තිස්සෙ බුධවත්ත රංගායතනයේ නර්තන ශිල්පිනියක් විදිහට කටයුතු කළා. ඒ වගේ ම, මුල් කාලයේ වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින්නත් මට වැඩි අවස්ථා ලැබුණා. ඒ අතරම මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා.

මේ වෙද්දි ඔබ රංගනයට පමණක් සීමා වෙලා නේද?

වයසත් එක්ක ශරීරයේ හැඩය වෙනස් වෙනවා. ඒ එක්කම ජීවිතයෙ සමහර දේ අපෙන් ගිලිහෙනවා. නර්තනය හා නිරූපණය එලෙස මගෙන් ගිලිහිලා ගිහින්. රැකියාවෙන් මම අයින් වුණේ විවාහයත් එක්කමයි. ඒකට හේතුව, රංගන කටයුතු තිබුණු නිසා, කාලය හොයාගන්න අපහසු වීමයි.

දැන් මගේ දුව නර්තනයට දස්කම් දක්වනවා. මං ඒ දිහා බලලා සතුටු වෙනවා. මගේ පුංචි කාලෙ මට ආයෙමත් පෙනෙනවා වගෙයි මට දැනෙන්නෙ.

ඔබ දිගු නිහැඬියාවක සිටියා කීවොත්නිවැරැදිද?

ගෙවීගිය වසර පහක පමණ කාලය මම ගතකළේ බොහෝ ප්‍රශ්න අතරෙ. මේ කාලයේ මාගේ පෞද්ගලික ජීවිතයෙ වගේම, රංගන දිවියේත් බිඳවැටීම් බොහොමයක් සිද්ධ වුණා. ඒ කාලය මට දැනෙන්නෙ, මම වසර ගාණක් ජීවිතයෙන් ආපස්සට ගියා වගෙයි.

කාලෙකට පස්සෙ ''සිදු''හි අපි දකින සංවේ දී මව, සැබෑ දිවියේත් ඔබට සමානද?

''සිදු''හි තමාලි වගේම, මමත් මගේ දුවට ගොඩක් ආදරෙයි. ඒත් මගේ දුවට අම්මටයි, තාත්තටයි දෙන්නටම ඉන්නෙ මම විතරක් නිසා, දුවට ටිකක් සැරට ඉන්නවා. මගේ දුව තමයි මගේ ජිවිතයේ හොඳ ම යෙහෙළිය. එයාට මා නැතිව බැහැ වගේම, මටත් දුව නැතිව මෙහොතක්වත් ගත කරන්න බැහැ. රූගත කිරීම්වලට පවා මම දුව එක්කගෙන යනවා.

ඔබ මෑත කාලය රංගනය පැත්තෙන් සිදු සමඟ පමණද රැඳුනෙ?

නැහැ. පහුගිය දවස්වල මම ''අරුමවන්ති'' කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා. එහිත් මම අවුරුදු විසිදෙකක පමණ තරුණ පුතකුගේ මවක්.

එදා පෙම්වතියගේ චරිතයෙන් හඳුනාගත් ඔබ, අද වනවිට මවගේ චරිතය ලැඛෙද්දි මොනවද හිතෙන්නෙ?

දැන් මමත් අම්මා කෙනෙක්නෙ. ඒ නිසා තරුණ මවගේ චරිතය මට අරුමයක් නෙමෙයි. ඒත්, තරුණ දරුවන්ගෙ අම්මගෙ චරිතය ලැඛෙද්දි, පුංචි දුකක් ඇතිවෙනවා.

ඔබ චරිත තෝරා බේරාගෙනද රඟපාන්නෙ?

