Dec 11

ඔබේ දෛවය තීරණය කරන මේ වසරේ අවසන් ග්‍රහ මාරුව

තවත් අවුරුද්දක්‌ නිම වෙමින් පවතී. ගතවූ කාලය පුරා ග්‍රහ මාරු රාශියක්‌ සිදුවූ අතර ඊට ගැළපෙන ලෙසම රටේ හා ජනතාවගේ සුබපල හා අසුබපල අපට දක්‌නට ලැබිණ. මේ අනුව වසර නිමවෙන්නට ආසන්න අන්තිම සති දෙකේ සිදුවන ග්‍රහමාරු ගැන විමසා බැලීමට මේ ලිපිය යොදා ගනිමු.

කුම්භ ලග්නය හිමි ලංකා කේන්ද්‍රයේ දැනට දොළොස්‌වැන්නේ ගමන් කරන කුජ දෙසැම්බර් මස 11 වැනිදා ලග්නයට මාරුවෙයි. කුජ යනු ග්‍රහලොවේ සෙන්පතියා වෙයි. හේ මෙතෙක්‌ දොළොස්‌වැන්නේ ගමන් කළ කාලය රටපුරා වර්ජන තර්ජන ඇතිවූ බවත් එය කුජගේ ස්‌වභාවය බවත් කිව යුතු වේ. මේ ලිපිය ලියන්නේ පත්‍රය නිකුත්වීමට සතියකටත් පෙර වන අතර උක්‌ත කලබල නිමාවන බවක්‌ නොපෙනේ. රටපුරා ජනතාව අතර උද්ඝෝෂණ කලබලකාරී හැසිරීම් පමණක්‌ නොව ගැටුම් හා ලේ වැගිරීම් පවා ඇති වීමට ඉඩ තිබේ. කෙසේ නමුත් ලග්නයට පැමිණිම නොවන්නේ පොලිසිය හා හමුදා බලය මතින් මේ තර්ජන මැඩ පවත්වන බවයි. ජනවාරි මස 20 දින දක්‌වා කුජ ලග්නයේ ගමන් කරනු ඇත.

සිකුරු ග්‍රහයාද දෙසැම්බර් 20 දින ලග්නයට මාරුවන අතර කුජ සිකුරු සංයෝග වීම අතිධාවන කාම යෝගයකි. මේ නිසා කාමාපරාධ ගැනද අසන්නට ලැඛෙනවා ඇත. යහපත් කාන්තාවන්ට සිදුවන අතවර ගැන කනගාටුදායක සිදුවීම් අසන්නට ලැබේ.

තවදුරටත් අටවැන්නේ ගමන් කරන ගුරු රජයට දැරීමට සිදුවන අධික වියදම් පෙන්වයි. රාජ්‍ය ආදායම්වලට බාධා මෙන්ම වියදම් ඉහළ යැමද පූජ්‍ය පක්‍ෂයට, භික්‍ෂුන් වහන්සේලාට අපලද මෙයින් පෙනේ. දියවැඩියාව, කොලස්‌ටරෝල් වැනි රෝගාබාධ බහුලව දක්‌නට ලැබේ. අන්තවාදී මුස්‌ලිම් සංවිධානවල කුමන්ත්‍රණ තවදුරටත් පවතින බව රාහු හත්වැන්නේ සිට නිවේදනය කරයි. මෙම තත්ත්වය තවදුරටත් පවතී. ඉතා වැදගත් වන්නේ රවි මාරුවයි. දෙසැම්බර් 15 දිනට රවි මෙතෙක්‌ ගමන් කළ වෘශ්චික රාශියේ සිට ධනු රාශියට මාරු වනවා ඇත. ජනවාරි 14 දින දක්‌වා රවි ධනුවේ ගමන් කරන අතර එය කෝණ මාසයක්‌ වශයෙන් හැදින්වේ. ධනු කෝණ මාසයයි. කෝණ මාසයකදී විවාහවීම් හා ගෙවල් සෑදීම් සුබ නොවන බව ජ්‍යෙතිෂ මතයයි. මේ අනුව දෙසැම්බර් 15 ත් ජනවාරි 15 අතර කාලය විවාහ මංගල උත්සව පැවැත්වීමට හා මුල්ගල් තැබීම් ගෙට ගෙවැදීම් ආදියට සුබ නොවේ. පහත ස`දහන් පැර‚ ජන කවියෙන් මේ බව කියාපායි.

