Jan 05

තුන්වැනියෙක් ගැන නොහිතා කොහොමද? ඉෂාරා

2011 දී කලා ක්ෂේත්‍රයට ආව ඉෂාරා ඒකාකාරී ජීවිතයකට අකමැතියිලූ‍. ඒ නිසාම ජනප්‍රිය නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක් විදිහටත් කටයුතු කිරීම ඇයට ඇත්තටම සතුටක්ලූ‍.


ඉෂාරා ඇත්තද මේ වසරේ වැඩි කාලයක් රෝහලේ කියන්නේ?

ඔව්, මොකද මම වෛද්‍යවරියක් විදියට මේ අවුරැද්දේ වැඩ පටන්ගත්තා

ඒ කියන්නේ කලාවෙන් ඈත් වෙනවද?

ඈත් නොවුණත් වෙනදා තරම් කාලයක් නම් යොදවන්න බැරි වෙයි

ඔබ සම්මානනීය වුණ අවස්ථා

ඔව්, මට අවස්ථා දෙකකදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබුණා.

ගොඩක් ප්‍රේක්ෂයින් ඔබට ආදරෙයි

ඔව්, මටත් එහෙම හිතෙනවා. ලැඛෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක

ජනප්‍රිය කෙනෙක් වීම තුළ කරදරයට ලක් වුණු අවස්ථා තියෙනවාද?

ගොඩක් කාර්ය බහුල වෙලාවට ලැඛෙන සමහර දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන්න ලැඛෙන්නේ නැහැ. ඒත් මම ආඩම්බර නැහැ. මගේ ප්‍රේක්ෂකයන්ට මම ආදරෙයි.

සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

ආරාධනා කිහිපයක් ලැබුණා. තාම ඒ ගැන කතා කරමින් යනවා. කොහොමත් මේ වසරේදී සිනමාවට සම්බන්ධ වෙන්න ඉන්නවා. ඒ වගේම හොඳ සිනමා නිර්මාණයකට දායක වෙන්න ආසාවෙන් ඉන්නේ.

අපි කතා කළොත් අනුර ගැන. ඔහු හමුවු‍‍ණේ කොහොමද?

හ්ම්ම්... ඔහු හමුවුණේ මේ කලා ක්ෂේත්‍රයේදීම තමා

එයාට කැමති වෙන්න හේතු වුණේ බාහිර පෙනුමද?

ඔව් හැම ගෑනු ළමයෙක් වගේ මම බාහිර පෙනුමටත් කැමති වුණා. ඒ වගේම එයා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් වීම. ඒ විතරක් නෙවෙයි එයාට මාවත් මට එයාවත් තේරැම් ගැනීමට පුළුවන් වීම. මේ හැම දෙයක්ම හේතු වුණා.

ඒ ගත්ත තීරණය ගැන අද මොකද හිතෙන්නේ?

එදාට වඩා අද මම ගත්ත තීරණය ගැන 100ට 200 ක් සතුටු වෙනවා. මම හිතපු ආදරය රුකවරණය, තේරැම් ගැනීම සහ විශ්වාසය උපරිමයෙන්ම ලැඛෙනවා

අනුරට වඩා ඔබ ජනප්‍රියයිනේ?

අනේ... එහෙම කියන්න එපා

නමුත් ඒක නේද ඇත්ත?

ඔව්. එහෙම වුණාට මම කැමති නැහැ එහෙම කියනවාට. මොකද එයා මගේ මහත්තයානේ

ඔබේ ජනප්‍රියත්වය එයා දකින්නේ කොහොමද?

එයා මට වඩා ඒ ගැන සතුටු වෙනවා. මම ඒක දකිනවා.

ඔබ පෙම්වතියගේ චරිත රඟපානවට අකමැති නැද්ද?

මුලදී මටත් ඔය ප්‍රශ්නේ හිතුණා. ඒත් මේ වනතෙක් මට පෙම්වතියගේ චරිත රඟපාන්න එපා කියලා නැහැ. ඉදිරියේදී එහෙම කියයිද දන්නේ නැහැ.

දෙන්නා ජොතිෂ්‍යය විශ්වාස කරනවාද?

එහෙම ලොකුවට විශ්වාස කරන්නේ නම් නැහැ. හැබැයි ඉතින් විශ්වාස කරන් නැත්තෙත් නැහැ.

ජීවිතය ගැන ආපසු හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

සතුටුයි. දුක් වෙන්න කිසිම හේතුවක් නැහැ. නිසි වයස වෙද්දී මට හැමදේම වගේ මම හිතුවටත් වඩා හොඳට කරගන්න ලැබුණා.

දැන්ම තුන්වැනියෙක් ගැන හිතන්නේ නැද්ද?

හිතන්න ඕනේ. මොකද අර මම කලින් කිව්වා වගේ හැමදේම නිසි වයස වෙද්දී සම්පුර්ණ කරගන්න ඕනේ.

දෙන්නාගෙම අනාගත ඉලක්කය?

මායි අනුරයි කතාවෙලා ඉන්නේ අපේම කියලා ව්‍යපාරයක් පටන් ගන්න.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.