Dec 20

තුර්කියේ රුසියානු තානාපති වෙඩි තබා ඝාතනය කරන සම්පුර්ණ විඩියෝව

කලාගාරයක් තුළ පැවති  ඡායාරූප ප්‍රදර්ශනයකට සහභභාගී වී සිටි තානාපතිවරයා  පැමිණ සිටි පිරිස අමතා දේශනයක් පවත්වමින් සිටියදී මෙලෙස වෙඩි තබා ඝාතනය කරන අයුරු දැක්වෙන දර්ශන විදෙස් මාධ්‍ය පළ කර තිබේ.

දර්ශනවලට අනුව සැකකාර පොලිස් නිලධාරියා හොඳින් හැඳපැළඳ සිටින අතර වෙඩි තැබීමෙන් පසු පිස්තෝලය ද අතැතිව ප්‍රකෝප ලෙස අදහස් පළ කරනු දැක ගතහැකි ය.


ඝාතනයට සම්බන්ධ නිලධාරියා ඇන්කරාහි කැරළි මර්දන පොලිසියේ 22 හැවිරිදි මෙව්ලට් මර්ට් අයිඩින් ලෙස හඳුනා ගෙන තිබේ.

කෙසේ වෙතත් මොහු කිසියම් ත්‍රස්ත සංවිධානයකට සම්බනධයක් ඇත් ද යන්න සම්බන්ධයෙන් කරුණු හෙළි වී නොමැත.

තානාපතිවරයාගේ ඝාතනය සිදුව ඇත්තේ, සිරියාවේ ඇලැප්පෝ නුවර ප්‍රහාර සඳහා රුසියාවේ මැදිහත්වීම සහ රුසියාව සිරියානු ආණ්ඩුවට සහය දැක්වීමට එරෙහිව පැවති උද්ඝෝෂණයෙන් දිනකට පසුව ය.

තුර්කි ජනාධිපති රිසෙප් තායිප් ඒඩගොන් දුරකතනය ඔස්සේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අමතා තිබේ.

එහිදී මෙම සිදුවීම ප්‍රකෝපය නිසා සිදු වූ සිදුවීමක් බවට දෙපාර්ශවය එකඟ වී තිබේ.

එමෙන් ම මේ හරහා කිසියම් පිරිසකට දෙරට අතර පවතින හොඳ හිත පළුඳු කිරීමට තැත් දරා ඇති බව ත් එහෙත් එම අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බවටත් ප්‍රකාශ වී ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා රුසියානු විමර්ශකයින් කණ්ඩායමක් තුර්කියට පැමිණීමට නියමිත ය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රුසියානු තානාපතිවරයාගේ ඝාතනය තරගයේ හෙළා දැක ඇති අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් පවසා ඇත්තේ, තේරුමක් නැති ත්‍රස්ත ක්‍රියාවක් බව ය.

ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්සිස් හෝලන්ඩ්, ආමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි, එක්සත් ජනපද විදේශ ලේකම් බොරිස් ජොන්සන්, ජර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය තෝමස් දි මෙයිසියර් ඇතුළු බොහෝ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් තානාපතිවරයාගේ ඝාතනය හෙළා දැක තිබේ.

62 හැවිරිදි කාලොව් තානාපතිවරයා රුසියානු ප්‍රවීන රාජ්‍ය තාන්ත්‍රයෙකු ලෙස සැලකෙන කාලොව් මීට පෙර තවත් රටවල් කිහිපයක ම රුසියානු තනාපති ලෙස ද සේවය කර තිබේ.

(මෙම වීඩියෝ පටයේ සංවේදී දර්ශන අතුළත් හෙයින් කම්පනයට පත් වන්නන් එය නැරඹීමෙන් වළකින්න)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.