Jan 02

රෝහිතගේත්, ඇයගේත් හිත අධ්‍යාපනයටයි

රෝහිත රාජපක්ෂ නමැති මේ කඩවසම් තරුණයා ගැන අමුතුවෙන් කිසිදු හැඳින්වීමක් කළ යුතු නොවේ. හිටපු ජනපතිගේ තෙවැනි පුතු වන රෝහිත ගැන මේ දිනවල බොහෝ දෙනා කතා කරන්නේ තරු පිරිවරාගත් දෙරණ ස්ටාර් සිටි වැඩසටහනට ඔහුගේද දායකත්වය ලැබෙන බවට සඳහන් කරමින් මුදාහැර ඇති වීඩියෝව නිසාය.

රෝහිත මෙලෙසින් තරු සහභාගී වන රියැලිටි වැඩසටහනකට දායක වුණේ ඇයි? විටෙක ගායන ශිල්පියෙකු, විටෙක චිත‍්‍රශිල්පියෙකු ලෙසත් අධ්‍යාපනයේදී අභ්‍යාවකාශ ගගනගාමී අංශයේත් නියැලී සිටින රෝහිත මේ සමග රඟපෑමේ විෂයයටත් අවතීර්ණ වේවිද?

 රෝහිත මේ දිනවල වැඩකටයුතු මොන වගේද?

හොඳින් කටයුතු කරගෙන යනවා. වැඩි හරියක්ම කාලය වෙන් කරලා තියෙන්නේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන්. ඒ අතරේ සිංදු කීපයකුත් කළා.

 දැන් ඔක්කොම සිංදු කීයක් විතර නිර්මාණය කරලා තියෙනවද?

මුලින්ම කළේ ”මං මුලාවෙලා”, දෙවැනියට ”ලංවී” සහ ඊලඟට ”මනු ගුණ දම්” අන්තිමට ”කාලයක්” ගීතය කළා.

 මෙයින් වඩා ජනප‍්‍රිය වුණේ?

”ලංවී” ගීතයට වැඩි ප‍්‍රතිචාරයක් ලැබුණා. ”මනු ගුණ දම්” ගීතයටත් හොඳ ඉල්ලූමක් ලැබුණා. ඒ ගීතය තවම නාලිකා ඔස්සේ විකාශය වුණේ නැහැ. යූ ටියුබ් වලට විතරයි තවම මුදා හැරුණෙ. ටී.වී. චැනල්වල ගියාම මීට වඩා ඊට ප‍්‍රතිචාර ලැබේවි.

 මේ ගායන කලාව අතරේ, ඇයි රියැලිටි ෂෝ වලටත් එන්න හිතුණේ?

ඇත්තටම දෙරණ ස්ටාර් සිටි රියැලිටි වැඩසටහනට ඇරයුමක් ලැබුණා. ඒ හන්දා ඒ වෙනුවෙන් පෙර පුහුණුවීම් පවා කළා. නමුත් අධ්‍යාපන කටයුතුවල විභාගයක් වෙනුවෙන් විදෙස් ගත වෙන්න සිදුවුණා. ඒ වැඩසටහන ලබන වසර දක්වාම විකාශය වන නිසා පසුවට ඉඩ අවකාශය ලැබුණොත් ඊට දායක වෙනවා.

 මේ විදියට තවත් නිර්මාණවල රඟපෑමටත් ආරාධනා ලැබෙන්න ඇති?

ඇත්තෙන්ම ආරාධනා නම් ලැබුණා. නමුත් කලා කටයුතුවලට දායක වෙද්දී ඒ වෙනුවෙන් සෑහෙන කාලයක් කැපවී ගත කරන්න වෙනවා. මියුසික් වීඩියෝව කරන්නත් සෑහෙන කාලයක් ගත වුණා. පළමු තැන අධ්‍යාපන කටයුතු නිසා ඔක්කොම බාරගෙන වැඩ කරන්න කාලයක් නැහැ. දැන් මගේ අධ්‍යාපන කටයුතු අංශයේ උපාධිය නිම කිරීම සඳහා තව ටික කාලයක් කැප වෙන්න වෙනවා.

 අභ්‍යාවකාශ - අජටාකාශගාමී අංශයේ උපාධියට අමතරව ඔබ තවත් උපාධියකට ලැහැස්ති වන බව ආරංචියි?

ගගනගාමී අංශය ගැන තමයි මූලිකව හිතන්නෙ. ඊට අමතරව ව්‍යාපාර පරිපාලනමය අංශයේ උපාධියක් වෙනුවෙන් මහන්සි වෙනවා. මේ දිනවල එහි නිබන්ධන කටයුතු වෙනුවෙන් තමයි වෙහෙස වෙන්නෙ.

 ”කලාව” සහ මේ අධ්‍යාපන කටයුතු සියල්ල ඔබට කරන්න පුළුවනිද?

මුලින් කිව්වා වගේ අධ්‍යාපන කටයුතු ජය ගැනීම තමයි මූලික පරමාර්ථය. කාටවත් අභියෝග කරන්න බැරි එකම දේ අධ්‍යාපනයයි. මගේ ආචාර්ය උපාධිය නිම කරලා, ව්‍යාපාර පරිපාලන අංශයේ ආචාර්ය උපාධියක් ලබා ගැනීම තමයි මූලික තැන. අනෙක් සියල්ල දෙවනුවයි. අනෙක වයස්ගතවෙන තරමට අධ්‍යාපනයට හිත යන්නෙත් නැහැ. ඒ නිසා තාරුණ්‍යයේදී අධ්‍යාපනයට මුල්තැන දෙන්නම ඕනෑ. මම දැන් ඒකටම පුරුදු වෙලා.

 ඔබගෙ ගායනා සහ රංගන හැකියාව මෙන්ම කලාව කෙරෙහි වූ ඉදිරිපත්වීම ගැන පවුලේ අය මොනවද කියන්නෙ?

කිසිම දෙයකට බලපෑම් නැහැ. සියලූ දේ වෙනුවෙන් දිරිගැන්වීම් තමයි කරන්නේ.

 දැන් ඔබ කුඩා කාලයේ සිට නිපුණ කළ ”චිත‍්‍ර” අඳින්නේ නැද්ද?

අපෝ තවම ඒ කටයුතු සිද්ධ වෙනවා.

 අධ්‍යාපනය - කලාව අතරේ ”ආදරය” ගැනත් යමක් කියමුද?

විවාහයක් ගැනද අහන්නෙ?

ඇයි විවාහයකට සූදානමින්ද?

අපෝ තවම ඒ ගැන හිතන්නෙ නැහැ. ඇයත් උපාධිය වෙනුවෙන් සූදානම් වෙනවා. මම ඇයවත් අධ්‍යාපනය වෙනුවෙන් දිරිගන්වනවා. උපරිමයෙන් ඉගෙන ගන්න කියලා තමයි මම ඇයටත් කියන්නෙ. කාටවත් මඩ ගහන්න බැරි, කාටවත් එදිරිවෙන්න බැරි, වෛරකරන්න බැරි එකම දේ අධ්‍යාපනයයි.

- සාරවිට
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.