Dec
26
පෙම්වතා ගායකයෙක් ජනප්‍රිය නළුවෙක් එක්‌ක ජනවාරියේ පැරිස් යනවාලු
ටීනා තවමත් මුල්තැන දෙන්නේ නිරූපණයටද?
අපොයි නැහැ. රංගනයටත් මුල්තැන දීලා තියෙනවා. චිත්‍රපට දෙකකට දායකවෙලා ඉන්නේ.
දේදුනු ආකාසේ චිත්‍රපටයේ වැඩකටයුතු ඉවරද?
තවම නැහැ.

රිදී තිරයේ මුලින්ම පෙම් කරන්න ලැබුණේ කාටද?
හේමාල් රණසිංහට තමයි මම තිරයේදී මුලින්ම පෙම් කළේ. මම විතරක් නෙමෙයි චුලක්‍ෂිටත් ඒ අවස්‌ථාව උදාවුණා. අපි දෙන්නා හරි ලකී ඒ වගේ නළුවෙක් එක්‌ක රඟපාන්න ලැබීම ගැන. ප්‍රියන්ත අයියා වගේ කෙනෙක් එක්‌කත් වැඩකරන්න ලැබීම ගැන සතුටුයි.
ඔබේ ඊළඟ චිත්‍රපටය ලව් ඉන් පැරිස් නේද?
ඔව්. ලබන ජනවාරියේ එහි රූගත කිරීම් ආරම්භ වෙනවා.
ලව් ඉන් පැරිස්‌හි පෙම් කරන්න වෙන්නේ ධනුකට?
රිදී තිරයේ දෙවැනි පෙම්වතා ධනුක.
සිනමාවේ දී ධනුකත් එක්‌කත් වැඩකරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ ?
මම ඇත්තටම ලකී. ජනප්‍රිය නළුවො දෙන්නෙක් එක්‌ක වැඩකරන්න ලැබීම ගැන සතුටුවෙනවා. හේමාල් වගේම ධනුක කියන චරිත දෙකට ගොඩක් දෙනෙක් කැමැතියි.
ධනුකත් එක්‌ක පැරිස් යන්න හදනවා කියන්නේ ඇත්තද?
ලබන ජනවාරි මාසේ 10 වැනිදා තමයි ලව් ඉන් පැරිස් චිත්‍රපටයේ රූගත කිරීම්වලට දායකවෙන්න තිබෙන්නේ. ධනුකට මේ දවස්‌වල ටිකක් කාර්යබහුලයි. ඒක හින්දා බලන්න ඕනෑ කවදා විතර රූගත කිරීම්වලට සම්බන්ධවෙනවාද කියලා. මගේ විතරක් නෙමෙයි අනෙක් නළු නිළියන්ගේ දිනවකවානු එහෙම සොයා බලලා තමයි රූගත කිරීම්වලට දායකවෙන්නේ.
නිරූපිකාවක් විදිහට ආපු ටීනා නිළියක් වෙන්නද සූදානම?
මගේ ලොකු කැමැත්තක් තියෙනවා නිළියක් වෙන්න. හැබැයි ටෙලිනාට්‍යවලට නම් කැමැති නැහැ. චිත්‍රපටවලටතමයි වැඩිපුර කැමැති. නිරූපණය වගේම සිනමා රංගනයෙන් තමයි ඉදිරියට යන්න හිතාගෙන ඉන්නේ.
ටෙලිනාට්‍ය නිළියක් වෙන්න කැමැති නැහැ ?
මම ඇත්තටම ටෙලි නාට්‍ය නිළියක් වෙන්න කැමැති නැහැ. ආරාධනා හරියට ලැබෙනවා. ඒ එන හැම ආරාධනාවක්‌ම ප්‍රතික්‌ෂේප කළා. තවම ලොකුවට අදහසක් නැහැ.
නිරූපණයෙන් ජාත්‍යන්තරය ජයගන්න හදපු උත්සාහයට මොකද වුණේ ?
ඇත්තටම ඒක නම් ඒ රටේ ප්‍රශ්නයක් හින්දා ප්‍රමාද කරලයි තියෙන්නේ. තවම හරියටම දිනයක් නියම කරලා නැහැ. වෙලාවකට තියෙනවා කියනවා, නැහැ කියනවා. මම දැන් ඒ තරගය ගැන අවධානය යොමුකරලා නැහැ.