කෝනේ කන මගුල් තුලා කාටත් සකි පල නොදේවි
පානේ තෙල් ඇතත් තිරය එළිය නොදී අ`දුර දේවි
මූනේ සහ ඇෙඟ් සැටියෙන් අසරණ බව පෙනී යාවි
හීනේකින් දුටු දේටත් මේ මස තුළ පල නොදේවි

මේ අනුව වසර අග යෙදෙන මෙම කෝණ මාසය තුළ විවාහ මංගල උත්සව පැවැත්වීම සුබ නොවන බවත් ඒවා ජනවාරි 14 දිනට පසුව යොදා ගැනීම උචිත බවත් දන්වමු.

රවි, සිකුරු හා කුජ යන ග්‍රහයන්ගේ මාරු නිසා ජනතාවටද විවිධ බලපෑම් ඇතිවනු වැළැක්‌විය නොහැක. මේ අනුව උපන් ලග්නවලට මෙම ග්‍රහමාරු නිසා උදාවන සුබාසුබ සලකා බලමු.

වසර අවසානයේ ග්‍රහ මාරු ඔබට

මේෂ - මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රවල රවි නමවැන්නටද කුජ හා සිකුරු එකොළොස්‌වැන්නට ද මාරුවීම තරමක්‌ දුරට සුබදායක බව පෙනේ. දරුවන් පිිළිබ`දව තිබූ ගැටළුවලට විසඳුම් ලැබේ. ශරීර සෞඛ්‍යය පිළිබඳ තත්ත්වය යහපත් වේ. ආගම දහමට හිත යොමුවේ. උසස්‌ ගුරුවරුන් හෝ පූජ්‍ය පක්‍ෂයේ උතුමන්ගේ ඇසුර ලැබේ. උසස්‌ අධ්‍යාපනය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ බාධා ම`ගහැරේ. විදේශ ගමන්වලට පහසුකම් සැලසේ. පෙම් සබ`දතා ස්‌ථීර වේ. මේ අතර මිතුරු මිතුරියන් සමඟ සතුටින් කාලය ගත කිරීමට අවස්‌ථා උදාවේ. සහෝදරයන්ට සුබදායක වේ. බිරිඳ හෝ සැමියාට සුබයි. ආදායම් සතුටුදායක වේ. කෙසේ නමුත් සෙනසුරු ඒරාෂ්ටක අපලය පවතින බැවින් සේවක ගැටලූ‍ හා සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලූ‍ ඇතිවීමටද ඉඩ තිබේ. සෙනසුරු දශා ගතකරන අය ග්‍රහ ශාන්ති කර්ම කර ගැනීම මැනවි.

වෘෂභ - ඔබේ කේන්ද්‍රයේ ලග්නාධිපති සිකුරු හා කුජ දහවැන්නේද රවි අටවැන්නේද ගමන් කරයි. උත්සාහය ධෛර්යය වැඩි වේ. රැකියා හා ව්‍යාපාර මිශ්‍රපලදායක වේ. බිරිඳ හෝ සැමියාගේ තනතුරුවල උසස්‌වීම් ලැබීමට හේතුයි. නමුත් ජනවාරි 5 දක්‌වා ගතවන කාලය ශරීරයේ ඌෂ්ණාධික රෝගාබාධවලට හේතුයි. රුධිර ධාවනය පිළිබඳ දෝෂ, හෘදයාබාධ ඇති අය විශේෂයෙන් ප්‍රවේශම් විය යුතු වේ. නීතිමය ගැටළුවලට මැදිහත් නොවීමට වගබලා ගන්න. පියාටද අපල කාලයකි. රැකියා හෝ ව්‍යාපාර අංශවලට බලපාන උසස්‌ කෙනකු අමනාපවීමට ඉඩ තිබේ. ඌෂ්ණාධික ආහාර ගැනීමද උෂ්ණාධික පරිසරයද අගුණයි. දේශපාලන කටයුතුවල යෙදෙන අය ප්‍රවේශම් විය යුතු කාලයකි. රවි දශා ගතකරන අයට අපල ද අන් අයට මිශ්‍රපල ද ලැඛෙනවා ඇත.

