Dec 23

ඊයේ 152 පනී ඩොලරය ඉදිරියේ ඉතිහාසයේ වැඩිම බාල්දු වීම

ඇමරිකානු ඩොලරය ඉදිරියේ ශ‍්‍රි ලංකා රුපියල ඉතිහාසයේ වැඩිම බාල්දු වීම වාර්තා කරමින් ඊයේ දිනයේ ඩොලරයක් රුපියල් 152 සීමාව ඉක්මවීය.

ඊයේ දිනයේ දී ඩොලරයේ විකිණුම් අගය දැක්වුණේ රු. 152.12ක්‌ ලෙසයි.

බැංකුවලටද දැඩි ඩොලර් හිගයක් ඇති බව බැංකු ක්‍ෂෙත‍්‍ර ආරංචි මාර්ග පවසද්දී මුදල් ඇමැතිවරයා පවසන්නේ කිසිදු ඩොලර් හිඟයක්‌ නැති බවකි.

නව රජය බලයට පත් වූ 2015 ජනවාරියේදී ඩොලරයක විකුණුම් මිල දැක්වුනේ රුපියල් 133ක් ලෙසයි. ඒ අනුව දෙවසරක කාලය ඉක්ම යන්නටත් පෙර ඩොලරයක් රුපියල් 20කින් ඉහල ගොස් තිබේ.

පසුගිය මහින්ද රාජපක්‍ෂ පාලනය ආරම්භ වූ 2005 වසරේ අවසන් භාගයේදී ඩොලරයක් පැවතියේ රුපියල් 102 සීමාවේය.

එනම් රාජපක්‍ෂ යුගයේ වසර 09 කදී රුපියල් 30කින් අවප‍්‍රමාණ වෙද්දී යහපාලන යුගයේදී දෙවසරකින් රුපියල් 20කින් අවප‍්‍රමාණය වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.