ජාත්‍යන්තරයට යන්න ගිය සිහිනය බොඳවුණාද?
මට ජාත්‍යන්තරයට යන්න බැරිකමක් නැහැ. මොකද ලංකාවේ කිහිපදෙනෙක් මාව නොමිනේට් කරලා යන්න කතාකරලයි තියෙන්නේ. මම එහෙම යන්න කැමැති නැහැ.
ටීනා සිනමාවට එන්නේ චුලක්‍ෂි එක්‌ක. ටීනාට චුලක්‍ෂිව අභියෝගයක් වෙයිද?
චුලක්‍ෂිට තියෙන දක්‍ෂතාව වෙනස්. අපි දෙන්නාගේ විවිධාකාර පෙනුමක් තියෙන්නේ. මගේ දක්‍ෂතාවන් වෙනස්. අනික මට ලොකුවට කවුරුවත් අභියෝගයක් වෙන්නේ නැහැ. චුලක්‍ෂි මායි අතරේ එහෙම තරගයක් නැහැ. සහයෝගයක් වැඩකරගෙන යනවා.
ටීනාට විලාසිතාවලට සීමාවන් තියෙනවාද?
නැහැ. මම ඇත්තටම ලස්‌සනට අඳින්න කැමැතියි. මොඩ්ල් කෙනෙක් නිසා විලාසිතා මගේ ශරීරයට අවශ්‍ය දෙයක්.
ටීනා බිකිනි ෂූට්‌වලට යනවාද?
බිකිනි ෂූට් කරලා තියෙනවා. ඒවාගේ පින්තූර මම අන්තර්ජාලයට ඉදිරිපත් කරලා නැහැ. ඒවා පෞද්ගලිකව ළඟ තියාගෙන තියෙන්නේ. මගේ ඉදිරි වැඩකටයුතුවලට අවශ්‍ය වෙන නිසා. ඒ වගේ ෂූට් කරනවා අඩුයි.
පසුගිය දවස්‌වල ආදරයෙන් පැරදුණා කියන්නේ ඇත්තද?
මම කවදාවත් ආදරයෙන් පැරදුණේ නැහැ. මට ඕනෑ තරම් රසිකයෝ ආදරය කරනවා. පසුගිය දවස්‌වල මගේ තිබුණ ආදර සම්බන්ධතාවය නැතිව ගියා. අපි දෙන්නා අතර වාදයක් ඇතිවෙලා ඒක අවසන් කළා. දැන් මට අලුත් කෙනෙක් ඉන්නවා.
පෙම්වතා නිරූපණ ශිල්පියෙක් කියන්නේ ඇත්තද?
නිරූපණය ශිල්පියෙක් නෙමෙයි. ඒ කතාව සම්පූර්ණ වැරදියි. කවුද දන්නේ නැහැ ඔය කියන කෙනා. මම සාමාන්‍යයෙන් මගේම ක්‍ෂේත්‍රයේ කෙනෙක් එක්‌ක ආදර සම්බන්ධයක් පවත්වන්න කැමැති නැහැ. මට ඉන්නේ යාළුවෝ විතරයි.
එතකොට පෙම්වතා නළුවෙක්‌ද?
එයා වෙනම ක්‍ෂේත්‍රය කෙනෙක්. එයා ගැන දැන්ම කතා කරන්න ඕනෑ නැහැ.
එහෙනම් එයාගේ ජොබ් එක කියන්න?
එයා ඉතිං සින්දු කියන කෙනෙක්. දැනට ඔය ඇති.
පෙම්වතා ගැන එක වතාවක් මාධ්‍යයට කියලා මට්‌ටුවුණ හින්දා ආපහු කියන්නේ නැතිද?
අනේ නැහැ. එහෙම දෙයක් නෙමෙයි. මම සාමාන්‍යයෙන් කියනවා. දැනට තවම ඒ ගැන කතා කරන්න වුවමනා නැහැ කියලයි මට හිතෙන්නේ.
යුගන්ති යශෝධරා