මිථුන - ඔබේ කේන්ද්‍රයේ රවි, බුධ හත්වැන්නේද කුජ, සිකුරු නමවැන්නේද ගමන් කරයි. විවාහ ගැටලූ‍ මතුවීමට ඉඩ තිබේ. විවාහ මංගල කටයුතු වලට සුබ නොවේ. යටිබඩේ ඌෂ්ණාධික රෝග ඇති වීමට ඉඩ තිබේ. බිරිඳ හෝ සැමියා සමඟ අමනාපකම් මතභේද ඇති වීමට ඉඩ ඇති නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. ප්‍රසිද්ධ සතුරන්ගෙන් තර්ජන එල්ලවිය හැකි කාලයකි. පදිංචිය හෝ ඉඩකඩම් පිළිබඳ ආරවුල් ඇතිවීමටද ඉඩ තිබේ. මේ අතර අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට කරුණු යෙදේ. පිංකමකට සහභාගී වේ. දුර වන්දනා ගමනක්‌ යෙදීමටද ඉඩ තිබේ. මෙම මාසය නිවාස ඉදිකිරීම් කටයුතුවලටද සුබ නොවේ. වියදම් ඉහළ යනු ඇත. රවි දශා විශේෂයි. ආගමික ජීවිතයක්‌ ගත කරන්න.

කටක - ඔබේ කේන්ද්‍රයේ රවි හය වැන්නේද, කුජ සිකුරු අටේද ගමන් කරන කාලයකි. සතුරන්ගෙන් පීඩා ඇති වේ යෑයි බියක්‌ ඇති වේ. එහෙත් සතුරු කරදරවලින් ජය ලැඛෙනු ඇත. උදරාබාධ, රුධිරය විෂ වීමේ රෝගාබාධ හා ඌෂ්ණාධික රෝගවලට ඉඩ ඇති නිසා ප්‍රවේශම් වන්න. කෙසේ නමුත් මේ සියලූ‍ බාධක ජය ගැනීමට හැකියාව ලැබේ. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලබා ගැනීමට ද පහසුකම් සැලසේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්‌ විම් ලැබීමට ද හේතුයි. අනුන්ගෙන් ගෞරව සැලකිලි ලැබිය හැකි නායකත්ව ගුණාංග ඉස්‌මතුවන කාලයක්‌ වේ. ප්‍රිය සම්භාෂනවලට සහභාගී වීමටද කරුණු යෙදේ. ආදායම් සතුටුදායක වේ. නමුත් හදිසි අනතුරු හා කළකෝලාහවලට මැදිහත් නොවීමට සැලකිලිමත් වන්න. කුජ දශා ගතකරන අයට තරමක්‌ අපලයි. අන් අයට මිශ්‍රපලදායකයි.

