Jan 30

මහින්ද යුගයේ බැදුම්කර වංචා සිදුව නෑ විගණකාධිපතිගෙන් රහසේ ඉල්ලූ වාර්තාව

රජයේ විගණකාධිපතිගේ විගණන වාර්තාව සම්බන්ධව මුදල් අමාත්‍යවරයාගේ නොහොබිනා හැසිරිම සම්බන්ධව ප්‍රකාශ කරමින් රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා කල ප්‍රකාශයක් සන්ඩේ ටෛම්ස් පුවත් පතේ සඳහන් වේ.


එතුමා පවසන පරිදි “මම වෛද්‍යවයෙක් වගේ, මට පශ්චාත් මරණ පරික්ෂණය සිදු කොට වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කරනවා. මම වාර්තාව ලබාදීමට කටයුතු කිරිමෙන් පසු එහි අඩංගු කරුණු සම්බන්ධව ඔහුන් සතුටු නොවන අතර ඒ හරහා මගේ වෘත්තීමය ගරුත්වය විනාශ කිරීමට කටයුතු කරනවා යයි පැවසිය.

රජයේ ඉල්ලිම මත මහා බැංකුවේ 2005 සිට 2015 දක්වා සිදු වූ භාණ්ඩාගාර බැදුම්කර පිලිබඳ විගණන වාර්තාවක් ලබාදීමට රජයේ විගණකාධිපතිතුමා විසින් කටයුතු කරන ලදි. එහිදි මුදල් අමාත්‍යවරයා විසින් භාණ්ඩාගාර බැදුම්කර පිලිබඳ විශේෂිත වූ කරුණු 10 ක් සම්බන්ධව කරුණු පරීක්ෂා කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වා තිබු අතර ඒ සඳහා සියලු ලිපිගොනු පරික්ෂාවට ලක් කොට විගණන වාර්තාව පිලියෙල කිරීමට රජයේ විගණන දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදි.

ඒ අතර මුදල් අමාත්‍යවරයා විසින් රජයේ විගණකාධිපතිවරයා අපහසුවට පත් කරමින් අවස්ථාවන් ගනනකදීම සිහි කැදවීම කොට එම කාර්යය නිසියාකාරව කිරිමට ඇති ඉඩකඩ අහුරා ඇති බව එම විගණන වාර්තාවේ පිටු අංක 18 හි 3.6

ඡේදයේ මෙසේ සඳහන් වේ:-

“2008 වර්ෂයේ සිට 2016 දක්වා අවස්ථා 2136 කදි කර තිබු බැදුම්කර නිකුත් කිරිම් වලට අදාළව ප්‍රශ්න දහයට පිලිතුරු සැපයීම සඳහා 1997 වර්ෂයේ සිට ආරම්භ කර තිබු බැදුම්කර නිකුත් කිරිම් ක්‍රියාවලිය පිලිබඳව ගැබුරින් පරීක්ෂා කල යුතු වුවද, මුදල් අමාත්‍යවරයාගේ නොඉවසිලිමත් සහ අචාරශිලිත්වයෙන් තොර සිහි කැදවීම් හේතුවෙන් එවැනි ගැබුරු පරීක්ෂාවන් සඳහා ප්‍රමාණවත් කාලයක් මෙම කාර්‍ය සඳහා යෙදවිය නොහැකි වීම”.

තවද පසුගිය රජය සමයේ නිසි අනුමැතියන් තොරව මෙසේ බැදුම්කර අලෙවි කොට ඇත් ද යන මුදල් අමාත්‍යවරයාගේ පැනයට පිලිතුරු දෙමින් රජයේ විගණකාධිපති නීරික්ෂන ඉදිරිපත් කරමින් සඳහන් කොට ඇත්තේ. වාර්තාවේ පිටු අංක 19 හි 4.1 යටතේ.

VII.හී
“2005 වර්ෂයේ අප්‍රෙල් මස සිට හෝ එයට පෙර කාලයක් සිට 2015 වර්ෂය දක්වාම සaජු ක්‍රමයට බැදුම්කර නිකුත්කර තිබිම සහ එය අවිධිමත් ක්‍රියාවක් බවට අනාවරනය වූ බව සාක්ෂි නොවිම. ඒ අනුව මහා බැංකුව විසින් විධිමත් මුදල් මණ්ඩල අනුමැතියකින් තොරව සaජු ක්‍රමයට බැදුම්කර නිකුත්කර ඇති බව විශ්වාස කිරීමට හේතුවන ප්‍රමාණවත් කරුණු මාගේ අවධානයට ලක් නොවීය.” යන්නයි.

2005 සිට 2015 දක්වා සිදු වූ භාණ්ඩාගාර බැදුම්කර පිලිබඳ විගණන වාර්තාව මෙතනින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.