බොහෝ වෙලාවට ඇරියුම් ලැඛෙන්නෙ දන්න හඳුනන අයගෙ නිර්මාණවලට. ඒවගෙ තෝරන්න අවශ්‍යතාවක් නැහැ. ඒත්, ප්‍රතික්ෂේප කරන්න වෙන අවස්ථා නැතිවාම නෙමෙයි. උදාහරණයක් විදිහට, මෑත කාලයෙ ඉතා හොඳ චිත්‍රපටයකට මට ඇරියුමක් ලැබුණා. ඒත් එහි මට තියෙන චරිතය නරක එකක්. ඒ නිසා එය භාර නොගෙන ඉන්න මම තීරණය කළා. මම තනිවුණු කාන්තාවක්. මට ඉන්නෙ දුවෙක්. අප කරන චරිත ඇසුරෙන් සමාජය අප දිහා බලන්න පුරුදුවෙලා ඉන්නවා. එතැනදි මම එවැනි නරක චරිතයක් කළොත්, ඒක මගේ දුවට බලපෑමක් වෙයි කියලා මම හිතුවා.

ඔබ විශේෂයෙන් අපේක්ෂා කරන චරිත තියෙනවද?

මට බොහෝ අවස්ථාවල ලැඛෙන්නෙ බටහිර පන්නයෙ චරිත. ඒක මගේ බාහිර පෙනුමත් එක්ක ලැඛෙන දෙයක් වෙන්න ඇති. ඒත්, මම වේදිකා නාට්‍යවල වෙනස් චරිත රඟපාද්දි, ඒ රඟපෑම බොහෝදෙනා අගයනවා.විවිධ චරිත ලැඛෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. ඒ අතරින් දාමරික චණ්ඩි චරිතයක් රඟපාන්න මම කැමැතියි.

ඔබ ගෙවීගිය හෙට දවස දිහා හැරිලා බලන්න අකමැති කෙනෙක්ද?

අතීතයේ සිදුවීම් බොහොමයක් මම බලාපොරොත්තු නොවුණු දේවල්. මගේ දුවගෙ තාත්තා මට මුණනොගැහුණා නම්, මම අදටත් විවාහක කෙනෙක්. පාසල් කාලයේ මම ප්‍රේම සම්බන්ධයක් පවත්වලා තිබුණෙ නැහැ. ඔහු හමු වුණාට පස්සෙ ඒ ආදරය මහ විශාල දෙයක් විදිහට මගේ ජිවිතයට දැනුනා. මම හැම දෙයක්ම කැප කරලා, ඒ ආදරය මත රැඳුණා. මම ගත්තෙ ඉක්මන් තීරණයක් කියලා මට දැන් හිතෙනවා. මගේ අධ්‍යාපනය, රැකියාව දියුණු කරගෙන, විවාහය ගැන හිතුවානම් හොඳයි කියලා මං හිතනවා.

එක් වෙන්න වගේම වෙන් වෙන්නත් ඔබ ඉක්මන් වුණා කියලා මම පැවසුවොත්?

මම කවදාකවත් වෙන් වෙන්න තීරණය කළේ නැහැ. දික්කසාදය කියන වචනයටත් මම බයයි. ඒත්, වෙන් වෙන්න ඕන වුණේ ඔහුට. මම ඔහුගෙ තීරණයට ඉඩදීලා, බලාගෙන හිටියා.

ඒත්, ඒ තීරණය ඔබට විශාල බලපෑමක් ඇතිවී ඇති හැඩයි?

මම ඒ සිදුවීම නිසා බොහෝ සේ දුක් වින්දා. හිතේ සැනසීම හොයාගෙන ගිහින් යාඥා කළා. පන්සල් ගිහින් දන්න විදිහට බෝධි පූජා තිබ්බා. මට හොඳ යහළුවො පිරිසක් හිටියා. එයාලා නිතරම මා ළඟින් රැ‍ඬෙමින්, මගේ හිත හැදුවා. එදා ජීවිතයේ පතුලටම කඩා වැටුණු මම, දැන් මොන ප්‍රශ්නය ආවත්, වට්ටන්න බැරි තරමට ශක්තිමත්.

ඔබ නැවතත් විවාහ වෙන්න තිරණය කරලා නේද?

දැන්නම් මම තනියෙන් හිටියා ඇති කියලා හිතනවා. ආගමට දහමට ලැදි කෙනෙක් මගේ ජීවිතයට තෝර ගන්න මම කැමැතියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.