සිංහ - සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති රවි බුධ සමග පස්‌ වැන්නේ ද කුජ හා සිකුරු හත්වැන්නේ ද ගමන් කරයි. ඔබට දරුවන් වෙනුවෙන් අමතර වෙහෙසක්‌ දරන්නට සිදුවනවා ඇත. මේ අතර දරුවන් හෝ ශිෂ්‍යයන්ගේ මුරණ්‌ඩු හෝ අහංකාර ගති නිසා සිත් තැවුල්ද ඇතිවීමට හේතුයි. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කළ යුත්තේ ප්‍රවේශමිනි. හිතේ චංචල බව නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වීමට හේතුයි. පෙම්වතුන්ටද තරමක්‌ අපලයි. බිරිඳ හෝ සැමියා සමග අමනාපකම් ඇතිවීමට ද ඉඩ තිබේ. මේ අතර ආදායම් පිළිබ`දවද තරමක සතුටුදායක බවක්‌ද පෙන්වයි. ස්‌ත්‍රී පක්‍ෂය සමග කටයුතු කරන විට ප්‍රවේශම් විය යුත්තේ එයින් අපකීර්තියට පත්වීමට කරුණු යෙදිය හැකි බැවිනි. විවාහ සහකරුට ද අපල පෙන්වයි. මංගල යෝජනාවලට සුබ නොවේ.

කන්‍යා - ˜‍කන්‍යා ලග්න හිමියන් ගේ ලග්නාධිපති බුධ සමග රවි හතරේද කුජ හා සිකුරු හයවැන්නේ ද ගමන් කරමින් සිටී. ගෘහ ජීවිතය මිශ්‍රපලදායකයි. පවුලේ දියුණුවට කරන කටයුතු ගැන වැඩි අවධානයක්‌ යොමුවේ. කල්පනා ශක්‌තිය වැඩිවේ. නිවසේදීම කරන ශාස්‌ත්‍රීය කටයුතු හා ස්‌වයං රැකියා සාර්ථක කරගත හැකි වේ. මව්පියන් ගැන වැඩි සැලකිල්ලක්‌ යොමුවේ. මේ අතර විභාගවලින් සමර්ථ වේ. යහපත් උගත් අයගේ ඇසුර ලැබේ. මේ අතර රවි හතරවැන්නේ ගමන් කරන නිසා ගෘහ නිර්මාණ කටයුතුවලට සුබ නොවේ. සිත් තැවුලක්‌ ඇතිවීමටද ඉඩ තිබේ. ඉඩම් ගෙවල් පිළිබඳව නීතිමය ගැටලූ‍ ඇතිවීමටද ඉඩ කරුණු යෙදිය හැකියි. පවුලේ වැඩිහිටියකුට අපලයි. විදේශ ගමන්වලට බාධා පවතී. සිකුරු දශා ගතකරන අයගේ වටිනා භාණ්‌ඩයක්‌ නැතිවීමට ඉඩ තිබේ. ණය ගැනීමට සුදුසු කාලයක්‌ නොවේ.

තුලා - රවි තුන්වැන්නේද කුජ හා සිකුරු පස්‌වැන්නේද ගමන් කරන මෙම කාලය තුළ උත්සාහය ධෛර්යය වැඩි වේ. අසල්වාසීන් සමඟ සුහදතාව වර්ධනය වේ. ප්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් යෙදේ. රාජ්‍ය අංශයේ සහයෝගය ලැබේ. නීතියේ පිහිට ලැබේ. නඩුවලින් ජය අත්වේ. සහෝදරයන්ට සුබයි. ලිපි ලේඛන හා නීතිමය ලියකියවිලිවලට අත්සන් තැබීම සුබයි. ආදායම් සතුටුදායක වේ. සමාජයේ පිළිගැනීම හා ගෞරවය ලැබේ. සතුරු කරදර වලින් ජය ලැබේ. අමුතුවෙන් වැඩ කටයුතු ආරම්භ කිරීමට සුදුසු කාලයකි. පෙම් සබඳතා හෝ මංගල යෝජනා ස්‌ථීරවීමට කරුණු යෙදේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ලොතරැයි ජයක්‌ ලැබීමටද ඉඩ තිබේ. දරුවන්ට සුබයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකියි. විභාගවලින් සමර්ථ වේ. උදරාබාධවලින් ප්‍රවේශම් වන්න. පෙම් සබ`දතා ඇති කර ගැනීමේ දී දුරදිග බලන්න.

