Dec 16

17 හැවිරිදි සිසුවා පියාගෙන් කෝටි 7 1/2ක් කප්පම් ඉල්ලලා

සිය පියාගෙන් රුපියල් කෝටි 7 1/2ක කප්පම් මුදලක් ලබා ගැනීමට මිතුරන් දෙදෙනකු සමග එක්ව සුදු වෑන් රථයකින් පැහැර ගත් බව සඳහන් කර සැඟවී සිටි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන පාසල් සිසුවෙකු සහ ඔහුගේ මිතුරන් දෙදෙනකුව දංකොටුව ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිය පුතාව සුදු වෑන් රථයකින් පැහැරගෙන ඇති බව සහ ඔහුව නිහස් කිරීමට රුපියල් කෝටි 7 1/2ක කප්පමක් ඉල්ලා සිටින බව සඳහන් කරමින් (13දා) සවස දංකොටුව ‍පොලිස් ස්ථානයට පියෙක් පැමිණ පැමිණිල්ලක් කර ඇත. ගඩොල් සහ උළු ‍පෝරණුවක කළමනාකරුවෙක් ලෙස සේවය කරන එම පුද්ගලයාරගේ බිරිඳගේ පියා ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බව සඳහන්ය.

සිසුවාව පැහැර ගත් බව සඳහන් පුද්ගලයින් කප්පම් ඉල්ලා තර්ජනය කර ඇත්තේ ද එම සිසුවාගේ ජංගම දුරකථනයෙන්මය.

තමාව සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් නිවස අසල ක්‍රීඩාංගණයට යමින් සිටියදී පැහැරගත් බවත් අතපය ගැට ගසා තමාව සිරකරගෙන සිටින බවත් සිසුවා පවසා තිබේ.

වහාම ක්‍රියාත්මක වූ ‍පොලීසිය ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරමින් දුරකථන ජාල පරීක්ෂාවක්ද කර ඇත. එහිදී පෙනී ගොස් ඇත්තේ සිසුවාගේ ජංගම දුරකථනය දංකොටුව අවට ස්ථානයක ක්‍රියාත්මක වන බවයි.

ඒ අතර ‍පොලීසියේ උපදෙස් මත කප්පම් මුදල ඔහුගේ පියා විසින් රුපියල් කෝටි 03 සහ අවසානයේදී ලක්ෂ 3 දක්වා අඩුකරගෙන තිබේ. ඒ අතර පෙරේදා පෙරවරුවේ සිසුවා මිතුරන් දෙදෙනෙක් සමග සිටිනු දුටු බවට ලද තොරතුරක් අනුව ඒ සම්බන්ධයෙන් ‍පොලීසිය සොයා බැලීමේදී හෙළිවන්නේ මිතුරන් දෙදෙනා සමග එදින පෙරවරුවේ ඔහු ඡායාරූපයක් ගෙන එය මුහුණු ‍පොතට ඇතුළත් කර ඇති බවය.

ඒ ඔස්සේ දංකොටුවේ පදිංචි මිතුරන් දෙදෙනාව හඳුනාගත් ‍පොලීසිය රාත්‍රියේම ඔවුන්ගේ නිවෙස්වලට ගොස් ප්‍රශ්න කර තිබේ. එදින පෙරවරුවේ මිතුරාව මුණ ගැසුණු බව ඔවුන් පිළිගෙන ඇති අතර පැහැර ගැනීම ගැන කිසිවක් නොදන්නා බව කියා ඇත.

(14දා) අලූ‍යම 4.00ට පමණ සිසුවාගේ පියා ‍පොලීසියට දුරකථන ඇමතුමක් දෙමින් සඳහන් කර ඇත්තේ දරුවා නිවසට පැමිණ ඇති බවය. තමාව පැහැර ගත් අය දංකොටුව මොරුක්කුලිය ප්‍රදේශයේ පැරණි තෙල් මෝලක සිරකර සිටි බව එහිදී සිසුවා ‍පොලීසියට පවසා තිබේ. තමාව ගැටගසා සිටි බව එහිදී ඔහු කීවත් දෑතේ් ගැටගැසීමක සලකුණු නොතිබුණු බැවින් ‍පොලීසියට යම් සැකයක් ඇති වී ඇත. තෙල් මෝලට ගොස් පරීක්ෂා කිරීමේදීද එහි ලණු ‍පොටවල් කිහිපයක් තිබි හමුවී ඇත.

සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන බැවින් වැඩි වෙහෙසට පත්නොකර ඔහුට ඊයේ විභාගයට පෙනී සිටීමට ‍පොලීසිය අවස්ථාව ලබා දුන්නද ඔහු විභාගයට පෙනී සිට නැත. අනතුරුව ඔහුගෙන් සහ මිතුරන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී සැලසුම් සහගතව පැහැර ගැනීම රඟපා ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව දංකොටුවේ කටුකෙන්ද මැදිකැ‍ලේ සහ මෝරුක්කුලිය යන ප්‍රදේශවල පදිංචි 19 හැවිරිදි මිතුරන් දෙදෙනාව මුලින් අත්අඩංගුවට ගෙන ඇත. එම සිසුන් දෙදෙනා පෞද්ගලික පාඨමාලා හදාරන සිසුන් බව ‍පොලීසිය කියයි. අනතුරුව ‍පොලීසිය සිසුවාවද අත්අඩංගුවට ගෙන තිබේ.

‍පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකු පවසා ඇත්තේ ඉකුත් 13 දින ක්‍රීඩා පිටියෙන් ඉවත්ව ගොස් තිදෙනා මත්පැන් පානය කළ බවත් ඉන් අනතුරුව පාසල් සිසුවා අධික ලෙස මත් වී ඇති බවත් පසුව ඔහුගේ අත් පා බැඳ පැර‚ තෙල් මෝල ප්‍රදේශයට ගොස් රාත්‍රිය එහි ගත කළ බවත්ය.

(14දා) අධ්‍යාපන ‍පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පෙනී නොසිට මග හැරීම සඳහා පාසල් සිසුවා කළ කූට උපක්‍රමයක් බව ද ‍පොලීසිය මෙහිදී සැක කෙරේ.

නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් වන චම්පික සිරිවර්ධන, වෙන්නප්පුව සහකාර ‍පොලිස් අධිකාරී දේශප්‍රිය ජයසේකර මහතාගේ උපදෙස් මත දංකොටුව ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක එච්.එල්. දුෂ්මන්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

පාසල් සිසුවා සහ සැකකාර තරුණයන් දෙදෙනා (15දා) දින මාරවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.