Dec 20

හිස කඳින් වෙන් කර වෙන සිරුරකට බද්ධ කිරීමට යයි (video)

පුද්ගලයෙකුගේ හිසක් වෙන පුද්ගලයෙකුගේ ශරීරයකට බද්ධ කිරීමේ ලොව ප්‍රථම සැත්කම 2017 දෙසැම්බර් මාසයේ දී සිදු කිරීමට වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් සැලසුම් කර තිබෙනවා.

මෙම සුවිශේෂී සැත්කම සිදු කිරීමේ ප්‍රමුඛයන් වන්නේ ඉතාලියේ ස්නායු පිළිබඳ විද්‍යාඥයකු සහ වෛද්‍යවරයකු වන Canavero Sergio ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසිනුයි.

මෙම සැත්කමට භාජනය වීම සඳහා 31 වන වියේ පසුවන රුසියානු ජාතික Valery Spiridonov නම් පරිගණක විද්‍යාඥයකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අතර ඔහු ආබාධිත තත්ත්වයක් නිසා කුඩා කල සිටම රෝද පුටුවක් මත ජීවිතය ගත කළ අයෙකි.

සැත්කම සිදු කිරීම සඳහා 115 දෙනකුගෙන් සමන්විත ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමකට පැය 36 කාලයක් ගතවන බවට ගණන් බලා තිබේ.

මෙහි දී පළමුවෙන්ම සරල ජීවී තත්ත්වයේ පවත්වා ගැනීමේ අරමුණින් රෝගියාගේ හිස සහ දායක කළ ශරීරය 15 0C අතර උෂ්ණත්වයක තැබිය යුතු වේ.

ඉන් පසු ඉතා තියුණු කැපුම් තල යොදාගෙන සුසුම්නාවට හා ගෙල වටා ඇති පටකවලට හානි අවම වන අයුරින් හිස කපා වෙන් කර දායක ශරීරයට බද්ධ කෙරෙනු ඇත.

මෙම සැත්කමෙන් පසු රෝගියා මාසයක පමණ කාලයක් කෝමා තත්ත්වයකට පත් වන බවත් ශරීරය හිස ප්‍රතික්ෂේප කිරීම නැවැත්වීම සඳහා ඖෂධ ලබා දීම සිදු කළ යුතු බවත් වාර්තා වෙනවා.

මෙම ශල්‍යකර්මය මීට පෙර සුනඛයන් යොදාගෙන පර්යේෂණ සිදු කර තිබූ අතර ඒවා සාර්ථක වී තිබේ.

කෙසේ වෙතත් මෙම ශල්‍යකර්මය සාර්ථක වුවහොත් ලොව පුරා ආබාධිත පුද්ගලයන්ට වෙනත් පුද්ගලයන්ගේ සිරුරුවලට හිස සම්බන්ධ කර ගනිමින් නව ජීවිතයක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනු ඇත.

පර්යේෂකයන් පවසන පරිදි අනතුරුවලින් බරපතළ තුවාල ලබා හිස යළි සකස් කළ නොහැකි පරිදි හානි සිදුව ඇති පුද්ගලයන්ගේ සිරුරු මේ සැත්කම් සඳහා යොදාගත හැක.

කෙසේ වෙතත් ඇතැම් විශේෂඥයන් පවසන ආකාරයට මෙහි දී මනුෂ්‍ය ශරීර දෙකක් එකට බද්ධ වීමක් සිදු වෙන නිසා නීතිමය ගැටලු මතු වීමේ අවදානමක් ද පවතියි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.