වෘශ්චික - රවි දෙවැන්නේ ද කුජ හා සිකුරු හතරවැන්නේ ද ගමන් කරමින් ගතවන මෙම කාලය මිශ්‍රපලදායක බව පෙනේ. සතුරු කරදර නිසා හිතට බියක්‌ ඇතිවීමට ඉඩ තිබේ. ඉක්‌මනින් කේන්ති ගැනීම නිසා පවුලේ සමගියට බාධා ඇති විය හැකියි. කේන්තිය පාලනය කර ගැනීම හා ඉවසීමෙන් ඛෙහෝ ගැටලූ‍ ම`ගහරවාගත හැකිවේ. අධ්‍යාපන කටයුතුවලට ද මේ කෝපය බලපානු ඇත. මේ අතර නිවසේ ප්‍රියසම්භාෂනයක්‌ පැවැත්වීමටද හේතුයි. වාහන ගණුදෙණුවක්‌ද සිදුවිය හැකියි. ස්‌ත්‍රී පක්‍ෂයේ ඇසුර නිතර ලැබේ. අලූ‍ත් අදහස්‌ ඇතිවේ. රාගාධික බවක්‌ ඇතිවීමටද පුළුවන. දේපළ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. බිරිඳ හෝ සැමියාට සුබයි. අඹුසැමි සබන්ධතා වර්ධනය වේ. ව්‍යාපාරවලින් ලාබ ලැබේ. එහෙත් මේ කාලය ඇතුළත පවුලේ වියදම්ද ඉහළ යනවා ඇත. තත්වය රැකගැනීම සඳහා අමතර වියදම් කිරීමට කරුණු යෙදේ. වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වන්න.

ධනු - රවි ලග්නයේද කුජ හා ශුක්‍ර තුන්වැන්නේ ද ගමන් කරමින් මේ කාලය ගතවේ. සහෝදරයන් සමඟ සම්බන්ධතා අලූ‍ත් වේ. චිත්ත ධෛර්ය හා උත්සාහය වැඩිවේ. අසල්වාසීන්ගේ හොඳ හිත වර්ධනය වේ. රැකියා අංශවලද සතුටුදායක බවක්‌ පෙන්වයි. තනතුරේ හෝ තත්ත්වයේ උසස්‌වීම් වලටද කරුණු යෙදේ. හිතේ සතුට ඇතිවේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. ස්‌වයං රැකියා වලට ශ=භයි. ව්‍යාපාරවලින් විශේෂ ලාභ ප්‍රයෝජන ලැඛෙන කාලයක්‌ වේ. සැප පහසු ලෙස කාලය ගත වනවා ඇත. ක්‍රීඩකයින්ට හා සෞන්දර්ය අංශයට අදාල කටයුතු කරන අයට සුබපලදායකයි. මේ අතර හිසේ හෝ ඇස්‌වල ඌෂ්ණාධික රෝග තත්ත්වයන් ඇතිවීමටද ඉඩ තිබේ. උසස්‌ කෙනෙකු අමනාප විය හැකියි. පියාට අපලයි. ආගම දහමට හිත යොමුවන කාලයකි. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.

මකර- රවි දොළොස්‌වැන්නේද කුජ හා සිකුරු දෙවැන්නේද ගමන් කරන මෙම කාලය මිශ්‍රඵලදායක බව පෙනේ. ඉඩම් ගෙවල් හා පදිංචිය වෙනුවෙන් වියදම් ඉහළ යනවා ඇත. ආදායම්වලටද තරමක බාධා ඇතිවේ. හිසේ හෝ ඇස්‌වල රෝගද දන්තාබාධද ඇතිවීමට ඉඩ ඇත. කතාව නිසා අමනාපකම් ඇතිවිය හැකියි. දුරදිග බලා කතා කිරීමට වගබලා ගන්න. කෙසේ නමුත් ආදායම්ද සතුටුදායක තත්වයක පවතී. විනෝදය වෙනුවෙන් කරන වියදම් පාලනය කරගන්න. තමාගේ වටිනා දෙයක්‌ නැතිවීමට ඉඩ ඇත. එයද තමාගේ ළඟම නෑයෙකු කරන සොරකමක්‌ විය හැකියි. වාහන අලූ‍ත්වැඩියාවන්ට යන වියදම් ඉහළ යයි. පදිංචිය පිළිබඳ ආරවුලක්‌ද ඇති විය හැකියි. ඌෂ්ණාධික රෝග ඇතිවේ. නීතියේ පිිහිට බලාපොරොත්තු විය නොහැකි කාලයක්‌ නිසා නීතිමය ගැටලූ‍ වළක්‌වා ගන්න. අනපේක්‍ෂිත බාධා ඇතිවිය හැක.

කුම්භ - රවි එකොළහේද, කුජ හා සිකුරු ලග්නයේද ගමන් කරමින් උදාවන මේ කාලය තරමක්‌ සුබදායක බව පෙනේ. උසස්‌ මිතුරන් හදුනාගැනීමට අවස්‌ථා උදා වේ. රැකියා ලාබ ලැබේ. තනතුරු හා තත්ත්වයේ උසස්‌වීම්වලට හේතුයි. හිත මිතුරන්ගේද, සහෝදරයන්ගේද උදව් උපකාර ලැබේ. අවිවාහක අයට මංගල යෝග යෙදේ. පෙම් සබඳතා හෝ මංගල යෝජනා ස්‌ථීර වේ. හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබේ. වාසනාව උදාවේ. අලූ‍ත් අදහස්‌ ක්‍රියාත්මක කිරීමට හා අලූ‍ත් වැඩ ආරම්භයට සුබ කාලයක්‌ වේ. ආදායම් සතුටුදායක වේ. කරන වැඩවල සතුටුදායක ප්‍රතිඵල ලැබේ. ප්‍රිතිඋත්සව මංගල අවස්‌ථාවලට සහභාගී විමට ඉඩ ලැබේ. පින්කමකට සහභාගී වීමටද කරුණු යෙදේ. අසල්වාසීන් හා සහෝදරයන් සමග සතුටින් කාලය ගතවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකියි. නිවසට අලූ‍ත් ගෘහ භාණ්‌ඩ ගැනීමටද තෑගි බෝග ලැබීමටද හේතුයි. කාන්තා පක්‍ෂයේ ඇසුර වැඩියෙන් ලැඛෙන කාලයකි.

මීන - රවි දහවැන්නේද කුජ හා සිකුරු දොළහේද ගමන් කරමින් වසර ගෙවී යනවා ඇත. මේ කාලය තුළ රැකියා හා ව්‍යාපාරවල බලාපොරොත්තු ඉටුකර ගත හැකිවේ. තනතුරු ලාබ ලැඛෙන කාලයක්‌ වේ. විදේශ ගමන්වලට තිබූ බාධක ඉවත් වේ. උසස්‌ අයගෙන් උදව් උපකාර ලැබේ. පියාගේ දේපළ ලැඛෙන කාලයකි. පියාටද සුබයි. රැකියා වෙනස්‌ වීමක්‌ ඇතිවුවද එය සිදුවන්නේද සුබවාදී ලෙසය. තමන්ගේ තත්ත්වය ඉහළ යයි. නායකයකු ලෙස අනුන් අතර පිළිගැනීමක්‌ ඇති වේ. බලාපොරොත්තු ණය මුදලක්‌ ලබාගත හැකිවේ. සතුරන් ගෙන් ජය ලැබේ. අසනීප සුව අතට හැරේ. මේ අතර සහෝදරයකු වෙනුවෙන් අමතර වියදමක්‌ දරන්නට සිදුවෙනවා ඇත. අසල්වැසියකු අමනාප වීමටද ඉඩ තිබේ. පවුලේ කටයුත්තක්‌ වෙනුවෙන් අමතර වියදමක්‌ දරන්නට සිදුවේ. තැන්පත් මුදලක්‌ වැය වීමටද කරුණු යෙදෙනවා ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.